(අතුල බණ්ඩාර,දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරයෙකුට නොදුන හොත් ජනතාව සමග පළාත් සභාව වටලන බව අනුරාධපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.
“උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කේ.එච්.නන්දසේන මහතා එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු පළාත් සභාව තුළ විශාල අර්බුදයක් ඇතිවී තිබෙනවා .
නන්දසේන මහතා ඉවත් කිරීමෙන් පසු ප‍්‍රවාහන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා ඊට විරෝධය පළ කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා.මිට අමතරව පළාත් සභාවේ සිටින වත්මන් මැති ඇමතිවරුත් යම් යම් තින්දු ගැනිමට තිරණය කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ දිස්ත‍්‍රික් නායකයා වන මා සමග සාකච්ඡා කිරිමට පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රිවරුන් වගේම ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත‍්‍රිවරු මාගේ නිවසට පැමිණියා.
“ඒ අනුව පළාත් සභාවේ මන්ත‍්‍රිවරුන් 33දෙනාගෙන් බහුතරයක් ස්වාධිනව කටයුතු කිරිමට ඉල්ලිමක් කළා.ස්වාධීනව සිටීම පමණක් නොවෙයි. බහුතරයක් සිටින එම මන්ත‍්‍රිවරුන්ගෙන් මහ ඇමතිවරයෙක් පත් කරන්නත් තීරණය කළා.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුවත් ප‍්‍රාජාත‍්‍රන්වාදය අනුවත් පාර්ලිමේන්තු ක‍්‍රමය සභා පළාත් සභා ක‍්‍රමය අනුවත් බහුතරයක මන්ත‍්‍රිවරුන්ගේ කැමැත්තට අගමැති විසින් මහ ඇමති පත්කළ යුතුයි.
ඒ අනුව අපි ඉතාම කෙටි කාලයකින් පළාත් ආණ්ඩුකාරවරයාට මන්ත‍්‍රිවරුන්ගේ අත්සනින් ලිඛිතව ඉල්ලිමක් කරනවා මහ ඇමති ධුරය ලබාදෙන ලෙසට.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉඳගෙනමද පළාත් සභාවේ බලය අල්ලන්න හදන්නේ...?
පක්ෂේ නායකයෝ අවුරුදු ගණනාවක ඉඳන් පක්ෂේ විනයට එරෙහි සාමාජිකයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ.. හැමෝම ප්‍රසිද්ධියේ පක්ෂ නායකත්වය අභියෝග කරන්න පැකිලෙන්නේ නැහැ. මෙම වාතාවරණය තුල මේ වැඩේ කරන්න අමාරු වැඩකුත් නොවේ...
එහෙනුත් බලය අල්ලන්න...මෙහෙනුත් බලය අල්ලන්න.... දඟලනවා. තවත් අය බලය රැකගන්න හදනවා. පක්‍ෂය ගැන, බලය ගැන හිතනවා ඇරෙන්න 'රට' කියන වචනය වැරදිලාවත් මේ අයට කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලකයා කියන්නේ වෙනස්ම කොට්ඨාශයක් නිසා වෙන්න ඇති. ඒ අයත් අපිවගේ නම් රට ගැන කැක්කුමක්-හැඟීමක් තියෙන්න ඕනනේ.
නියමයි..... පුදුම දේවල් තමයි සිද්ධ වෙන්නේ...
ඒකාබද්ධ විපක්ෂේ කියල ලියාපදිංචි පක්ෂයක් නොමැති බවත්, එ්නිසා එහෙම මහා ඇමති කමක් ගන්න බැරි බවත් මෙතුමා තාම දන්නේ නැහැ.
හරිම අපරාධයක් තමා දැන් රටට වෙලා තියෙන්නේ. අවුරුදු දෙකක් තියෙද්දී ඡන්දය තියල ලොකු වියදමක් දැරුවා. මොකක් හරි වෙලා මේ කට්ටිය පත්වුණා. අපරාදේ ඡන්දය නොතියාම සල්ලි වියදම් නොකරම ඒ කට්ටිය ඔය අවුරුදු දෙකත් ගියානම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. කවුරු හරි දින්නන්න පරදින්න ඕන. පරදින්න අකමැතිනම් නොතියා ඉන්න තිබ්බා. ඡන්දෙ දීපු බහුතරය ඒවාට විරුද්ධ බවක් පේන්නෙත් නැති එකේ මොකක් හරි වෙන්න කියලා ඒගොල්ලන්ටම රට පාලනය දුන්නනම් හොඳයි. එ් කියන්නේ ඒගොල්ලෝ රට පාලනය කලොත් හොඳින් රට දුවාවි...!!!
අගමැතිතුමාට පුලුවන්ද චීෆ් මිනිස්ටර් පත්කරන්න?
මාවිල් ආරු ගොවියන්ගේ වගා විනාශ කරපු එකට වන්දි මුදල් දෙන්න නොතේරෙන මේලෝකේ දෙයක් නොදන්නා අයට ඡන්දය දෙන උදවියට කුමක් හෝ වෙන්න බැරි නෑ...
වැරදි කරපු අයට නිසි දඬුවම් නොදී කල් ඇද ගෙන යනකොට ආණ්ඩුවට ඔය විපක්ෂේම දඬුවම දෙයි...
අප්පොච්චට වෙච්ච දේ තමයි ඉතින් වෙන්නේ!
කාටත් අවශ්‍ය බලය පමණයි. බොරු කියා මහජනයා රවටනවා.
මමත් ඉල්ලා අස්වී පොහොට්ටුවෙන් මෙම ප්‍රදේශයේ බලය අල්ලනවා. ඔබට ජය. අපිට අවශ්‍ය බලය පමණයි.
බලය බලය බලය අයියෝ... අපිට ඕනේ වැඩ වැඩ වැඩ...