( උපාලි ආනන්ද )
මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගි ජීප් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්.ලොක්කා ලබන 23 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (9) නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි රවී තරංග අධිකාරි නැමැත්තා දැඩි ඇප කෙන්දේසි මත මුදා හැරිමටද නියෝග කෙරිණ.
සිද්ධිය සමිබන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
ජීප් රථයක් පැහැර ගැනීම සහ ජීව අත් බෝම්බයක් ළඟ තබා ගැනීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.
ඔහු කරාටේ ක්‍රීඩක වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගරගතව සිට මහාධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු සමගම මොහුව හුරතල් කරන දේශපාලකයෝත් රිමාන්ඩ් කරන්න.. නැත්නම් මේ කරදරයෙන් නිදහසක් නැත.