එස්. ඕ. එස්. ශ්‍රී ලංකා ළමා ගම්මානයේ 35 වෙනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා එස්. ඕ. එස්. ළමා ගම්මාන ජාත්‍යන්තර සභාපති සිද්ධාර්ත් කෝල් මහතා සහ එහි ආසියානු නියෝජ්‍ය ලේකම් ජනරාල් ශූභා මූර්ති මහත්මිය බ්‍රහස්පතින්දා (5) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ එස්. ඕ. එස්. ළමා ගම්මාන හයක් පිළියන්දල, ගාල්ල, නුවරඑළිය, මොණරාගල, අනුරාධපුර සහ යාපනය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ. එම ගම්මානවල වෙසෙන කුඩා මෙන්ම යොවුන් දරුදැරියන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සුවිශේෂී සංස්කෘතික ප්‍රසංගයක් එස්. ඕ. එස්. 35 වන සංවත්සරයට සමගාමීව මෙම 7 වෙනිදා පස්වරු 6 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බැව් එස්. ඕ. එස්. ළමා ගම්මාන ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ ආනන්ද කරුණාරත්න මහතා පවසයි.
එස්. ඕ. එස්. ළමා ගම්මාන ජාත්‍යන්තර සභාපති සිද්ධාර්ත් කෝල් මහතා සහ එහි ආසියානු නියෝජ්‍ය ලේකම් ජනරාල් ශූභා මූර්ති මහත්මිය මෙම සංවත්සර සැමරුම් ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වන අතර එස්. ඕ. එස්. ශ්‍රී ලංකා ළමා ගම්මාන සන්නාම තානාපතිවරුන් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම හා ජනප්‍රිය නිළි පූජා උමාෂංකර් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වීමට නියමිතය.
එස්. ඕ. එස්. ළමා ගම්මාන ව්‍යාපෘතිය 1981 වසරේදී මෙරටට හඳුන්වා දී තිබේ. ලොව රටවල් 134 ක මෙම ළමා ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසක් එහි රැකවරණ ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd