යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා පූගොඩ මහේස්ත්‍රාත් ඉන්දිකා කාලිංගවංශ මහත්මිය විසින් මාර්තු 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
බියගම විලේජ් හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙම සිද්ධියට සම්බන්ධ බව පෙන්වීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ක්ලේමෝ බෝම්බය හා අත්බෝම්බ දෙක මඩකලපුවේ එස්ටීඑෆ් කඳවුරක තිබූ අවි බවත්, ඒකාලයේ එම කඳවුරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ඔහු ක්‍රියා කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
බියගම හෝටල හිමිකරුගේ සැබෑ ඝාතකයා වසන් කිරීම සඳහා බොරු සාක්කි නිර්මාණය කිරීමට වෙනත් තරුණයකුගේ නිවස ආසන්නයේ එම පුපුරණ ද්‍රව්‍ය වලදමා ඇතැයි ද, එම තරුණයා අපරාධකරුවකු බව පෙන්වීම සඳහා බියගම හෝටල හිමිකරුගේ පුත්‍රයාට එම පොලිස් අධිකාරීවරයා විසින් එම පුපුරණ ද්‍රව්‍ය දී ඇති බව පෙනේයැයි ද පීඩාකාරී ආයුධ පනත යටතේ ඔවුනට යෝදනා ගොනු කරන බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල පොලීසියට නම් යහපාලනේ රඟ පේනවා වගේ. කොහොම උනත් මේ ඝාතනය ගැන විස්තර කලින් ප්‍රචාරය වී තිබුණා. ලංකාවේ පොලීසිය අහිංසකයෝ කීදෙනෙක් මේ විදිහට දඩුකදේ ගහල ඇතිද කියල හිතෙනවා. කොහොම උනත් ඉහළම අයගේ ඉදල නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන්. පොලිසියේ අයට රාජකාරිය නීතියේ හැටියට කරන්න හිතන්න වෙයි මේකෙන් (නදී)
හොදම වැඩේ තමයි මේ අයව හම ගහන්න ඕනේ. පොලිස් කියන නමත් අරහන් අපට (නදී)
ඔය සෙල්ලම එදා ඉදන් සිදු වෙච්ච දෙයක්, පොලිස් සේවයට සැමදා වැඩි නරක, අඩු හොද. (ර)
ඔය සෙල්ලම එදා ඉදන් සිදු වෙච්ච දෙයක්. ඔය ඕක ඔප්පු උන එක අවස්තාවක්. පොලිස් සේවයට සැමදා වැඩි නරක ,අඩු හොද (නදී)