අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට එස්. එස්. සී., හලාවත මේරියන්ස්, එන්. සී. සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. අවසන් පූර්ව තරග හෙට (14) එස්. එස්. සී. පිල සහ හලාවත මේරියන්ස් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී ද, එන්. සී. සී. පිල සහ කෝල්ට්ස් පිල අතර තරගය පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ද, පැවැත්වේ. අවසන් මහා තරගය මේ මස 17 වැනිදා පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. පළමු වටයේ අවසන් තරගයේදී බ්ලූම්ෆීල්ඞ් පිල මේරියන්ස් පිල හමුවේ ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 18 ක පරාජයක් ලැබීම නිසා අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථාව අහිමිවිය. එම ජයග‍්‍රහණයත් සමග මේරියන්ස් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙමින් අවසන් පූර්ව තරගයට පැමිණීයේය. පළමු වටයේ අවසන් තරගයේදී එන්. සී. සී. පිල වෙනුවෙන් විශිෂ්ට ශතකයක් රැස්කළ ආරම්භක පිතිකරු යොහාන් ද සිල්වා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. යොහාන් එහිදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලකුණු 107 ක් රැස් කළේය. යොහාන් මේ වන විට ඉනිම හතරකදී ශතකයක් සමගින් සාමාන්‍ය 49.5 ක් රදවා ගනිමින් ලකුණු 198 ක් රැස් කිරීමට සමත්ව සිටියි.
2025 නොවැම්බර් මස 04
632
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එස්. එස්. සී. මේරියන්ස් එන්. සී. සී. කෝල්ට්ස් සීමිත ඕවර ක‍්‍රිකට් අවසන් පූර්ව සටනට පිවිසෙති
මාක් නවයන්ජන Tuesday, 13 December 2011 09:14 PM
සුභපැතුම්