මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවක් ලෙස ලිහිල් කරන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලන බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මාහානාමහේවා කියයි.
මරණ දඬුවම නියම වූ 540 දෙනෙක් බන්ධනාගාරවල සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් අවුරුදු 30-50 වයස්සීමාවන්ගේ අයයි. එක්කෝ තමන් එල්ලා මරණ ලෙසත්, නැත්නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලෙසත් ඔවුන් කොමිසමට කී බවත්, ඔවුන්ගේ මානුෂික හා ශාරීරික පීඩා සැළකික්ලට ගෙන එම ඉල්ලීම කරන බවත් මහානාමහේවා මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක සංවිධාන කොමිසන් ක්‍රියාකරන්නේ එයාලගේ න්‍යාය පත්‍ර එහෙම නැතිනම් ජාත්‍යන්තර උවමනාවන්ට අනුව. මේ රටේ ඉන්න බොහොමයක් ජනතාව එල්ලුම් ගහ අනුමත කරලා ඉවරයි. ඒක පවත්වපු සංගණන වලිනුත් පෙන්නුම් කරලා තියෙනවා. රජය ගානේ කන්න බොන්න දිදී අපරාධ කරුවන් රකිනවාට වඩා මරණ දඩුවම රටකට ගැලපෙනවා. ත්‍රස්තවාදය රටින් ඉවත් කරන්න පුළුවන් වුනේ මරණ දඩුවම එම මොහෙතේම දීපු නිසයි. (ස)
මානව හිමිකම් නිසා තමයි ඉතිහාසය පුරාවටම මේ වෙනතුරු ලංකාවට වැරදිලා තියන්නේ. අපේ රටට හැමදාම වරදින්නේ එක එක්කෙනාව සතුටු කරන්න ගිහින්. ඇයි ජීවත්වෙන මිනිසුන්ගේ හිමිකම් ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ? (නි)
කවුද කතාකරන්නේ දුෂණය වුණ කාන්තා සහ ළමා හිමිකම් ගැන? මැරුන මිනිසුන්ගේ පවුල්වල හිමිකම් ගැන? ජනමතයක් තියලා අහන්න කොච්චර මිනිස්සු කැමතිද කියලා එල්ලුම්ගහට? (නි)
මිනීමරුවන් වෙනුවෙන් කෑගහන අය පළමුව ඔවුන් විසින් නැතිකළ අයගේ අයිතිවාසිකම් ගැන සිතිය යුතුයි (නි)
මුළු ශ්‍රී ලංකාවම, ලක්ෂ කෝටි ගානක් ජනතාව එල්ලුම් ගහ ගෙනෙන්න කියද්දී ඇයි මහජනයාගේ වදන් අදහස් ගැන තීරණ ගන්නේ නැත්තේ? වහාම ජනමත විමසුමක් තබා මිස තීරණයකට නොපැමිණෙන ලෙසත්, ජනතාවගේ ජීවිත වල ආරක්ෂාව සළසන ලෙසත් අපි ඉල්ලනවා (නි)
අපේ රටෙන් විතරද ඉල්ලන්නේ? ඇයි ඇමරිකාවේ විදුලි පුටුව ඉවත් කරන්න ඉල්ලුවේ නැද්ද?අපරාධ වලින් බැටකන්නේ රටේ පොඩි මිනිසා. රටේ අපරාධ මඩින්න එල්ලුම්ගස ක්‍රියාතමක කළයුතුයි. (නි)
අපේ රටේ තියෙන අපරාද වල හැටියට එල්ලුම් ගහත් මදි වගේ මට හිතෙන්නේ. (ස)
ඕකට කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා .එක්කෝ නොකියම ඉන්නවා.එත්, මේකනම් කියන්නම ඕනේ...... "අපරාදේ මහජනයාගේ බදු මුදල් විනාශ කරනවා " (ස)
