
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ , එවරස්ට් කදු පංතියේ " කලපතාර් " ( Kalapatthar Peak ) කදු මුදුන තරණය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද 23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සවිනිදු හසරංග , එම විද්‍යාලයයේ බාලදක්ෂ සමූහයේ සාමාජිකයෙකි . ඔහුගේ පියා වන දිනේෂ් ජයවර්ධන එම විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙකි.
ඔවුන් මෙම කදු තරණය කිරීම සඳහා ඉකුත් 04/05 දින ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබූ අතර 04/12 දින මුහුදු මට්ටමේ සිට මීටර් 4,600 ක උසකින් යුතු " අමාඩබ්ලම් " ( Amadablam ) කදු මුදුන තරණය කර තිබේ .
ඉන් අනතුරුව මුහුදු මට්ටමේ සිට මීටර් 5,080 ක උසකින් පිහිටි " නාගරගස්චූන් " ( Nangkartshang Peak ) කදු මුදුන 04/13 දින තරණය කර තිබේ.
ඉන්පසුව 04/15 දින මුහුදු මට්ටමේ සිට මීටර් 5,364 ක උසකින් පිහිටි " එවරස්ට් මූලික කදවුර " ( Everest Base Camp ) වෙත පැමිණ තිබේ .
ඔවුන් 04/16 දින මුහුදු මට්ටමේ සිට මීටර් 5,550 ක උසකින් පිහිටි " කලපතාර් " කදු මුදුන තරණය කිරීමට සමත්ව තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd