එතෙර ගමන් යන රජයේ නිලධරයන්ගේ ඉල්ලුම්පත්වලට අගමැති අනුමැතිය ලැබිය යුතු බව දැන් පවත්වන නීතියයි.
මේ සඳහා තම කාර්යාලයට අවශ්‍ය පහසුකම් නැතැයි රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී පැවසීය. වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය වූයේ එම නිලධරයා අයත් අමාත්‍යංශය එම ඉල්ලුම්පත්‍රය ගැන නිර්දේශ කිරීම සුදුසු බවයි.
මුඛරිකමේ දක්ෂයකු වන ඇමැති එස්.බී.දිසානායක නැගී සිටියේය. අගමැතිට ඒ කාර්යය බාරදී ඇත්තේ ඇයි දැයි ඔහු ප්‍රශ්නයක් ඇසුවේය. ඊට උත්තරයක් ද දුන්නේය. ඔහුගේ උත්තරයෙන් ඇමැතිවරු බඩ අල්ලාගෙන සිනාසුනහ.
හිටපු අගමැතිතුමාට වැඩ නැති නිසා එම කාර්යය ඔහුට පවරා ඇතැයි එස්.බී ඇඟට පතට නොදැනී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මෙයාව පාර්ලිමේන්තු යැවුවේ. අපිනම් යැවුවේ නැහැ. (ර)
හිනාවෙන්න නෙවේ, අඬන්න ඕන වෙලාවක් මේක (බ)
මේ කතාවට අපිටත් හොඳටම හිනා (නි)
අපි නම් කැමතියි අපේ ඇමතිවරු කියන බුද්ධිමත් දේකට. (කෞ)
මොනවද මේ කතා? ආයතන සංග්‍රහයේ මේක තිබෙන්නේ අනාදිමත් කාලයක සිට නේද? (නි)
ඒ කතාවෙත් නැත්තක් නැහැ නොවැ? (කෞ)
ඒ අගමැති යටතේ හිටපු ඇමති කෙනෙක්ම ඒක කියපු එක ගොඩක් හොදයි. (කෞ)