මගේ සහෝදරයාට පිහියකින් ඇන මරා දැමු සාහසිකයාට මේ වගේ ලිහිලක් දෙනවාට මා නම් කැමති නැහැ. ඔහුට අධිකරණයෙන් නියමවූ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. (ස)
ඔය කියන 540 දෙනා වරද කරුවන් වී ඇත්තේ ,පැහැදිලි සාක්ෂි මත ලැබූ අධිකරණ තීන්දු මතයි.අද පවුලක් නඩත්තු කරන්න බැරුව දෙමව්පියෝ අසරණ වෙලා.මානව හිමිකම් කොමිසම ඒ ගැනත් සැලකිල්ලක් ,අනුකම්පාවක් දවන්නේ නම් යහපත් ක්‍රියා මාර්ගයක් ! (ස)
මෙයාල තමයි මිනී මරුවෝ ආරක්ෂා කරන්නේ. මෙහෙම උනාම තක්කඩි මිනීමරුවෝ අහිංසක මිනිසුන්ව මරන්න බය වෙන්නේ නෑ. හිරේ යයි කවද හරි පොදු සමාවක් ලැබිල එලියට එන්න ලැබෙයි වගේ සහනයක් සිතට දැනෙන නිසා මිනී මරුවෝ බය නැති වෙනවා. මහානාම මහත්තයෝ ඔබතුමාගේ පවුලේ කෙනෙක් කවුරු හරි මරපු දාට ඔබතුමාත් එල්ලුම් ගහ ඕනේ කියාවි. මිනීමරුවන්ගේ අයිතිවාසිකම් වලට පෙර එයින් දුකට පත් වූ අයගේ අයිතිවාසිකම් ගැන හිතන්න. (ස)
ප්‍රසාද්, ලංකාවේද ඉපදුනේ? නැත්නම් වෙන කොහේහරිද? එල්ලීම හැරෙන්න,අපරාධ සිදුවෙන්නේ මොකද කියලා හොය හොයා ඉන්න ප්‍රමාද වැඩියි දැන්. (නි)
එතකොට මෙයාල හින්ද ජිවිත අහිමි කර ගත්ත අයටයි මෙයාලට කන්න බොන්න දිදී නඩත්තු කරවන්න බදු මුදල් ගෙවන්න වෙන ජනතාවටයි මානව හිමිකම් නැද්ද?තව කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය අමානුෂික අයුරින් පැහැර ගත් සමාජයෙන් ඉවත් කල යුතුයි කියල අධිකරණයෙන් තීරණය වුනු මේ කාල කන්නින්ට එක දවසක් හෝ ජිවත් වීමේ අයිතිය දීම නීති ගරුක මහජනතාවගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමක් කියල මේ මහත්තයට තේරෙන්නේ නැද්ද..අපිට ඕන මේ දඩුවම ක්‍රියාත්මක වෙනවා දකින්න මිසක් දැනට අනියමින් ලැබෙන මේ ජීවිතාන්තය දක්වා දඬුවම ස්ථිර වෙනවා දකින්න නෙමෙයි. (ස)
ඇත්තටම බලන්න මරණ දඬුවම ලැබිල තියෙන්නේ කාන්තාවන් දුෂණය කරපු අයට කුඩු ජාවාරම් කරපු අයට අමානුෂික ලෙස මිනි මැරුම් කරපු අයට. එම නිසා මේ අය කරලා තියෙන්නේ මහා සමාජ විරෝදී වැඩ. එම නිසා එල්ලා මරා දැමීම වඩා හොඳයි කියන එක තමයි මගේ නම් අදහස. (ස)
එලන්න තියෙන්නේ මේ මිනිමරුවන්ව නැතිනම් වියදම් ගොඩයි (දී)
මම නම් ඒ ඉල්ලීමට කැමතියි (දී)
