ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව එම පක්ෂයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන බව තහවුරු කළ බව එජාප දේශපාලන ආරංචි කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව එම පක්ෂයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන බව තහවුරු කළ බව එජාප දේශපාලන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයාන් -ජන 8 මිනිස්සු ඡන්දෙ දුන්නේ සිරිසේන මහත්තයට ඒ ජා පෙ ට නෙමේ. එ්ක වරදවා තේරුම් අරන්ගෙන සිහින දැක දැක ඉන්න. අපි එන්නම් අගෝස්තු 18 උදේ හොඳේ.(නදී)
අන්න එයා 62 හොයාගෙන ගිහින්. අනෙත් අයත් යන්නකෝ එහෙම අපේ 58 හොරකම් කරන්න හදන්නේ නැතුව මහත්තුරු වගේ. (නදී)
දර්ශන-ගල්ලෙන බිඳ දඩයම් බැරි අනාත අය එලියට යනවා. සිංහයෝ යන්නේ නැහැ දඩයමට ලැහැස්ති වෙනවා. ඔයා පව් අනේ. (නදී)
අනිත් අයත් එජාපයට ගියාම ඡන්ද දායකයන්ට අැත්ත තත්වය තවත් පැහැදිලි වේවි. ශ්‍රීලනිපය පිරිසිදු වේවි. (නදී)
රටට ආදරේ කරන මිනිසුන්ද, බලයට කෑදර මිනිස්සුද වැඩියෙන් හොඳ කියල හිතලා ඡන්දෙ දෙන්න බැරි තරම් මේ පුංචි දිවයිනේ මිනිස්සු මෝඩ නැහැ කියල මෙවරත් අපුරුවට පෙන්නලා දෙයි (නදී)
සිරිවිකුම් ඔයාගේ ප්‍රතිතාරය හරියටම හරි මෙවර එජාපෙ පරද්දවන්න වෙන විකල්පයක් නැහැ. (බ)
බන්දු - ඔව් දැන් ඉතින් දේශපාලන නරුමයන්ට දිය හැකි එකම පිළිතුර අලියා වටේ එක්වීමයි. අලියට දෙන්න හිතහදාගන්නම බැරි කෙනෙක් සිටීනම් හොරු වෙනුවෙන් හොරු රැල පරද්දන්න ඊළඟට කළ යුතු දේ ජවිපෙ වටේ එක්වීමයි. (බ)
අනිත් 34 ත් ගියානම් එක්සත් ජාතික පක්ෂය ගොඩ (බ)
ජිනා මැඩම් ගේ හම් සාප්පුවට ගිය අය තමා හිටපු ලොක්කාට කරන්නේ, දයාසිරි කියන්නේ හොඳ මිනිහෙක්, ජෝන්සෝන් කියන්නේ සුරා වෙළෙන්දෙක්. අගෝස්තු 18 මේ රටේ විප්ලවයක් වෙනවා. අලියා මේ රටේ සියලුම ජාතීන් එකතු කොට රජයක් පිහිටුවනවා ඉර නැගෙනහිරින් පායනවානම් සත්තයි. එතකොට මහින්ද ඇතුළු උප්පරවැට්ටි කරුවන් ගෙදර යා යුතුයි. රටට ජහපතක් වේවා. දුෂිතයින් වැනසේවා.(බ)
ජනවාරි 8 සිංහලයෝ සහ ශ්‍රී ලාංකිකයෝ පැරදුනා. ඉන්දියාව සහ සුද්දෝ තාවකාලික ජයක් ලැබුවා. මේක ඉතිහාසෙත් යම් අවස්ථාවල සිද්ද වුනා. ඉදිරියෙදිත් වෙයි. එත් 2015 අගොස්තු 17. එහෙම වෙන්නේ නැහැ . නිල්, කොළ , රතු කන්නාඩි ගලවමු. (බ)
ඇත්තමයි අර එස් . බි , රාජිත , මර්වින් , දුමින්ද වගේ අය යන්නේ කවද්ද ? (බ)
ජයවේවා....(නදී)
අපේ රටේ මිනිස්සු දැන් ඉතින් හුරේ දානවා. අන්න හරි එ්ක හොඳයි කියා. මේ මිනිස්සු දන්නේ නැහැ මුන් පනින්නේ (ගෙම්බෝ වගේ) රටේ යහපතට නොවන බව. මේ රට කවදත් හදන්න බැහ.(නදී)
අනුකම්පා කරන්න. ගිය පාරත් මෙයා අමාරුවෙන් අාවේ.(නදී)
එක අතකට යන එකම තමයි හොඳ. ගිහින් ටික දවසක් යනකොට තමා ගත් තීරණය පිළිබඳව පසුතැවෙන්න වේවි (නි)
අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)
පිල් මාරු කරන අයට අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියයල මම නම් කිව්වේ නැහැ.(නදී)
තවත් අවස්ථාවාදියෙක් (නදී)
මෙයා කලින්ම යන්න හිටියේ . පරක්කු වී හෝ චුත වීම අපමණ සතුටක්.(නදී)
අනේ අර කියවන මැෂිමත් අරගෙන යන්නකෝ (නදී)
මේකේ කොමෙන්ට් දාන හුගක් අය හිතන්නේ මහින්ද පැරදුනේ ඇමරිකාව, ඉන්දියාව නිසා කියලා. නැහැ මහින්ද පැරදුනේ මහින්දගේ සහ පවුලේ අයගේ නරක නිසා. එ්කට අනුන්ට ඇඟිල්ල දික් කරලා හිත හදාගෙන වැඩක් නැහැ. 18 වෙනිදා උදේටත් වෙන්නේ ඕකම තමයි. 08 වෙනිදට වැඩිය 17 වෙනිදා කුජිත වෙනවා (නදී)
නාවින්න මහතා හොඳ සිංහලයෙක්. අපි සුළු ජාතීන් සමග මෙදා බල ගතු ආණ්ඩුවක් පිහුටුවනවා. මේ රට සිංහල, දෙමල, මුස්ලිම් බර්ගර් සියල්ලන්ටම අයිතයි. රටට ජාතිවාදය එපා. අලියා වටා එකතු වෙමු. (නදී)
ගිය එකම තමයි හොඳ (නි)
උඩ ඉඳලා පහළට පනින්නේ ගෙම්බෝ නොවෙයි හම්බාවොනේ! (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
එහෙනම් එයත් ගියා? (නි)
ලොකු දෙයක්. ඕකට ඉතුරු කට්ටියත් ගන්න. චම්පික මහත්තයා හිටපුවාවේ. ඒ මනුස්සයට ඔලුවක් තියනවා (නදී)
මමත් කුරුණෑගල ඡන්ද දායකයෙක් ඒක නිසා දන්නවා. මෙච්චර කලක් ඇමතිකම් කලා පක්ෂෙට වත් රටට වත් කිසිම වැඩක් කලේ නෑ. (නදී)
ඔන්න එහෙනම් වැඩ පටන්ගත්තෝ......! (නි)
ලොකු උදවුවක් අපිට කරන්නේ. (නි)
වයස අසුවෙන්වත් දේශපාලකයන් විශ්‍රාම යන්න නීති සම්මත කරගන්න ක්‍රමයක් නැහැනේ. (නි)
ඒක එයාගේ පුද්ගලික කැමැත්තනේ! (නි)
පනින්න කීයක් ගත්තද?අපරාදේ මෙයාට ඡන්ද 100 වත් ගන්න පුලුවන්ද?(නදී)
හිටියත් වැඩක් නැහැ (නදී)
අද ඉන්නෙ ජනතාව ගැන නොසිතන තමන් ගැන හිතන දේශපාලනඥයින්. ප්‍රතිපත්ති නොව පුද්ගලවාදය දේශපාලනය කර ගැනීම තරම් දේශපාලන අණුවනකමක් තවත් නැහැ. (නි)
අපිට ඕන කපටි නායකයන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්. තම පක්ෂයේ ඉන්න වැඩකල හැකි මිනිසුන්ව ඉදිරියට දමන නායකෙක් තමා රටට ඕනා. කරු තමා දැනට ඉන්න හොඳ කෙනා. (නදී)
අන්න නියමයි. ජයවේවා! (නි)
දේශපාලන සටකපටිකමින් අගතැන්පත් අය පසුපස නොදැන ගිය උදවිය අනාතයි. (නි)
නිදහස් පක්ෂයේ ඉතුරු වෙලා ඉන්න මහත්තුරු ටික මේ පැත්තට ආපුවහම හොරු ටික එතනෝල්, කුඩු මුදලාලිලා ටික විතරක් ඉතුරු වෙයි. මෙයද රටට අහිතකරය. (නදී)
ජුලම් පිටිය මහත්තයෝ..මහින්ද මහත්තය සන්ධානෙන්ම එනවා කියල අහල අන්න අලියා ඉසඩ් ඩී ඇලට පැනල සිය දිවි නසා ගන්න.. බොහොම අමාරුවෙන් වන ජීවි එකෙන් බේරා ගත්තේ..(නදී)
යහපාල මහත්තයෝ, මහින්ද මහත්තය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවෙයිද එන්නේ?(නදී)
කුරුණෑගලින් වැල ඕපන් වෙලා වගේ.(ම)
ජයවේවා..(නදී)
ගිය පාරත් ලිස්ට් එකේ අන්තිමට අවේ.පරදින බව දැන ගෙන කොහෙන් ආවත් පරදිනවා (ම)
මෙයාට ඡන්ද පදනමක් නැහැ. පරණ වුණාට, පරිණත කමක් නැහැ. මෙවර ඡන්දෙනුත්, පරදිනවා. (ම)
නාවින්න මැතිදුට ජය .ජය .ජය ජයවේවා ..!!(නදී)
එක්කෙනෙක් ගියෝ (නදී)
