නේපාලයේ එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වු ජයන්ති කූරුඋතුම්පාල 37 මෙනවිය කත්මන්ඩු නුවර සිට සිය රටට පැමිණියාය.
අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිනියද එදින කොරියා සංචාරය සදහා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේදි ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ කුටියෙදි ඔවුනට සුබ පැතූහ.
ජයන්ති මෙනවිය සමග මෙම ගමනට එක්වු ශ්‍රී ලාංකික සගයා වන යොහාන් පීරිස් 48 මහතාද එවරස්ට් තරණයදි මූහුනපෑ දේශගුනික අපහසුතා පිලිබද කටුනායක ගුවන්තොටේදි කීය.
`` අපි මේ ගමනට හොඳ සුදානමක් තිබුණා හුඟක් අය අපිට උදව් කලා 04 වෙනි කදවුර ආසන්නයේදි මගේ ඔක්ෂිජන් අඩු වුනා හොද සිහියක් ඒ ගැන තිබිය යුතුයි. මීටර 8848ක් (අඩි 29029) උසැති එවරස්ට් කඳු මුදුනට මීටර් 300 තියෙද්දි ජිවිත අවදානම සැලකිල්ලට ගෙන ආපසු හැරුණා ජයන්ති කදු මුදුන-ටම ගියා අපි සමිපයේ සිටි විදේශිකයින් පස් දෙනෙක් මිය ගියා දෙදෙනෙක් අතුරුදන් වුනා පසුව දින කීපයකදි නැවත හමු වුනා.
ජයන්ති කූරුඋතුම්පාල මෙනවියද මෙසේ කිවාය,
මේ ගමන ඉතාමත් දුෂ්කරයි ඒ වගේම භායානකයි අපිට තුවාල වුනා මනසට දැඩි අපහසුවක් දැනුනා එවරස්ට්කදු මුදුනටම ගිහින් ලංකාවේ ධජය සිටවන්න ලැබිම සිහිනයක් වගේ ,, ජයන්ති සහ යොහාන් දෙපල පිලිගැනීමට පවුලේ සමාජිකයෝද සහ හිතවතුහු පිරිසක්ද ගුවන්තොටට පැමිණ සිටියහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රී ගුවන්තොටුපළ විශේෂ අමුත්තනගේ කුටියේදි ජයන්ති සහ යොහාන් සමග එවරස්ටි ගමන පිලිබද කතා බහක යෙදුනහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
එවරස්ට් කතට රනිල් සුබ පතයි
ධම්ම Sunday, 29 May 2016 09:38 AM
රාජ්‍ය නායකයින්ට මෙවන් අය මුණගැහෙන්නේ අහම්බෙන්. (ම)
ෂාෆික් Monday, 30 May 2016 06:12 AM
උණුසුම් සුබ පැතුම් එබ දෙපලට අපෙන් ලාංකික නාමය ගෙන ගියාට (ම)
ගාමිණි Sunday, 29 May 2016 07:48 AM
ඔබලාට අගමැතිතුමාගෙන් කාර් එකක් තෑගි ලැබේවි (ම)