මේ ගොල්ලෝ කවුරුවත් ක්ෂණික කෝපය නිසා මිනී මරපු අය නෙවෙයි.බිහිසුණු අපරාධ කරුවන් සහ කුඩු ජාවාරම් කරුවන්.මොවුන්ට සමාව දුන්නොත් ආයෙත් අපරාධ කරාවි හිරේ ඉදන් සෙල්පෝන් වලින් හරි.කලයුතු දෙයනම් දිනකට දහය බැගින් එල්ලා ඉක්මනින් ඉවර කර දැමීමයි.වින්දිතයන්ගේ පවුල් වලටවත් එය සැනසීමක් වේවි. (දී)
ඔව් ඔව් ..? එහෙම හොදයි, එතකොට හිරගේ ඉදන් හොදට මංකොල්ල කන්න මිනී මරන්න පුළුවන් , හොද ආරක්ෂාවක් තියනවා ..කෑම බීම බෙහෙත් ඔක්කම නොමිලේ ..හෙට අනිද්දා වෙන කොට ජීවත් වෙන්න බැරිව මිනිස්සු පෝලිම්වල තදවෙයි හිරගෙවල් වලට එන්න ..? අනේ .. මෙහෙමත් දේශයක්..? (දී)
ඔය කරන්න යන ඉල්ලීමෙන් ඉදිරියෙදි හොඳ යහපත් සමාජයක ගුණගරුක මිනිසුන් අපිට දැක ගන්න ලැබෙයිද අනාගතයෙදි. (ස)
මානව හිමිකම් බලන්නේ මැරුණු මිනිසුන්ගේ පැත්තෙන් නොවෙයි වගේ. (නි)
බලාගෙන ඉන්නකෝ. මානව හිමිකම් හොඳින්ම තියෙන්නේ අපේ රටේ කියලා සම්මානයකුත් ලැබෙයි (නි)
මොනවද මේ කියන්නේ? (නි)
රටක තියෙන ප්‍රශ්න තේරුම් ගන්න බැරි පණ්ඩිතවරුන් ඉන්නවානේ. මේක පනින රිලවුන්ට ඉනිමන් බැඳීමක්. (දී)
එතකොට මේ අයගේ අපරාධ වලට ගොදුරු උන මිනිස්සුන්ට අයිතිවාසිකම් තිබුනේ නැද්ද, මිනිමරපු මංකොල්ල කාපු කාන්තාවන් දූෂණය කරපු අයට විතරද අයිතිවාසිකම් තියෙන්නේ...(දී)
රටේ සල්ලි නිකන් නහස්ති කරනවා (දී)
මමත් ඒ කතාවට කැමතියි (දී)
ඉස්සර කියුව නේද මරනවානම් මරන්න නැතිනම් නිදහස් කරන්න කියලා (දී)
මානව හිමිකම් කොමිසම හදන්නේ අපේ රටේ අපරාද තව වැඩි කරන්නද? අනේ මහානාම මහත්තයෝ කරුණා කරලා ඔය ඉල්ලිම නම් කරන්න යන්න එපා. රටේ බඩු මිල හරිම ඉහල ගිහින්. මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවන්. කරුණා කරලා ඒ ගැන පොඩ්ඩක් බලනවද? රට පල්ලමට අදින්න හදන්න එපා.(දී)
එල්ලන එක නොවෙයි උත්තරේ මිනිස්සු මොකද මේ විදිහට පත් උනේ කියල හොයලා අන්න ඒක නැති කරන එක (දී)
මිනිස් ජිවිත වල වටිනා කම නොදන්නා නිසයි මේ කට්ටිය මෙතන ඉන්නේ (දී)
මෑතකදී අහන්න ලැබුන නේද හිරගෙදර ඉදගන මංකොල්ල , මිනීමැරුම් මෙහයවපු පුවත් කීපයක් . එතකොට ජීවිතාන්නතය දක්වා තවත් හිරේ තියාගන ඉන්නකොට තව කීයක් මිනීමැරුම් මංකොල්ල කරයිද. මේ මහත්තයට තේරෙන්නේ නැද්ද මන්ද. (දී)
සුජිත් ගේ අදහසට මමත් එකගයි රටේ අපරාද වැඩි වෙන්නේ වැරදි කරලා බේරෙන්න පුළුවන් බව දන්නා නිසා (දී)
මහානාම ,සහෝදරයට කියන්න ඇත්තේ මෙපමනයි .මේ අය අන් අයගේ වටිනා ජිවිත වලට හානි කරලයි මෙහෙම වෙලා ඇත්තේ .එහෙමනම් මේ අයට කොහෙන්ද මානුෂික හා ශාරීරික පිඩා. එක තියෙන්න ඕන අසරණ වෙච්ච පව්ල්වල සාමාජිකයින්ට (දී)