ජය වේවා! (නදී)
දැන් ඉතින් දේශපාලන නරුමයන්ට දිය හැකි එකම පිළිතුර අලියා වටේ එක්වීමයි. (නදී)
නෝනා වෙන්න ඕන යන්න කියන්න ඇත්තේ. (නදී)
සල්ලිත් අරන්ද පැන්නේ ? (නදී)
ඔන්න පටන් ගත්තා. දැන් ඉතින් අපිට නිව්ස් කට්ටියගේ පැනිලි ගැන විතරයි (නදී)
" මම අාවේ වැටුන අලියා නැගිට්ටවන්නයි" එහෙත් පිල් මාරු කරන ගෙම්බෙක් නෙමෙයි හොදේ . (නදී)
ජයවේවා. (නදී)
බැස යන සඳ දෝතින් වලකාලන්න බැහැ (නදී)
මහින්ද යු.එන්.පී එකට ගියොත් ඇරෙන්න, වෙන මොන මහත්තයා ගියත් යු.එන්.පී මෙදා ගොඩ ගන්න බෑ. (නදී)
ගොන් වැඩක් (නදී)
මෙයාගේ වයස දැන් අවරුදු 69 මස 04 යි. දැන් ඉතින් පිනක් දහමක් කර ගත්තොත් හොඳයි (බ)
තීරණයට හේතුව වැටහෙන නමුත් මෛත්‍රීපාල ජනතිපතිතුමා ගත්ත ඉතා අපහසු තීරණය ගැනත් සිතන්න තිබුනා. ඉස්සර විදියට ඕන ඕන දේ කරන්න පැමිණෙන කිසිම අගමැති වරයෙකුට නොහැකි බව මගේ හැගීම වන අතර ජනපතිගේ තීරණයට වර්තමාන රජයේ අගමැති ක්‍රියා කලාපය හේතු වෙන්න ඇති බව හොඳින් බැලු විට පෙනී යයි. මිනිසුන් ඉල්ලා සිටි වැදගත්ම පනත් දෙකක් (තොරතුරු දැන ගැනීමේ පනත ඇතුළුව) සම්මත නොවන තත්වයට ගෙන එ්මට වර්තමාන රජයේ අගමැතිවරයා ක්‍රියා කල ආකාරය තුල ජනපතිගේ පක්ෂය ජය ගැනීම හරහා ඔහුට අවශ්‍ය යහපාලන ව්‍යූහයක් ගෙන ඒමට හැකිවන බව ඔහුට සිතෙන්න ඇත. තවද පසුගිය රජයේ සිදු වූ මහා පරිමාණ හොරකම් ගැන සෙවීමෙන් වැලකි(හොඳම උදාහරණය තමයි ක්‍රිෂ් ගනුදෙනුව ) රුපියලක් නැති වෙච්ච සිදුවීම් ගැන අවදානය යොමුකර තම පාක්ෂිකයන්ට තාවකාලික වින්දනයක් ලබා දීමේ අරමුණකින් ක්‍රියා කල ආකාරය මගින්ම පෙනී යන්නේ මේ රජය කිසි දිනක පෙර වැරදි වෙනස් නොකරන බවයි (නදී)
සිරිවිකුම්, ජනවාරි 6 ට ඉස්සෙල්ලත් කට්ටිය තිතාගෙන ගණන් හිලව් හැදුවෙත් ඔහොමයි. 9 වෙනදා එළිවෙනකොට කෙලවෙලා. හා හා හා.. බලමු 58 ලක්ෂයෙන් කීයක් මේ පාර ඉතුරුවෙයිද කියලා. (නදී)
ඔන්න මම ගල්ලෙන බිංදා. දැන් කට්ටිය එලියට එන්න නාවින්න මැතිඳුනි ජයවේවා.(නදී)
අනේ අර එස් බි දිසානායක වත් අරගන්න කෝ.(නදී)
මෙහාට ඡන්ද 100 වත් නැහැනේ. (නදී)
ජිවත් වෙලා ඉන්නකල් බඩ ගෝස්තරේ හොයා ගන්නත් එපායැ. (නදී)
සිරි විකුම් එහෙමද හිතාගෙන ඉන්නේ ඒ ඔයාට වැරදුන තැන.(නදී)
ඔන්න පලවෙනි ගෙම්බා.(නදී)
වාසල, අද ජනාධිපතිතුමා මාතරදී කල කතාවේදී රනිල් අගමැතිතුමා ගැන කරන ලද ප්‍රකාශයෙන් ඔබේ අදහස නිකන්ම අවලංගු වෙනවා. (නදී)
එක්සත් ජාතික පක්ෂය රටේ අභිමානයයි (නදී)
දැන් නම් එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද පදනමක් නැහැ යු.එන්.පී ජාතික ලැයිස්තුවෙන් එන්න බලන්න (නදී)
කුරුණෑගල ඡන්ද පදනම හොල්ලන්න බෑ මෙයා ගියා කියලා. ඔක්කොම වැඩ කාරයෝ ටික මහින්ද ළඟ. දයාසිරි, ජොන්ස්ටන්,ටී බී, කුරුනෑගල හොල්ලන්න දෙන්නේ නෑ. තවත් දේශපාලන අනාථයෙක් බිහිවුනා. මෙයා කොහොමත් මහින්දට විරුද්ධ අයෙක්. වැඩ බැරි නාකි මිනිස්සු එලවල දැන් තරුණ අයට ඒ තැන දෙන්න පුළුවන්. (නදී)