(චමිල් රුපසිංහ)
එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වන්නේ රට තුල නිසියාකාරව පාලනයක් කර ගැනීමට රජයට ඇති නොහැකියාව නිසා බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.
ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් මහතා අද (22) නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
නාහිමියෝ මෙසේ ද පැවසූහ.
‘‘රටේ එල්ලුම් ගහ ගේන්න හදන්නෙ රජයට රටේ ඇති දූෂණ,මත්ද්‍රව්‍ය ජාවාරම නිසියාකාරව පාලනය කිරීමට ඇති නොහැකියාව නිසයි. මත්ද්‍රව්‍ය ජාවාරම රටේ සිදුවෙනවා නම් ඒවා රට තුලට ගෙන එන ක්‍රමවේද නැවැත්විය යුතුයි. නමුත් ඒව කරන්න තරම් දක්ෂතාවයක් රටේ නායකයන්ට නෑ.එන්න එන්නම රට විනාශ වෙන එක තමයි වෙන්නෙ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර කවුද හිට්ලර්ව ගේන්න කිව්වේ මොකක් නිසාද අපේ හාමුදුරුවනේ?
නායකයින්නේ හාමුදුරුවනේ කුඩු ගෙනෙන්නේ... ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එල්ලලා දැම්මා නම් ... හෙට සිට අපේ රට සමෘද්ධිමත් වේවි... ඔබ වහන්සේ මොකද කියන්නේ...?
මත්ද්‍රව්‍ය වුවදුර ලෝකයේ තියන උග්‍රම ව්‍යවසනයක්... ලෝක බලවතුන්ට හෝ දැනට පවතින නීත්‍යානුකූල කිසිම රජයකට පාලනය කිරීමට දුෂ්කර කාර්යයක්. මරණ දඬුවම දීලා හරි නතරකරන්න පුළුවන් නම් ලොකු දෙයක්...
හරිහරි හාමුදුරුවනේ... බන්ධනාගාර කාර්ය මණ්ඩලය පාලනය කරගන්න බැරි ජනාධිපති කෙනෙක්ගෙන් ...මීට වඩා වෙන මොනවද?
ආගමක් යනු මිනිසුන්ගේ ජීවන රටාව සකස් කරනා යම් දැනුම්, විශ්වාස, ඇදහිලි පද්ධතියකි. ආගම පවත්වාගෙන යාමට ඒ සමාජය විසින් තෝරාගත් පිරිසක්ද සිටී. බොහෝවිට ආගමික පරිසරයේ ඒකාධිකාරී බලයන්ද ඔවුන් සතුය. රටේ මිනිසුන්ගේ ධර්මය පිරිහීම ගැන වගකිව යුත්තේ කවුරුන්ද?
රජ කාලෙත් මරණ දඬුවම තිබුණා නේද...? ඒ කාලේ මේ මත් උවදුර නැතත්.. ඒ වගේම.. ඇමෙරිකාවෙත්... මැද පෙරදිග රටවලත්.. මේ නීතිය ක්‍රියාත්මකයි... ඒ ආණ්ඩුවේ නොහැකියාවද...? තමන්ගේ කෙනෙක්ට මේ දේ වූ දවසට.. මේ නීතිය තිබුනොත් හොඳයි කියා සිතේවි... වෙනත් පාට කන්නාඩි පැළඳ.. මේ ආණ්ඩුව කරන කියන සැමදෙයක්.. ඒ ඇසින් බලන්න එපා.. අනේ..හාමුදුරුවනේ... දනක් වළඳලා.. බණක් වදාරලා ..ශාසනයට යමක් කළොත්...හොඳයි නේද?
අවසරයි අපේ නායක හාමුදුරුවනේ. වහෙන් ඔරෝ නැතුව කෙලින්ම "රාජපක්ෂ මහත්තයට නැවත බලය දුන්නානම් සේරම හරි " කියල කීවා නම් අහවරයිනේ.
මේ හාමුදුරුවන්ට මේ අාණ්ඩුව මොනවා කළත් වැරදියි. උන් වහන්සේ අදහන්නේ රාජපක්ෂ ධර්මයයි. මේ කල්ලියට අාවැඩීම හැර කරනා වෙනත් යමක්ද නැත.
පුරාණ රජ කාලයේ නම් රජවරුන්, මහනායක හිමිවරුන්ගෙන් රාජ්‍ය පාලනය සම්බන්ධව උපදෙස් ගත්බව කියවා අසා ඇත්තෙමි. අප ජීවත් වන්නේ 21 වන ශත වර්ෂයේය. පුරාණ රජකාලයේ තිබූ සහ ක්‍රියාත්මක කල සියල්ල නූතන ලෝකයේ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැත.
මේක ක්‍රියාත්මක වුනොත් මෛත්‍රිපාල මහත්තයට දේශපාලන වාසියක් ලැබෙයි කියලා හොර කල්ලියේ සෙට් එක බයවෙලා. දැන් ඒ උත්සාහය නතර කරන්න ඔය වගේ දේවල් කියනවා. ඡන්දයෙන් අගතියට යන්න එපා. දැන් ගිහියන්ට වෙලා මෙයාලට බණ කියන්න.
මේ රටේ සේරම ප්‍රශ්න ඇතිවෙන්න පටන්ගත්තෙත්, ජනතාව තෝරාපත්කරගත් රජයකට නිසිලෙස කටයුතු කරන්න බැරිවුනේත් හාමුදුරුවරු දේශපාලනයට අවාට පසුවයි.