ඔබේ ඉල්ලීම අපරාද කාරයන්ට නිදැල්ලේ ඔවුන්ට අපරාද කිරීමට කෙරෙන ඇරයුමක් (දී)
අපේ රටත් ලෝකය දිහාත් බලන කල මේ මානව හිමිකම් සංකල්පය බිහි වී ඇත්තේ අපරාධ කාරයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන්(ම) යයි මට සිතේ. (ස)
මරණ දඬුවම නැති රටක බිහිවන්නේ සමුහ මිනීවළවල් කපන පාලකයෝ. මරණ දඬුවම නැති ජර්මනියේ හිට්ලර්ගේ නාසි පක්ෂය නැවතත් නැගී එනවා. ඔය තැන තැන පිහි ඇනුමකට මිනිහෙක් එල්ලනවා කියන එකට වඩා භයානක ප්‍රතිඵලයක් ඒක. පසුගිය දශකයන් කිහිපය තුල අපේ රටේ ඉතිහාසයත් මීට සාක්ෂි දරයි. (නදී)
එල්ලුම් ගහ අනිවාර්ය කලයුතුයි , මහානාම මහත්තයා වැරදියි මානව හිමිකම් ගැන කතාකරන්න ඕනේ ඔය 540 දෙන ගැන නෙමෙයි ඒ අය අතින් අසරණ උන මිනිස්සු ගැනයි , (දී)
එල්ලුම්ගහ අනිවාර්ය කල යුතුයි (දී)
එකත් එකටම කවුරු හරි කෙනෙක් ඇති එල්ලුම් ගහෙන් බේරා ගන්න තරම් වැදගත්. නැතිනම් හෙට අනිද්දට ඒ දඬුවම ලැබෙන්න නියමිත කෙනෙක් ඇති. අපි කොහොමද මේ විදියට මේ රටේ නීතිය ගැන විශ්වාසයක් තබන්නේ. ? (දී)
කාගේ දඬුවම ලිහිල් කලත් ස්ත්‍රී දුෂකයන්ට අනුකම්පා කරන, ආරක්ෂා කරන උදවියට මම නම් ඊළඟ පාර චන්දයෙන් උත්තර දෙනවා. (ස)
ඉක්මනටම එල්ලන්න කල් මරන්නේ නැතිව ..........(ස)
මේ රට යන අත තේරුම් ගන්න පුළුවන් නේද , අපරාධ කරුවන් ගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් හඬ නගන සංවිධාන ,කොයි තරම් තියනවද ,දේශපාලන ආරක්ෂාව කොයි තරම් තියෙනවද ,පන්සල් පල්ලි ,කොයි තරම් එයාලට වෙන අසාධාරණ කම් ගැන බොරු මෝඩපාට් දාල ප්‍රසිද්ද වෙනවද . ටිකකට හිතල බලන්න මේ පාලකයෝ පත්කරන , මානව හිමිකම් කොමිසන් සභාවේ ඉන්න ඉහලම නිලධාරියාගේ පටන් පහල ඉන්න පියන් දක්වා යන වාහනයේ සිට බොන වතුර බෝත්ලයටත් බදු මුදලින් සම්මාදම් වෙන සාමාන්‍ය ජනතාව ගැන අපිට වෙන අසාධාරණ ගැන කතා කරන්න කවුද ඉන්නේ . කොටින්ම කියුවොත් අපේ චන්දෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ල අපේ පිහිටෙන් සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් අපිව පාරේ කානුවට තල්ලු කරලනේ මෙයාල යන්නේ. ඒක සාමාන්‍ය ජනතාව වශයෙන් අපි තේරුම් ගන්න තුරු අපි පරාදයි. අපේ අයිතීනුත් පරාදයි. (ස)
එතකොට රජකාලේ සිට මේ දක්වා මරණ දඩුවමට ලක්වූ අයගේ සහ ඔවුන්ගෙන් පැවත එන පරම්පරාගත පවුල්වල අයගේ මානව හිමිකම් කෝ ? ඒවාට මොකද වෙන්නේ?. මහානාම මැතිතුමා, උගතා, ප්‍රවීණයා කාගේ හරි භූමිකාවක පොතේ ගුරු වෙලා කියලද කියලයි මට නම් සැක. (නදී)