එහෙමයි අවසර, වයස් ගත වෙනකොට සමහරුන්ට නොහැකියාව හින්දා මොනවා කියනවද කියලවත් වැටහීමක් නැතුව ඔහේ කියවනවා.
ලෝකයේ බොහොමයක් රාජ්‍ය පාලනයන් සමඟ පුජ්‍ය පක්ෂය ළඟ සම්බන්ධකම් පැවැත්වීම සාමාන්‍ය කරුණකි. එසේම ප්රජාතන්ත්ර ව්‍යුහය තුළ පුරවැසියකුට ඕනෑම මතයක්, අදහසක් දැරීමට ඇති අයිතිය අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. දේශපාලකයින්ගේ මුග්ධ ක්‍රියාවලියන් වැළඳ ගනිමින්,කොන්ද කෙළින් තබාගෙන ධර්මගාමි අර්ථයෙන් ම කටයුතු නොකරමින්, සමාජ අභ්‍යන්තරයේ පුපුරු ගසමින් කැකෑරෙන ජනතා කෝපය තේරුම් නො ගනිමින් උන්වහන්සේලා වදාරණ අදහස් නිසා විවේචනයට ලක්වෙයි. කිසිම අදහසක්, මතයක් එකම සම්මත සත්‍යයක් ලෙස ලෝකයා පිළිනොගනියි. ලෝකයේ ආගම් බොහොමයක් තිබෙන්නේ එම නිසාය. දේශපාලන මතවාද ද එසේය. මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතුය යන අදහස ද එසේය. එහෙත් අපේ මව්බිම අර්ථයෙන් ගතහොත් සමස්ත ජාතියම විනාශය වෙත තල්ලු කරන නරුමයින් එල්ලා මැරීම සාධාරණය. උත්තර මානව සමාජයක් පිළිබඳ සිහිනය සැබෑවෙන දිනය දක්වා අප බලා සිටිය යුතු නැත. තරුණ ජවයෙන් සුවදවත් ජීවමාන තරුණ පරපුරක් වෙනුවෙන් අපි බලා සිටින්නෙමු.
නීතිය හරියාකාර හෝ දඬුවම් ක්‍රියාත්මක කරනකොට කියන්නේ නොහැකියාව කියලා. මේ දෙකම නොකර ඉන්නකොට කියනවා හිට්ලර් කෙනක් හරි ඕනයි කියලා.
හාමුදුරුවනේ මේක නැහැ කියනවා නොවෙයි. වරදට නීත්‍යානුකූලව දඬුවම් දිය යුතුයි. ඒත් මෙතෙක් කල් නොකළ නිසයි වැරැදි වැඩිවෙන්නේ. මේක නැහැ කියනවා නම් මේ රටේ ඇතැම් භික්ෂූන් කරන වැරැදි, ආගම විකුණාගෙන කෑම, නායක හිමිවරු ඒවාට පියවර නොගැනීම, නොහැකියාව නොවෙයිද? රට වගේම ඊටත් වඩා උතුම් බුදුදහම අපිට වටිනවා. ඒත් ඒක විනාශ කරන බහුතරය කවුද?
මොනවද මේ කතා හාමුදුරුවනේ? හැකියාව තියන පාලකයින් හෙලිකොප්ටර්වලින් ගිහිල්ලා හරි කූඩු කාරයින්ව බේරා ගත්තු හැටි අපිට තාමත් මතකයි.
ආගමික නායකයින්ගේ නොහැකියාව ගැන කතාකරන්න හොඳ නැහැනේද? අපේ හාමුදුරුවනේ... අද සමහර චීවරධාරීන් නිවන්මග සලසාගන්න හදන්නේ දේශපාලකයින් පසුපස ගිහින් නේද අපේ හාමුදුරුවනේ...
"කුඩ්ඩන් පාතාලයන් පිරිලා සතර අතේ " " පෙනුනේ නැතිද ? ඒ බව හිමි බුද්ධ පුතේ " " පක්ෂය පාට ගෙන හිත තුල තිබෙන මතේ " " බුදු වදනක් ලෙසින් සිසිලස ගෙනෙනු නැතේ "
හාමුදුරුවරුත් මිනීමරණ රටක් මේක. ඉතින් මොන අනුශාසනාද?
අවසරයි අපේ හාමුදුරුවනේ, තාම අපිත් මැරිලා ඉපදුනේ නැති නිසා අපට නම් පෙන්නේ මේ අය විතරක් නොවේ මීට පෙර හිටපු සියලුම අයගේ නොහැකියාව නිසා තමයි රටේ මෙවන් භයානක, තරුණ පරපුර විනාශ කරන මෙවන් අය බිහි වුනේ. එබැවින් දැනට බලයේ ඉන්න අය විතරක් නොවේ මිට දශක කීපයකට පෙර බලයේ හිටපු අයත් මේ සදහා හොද දායකත්වයක් දීලා තියෙන්නේ අප හාමුදුරුවනේ.....
මේ පාලකයින්ට ඇත්තේ නොහැකියාවයි, බොරුවයි, හොරකමයි, කුමන්ත්රණයයි ,පාවාදීමයි හැර කුමක්ද? අපරාධකාරයින් සමග ඉන්න ආණ්ඩුවක් මේක.