එල්ලුම් ගහ අනිවාර්යෙන් ඕනා. රටේ අපරාද පෙනෙන්නේ නැද්ද සෙල්ලම් කරන්නේ ජීවිතත් එක්ක. මේක වහාම නතර කල යුතුය. එල්ලුම් ගහ අවශ්‍යයි (නදී)
මහානාම මහතාටත් දියණියක් සිටින එකේ, ස්ත්‍රී දුෂකයන් ට මෙහෙම අනුකම්පා කරන්න කොහොම හිතුනා ද මන්දා එහෙමද කමනි (දී)
තවකෙනෙකු මරුමුවට පැමිණිවීම, මොනතරම් වේදනාකාරීද කියන දේ එය කළ කෙනාට දැනගැනීමට මෙය සිදු කළ යුතුයි. ඒවගේම විනයගරුක සමාජයක් ඇතිවීමට එල්ලුම් ගහ අනිවාර්යෙන් ඕනෑ. (නි)
දැන දැන මිනිසුන් වැරදි කරනවා.මෙතුමා යෝජනා කරනදේට මම නම් කැමති නැහැ.රට හදන්න ඕනෑ නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. (නි)
මමත් කැමතියි එල්ලුම් ගහ ගෙනෙනවා නම් (නි)
මහානාම මහත්තයා වැරදියි (දී)
මගේ මතය නම් අල්ලුම් ගහ අනිවාර්යන්ම තිබිය යුතු ය යන්න රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ජීවත් වෙන්නේ ඇතුලට වෙලා සැප විදිනවා ඒ අයට ඕන ආරක්ෂාවත් ලැබෙනවා (දී)
එල්ලුම් ගහට පන නොදී වෙනත් විකල්ප මාර්ග ඔස්සේ ..යමින් අපරාධ කරුවන් රැකගන්න දරන උත්සාහයේදී ...හිරගෙවල් වලට පැමිණෙන අපරාධ කරුවන්ද දිනෙන් දින වැඩිවෙන වග අවධාරණයෙන් කිව යුතු අතර ..ඔවුන්ව ආරක්ෂා කරන්න පිඹුරු පත් සකසන ..වග කිවයුත්තනි ..! එසේ නම් හිර කරුවන් යැපෙන්නේ මහජන මුදලින් වග අමතක නැහැ නේ ..? ජන මත විචාරයකින් තීරණ නොකර ...තම ඒකමතික තීන්දු තුලින් විසදුම් ලබා දෙන්නේ නම් ..? හිර කරුවාගේ යැපීම් ..කෑම්, බීම්,සියලුම අවශ්‍යතා වියදම් ...රටේ බලධාරීන්ගේ වගකිව යුත්තන්ගේ ..පඩියෙන් ..මුදලක් ඔවුන්ගේ නඩත්තුවට වෙන් කරන්න ..යෝජනා සම්මත කල යුතුයි? මොකද ජනතාව එක හෙලා කියන්නේ ..එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කල යුතු වගයි . මරණ බියෙන් තොර ස්ත්‍රී දුෂකයන් ගෙන් තොරව ,ජීවත් වෙන්න අපේ දේශයේ අපි හැමෝම ආසයි...!!!! (ස)
කොහෙද මිනීමරුවන්ට මානව හිමිකම් තියෙන්නේ (දී)
වර්තමානයේ අපේ රටේ සිදුවෙන මිනීමැරුම්,ඝාතන අවම කර ගැනීම සඳහා තරාතිරම් නොබලා එල්ලුම් ගහ අනිවාර්රයෙන්ම ක්‍රියාත්මක කල යුතුය.(දී)
මෙහෙම වුණහම තක්කඩි මිනීමරුවන් අහිංසක මිනිසුන් මරන්න බයවෙන්නේ නැහැ. හිරේ යයි, කවදාහරි පොදු සමාවක් ලැබිලා එළියට එන්න ලැබෙයි වගේ සහනයක් සිතට දැනෙන නිසා මිනීමරුවන්ට බය නැතිවෙනවා. මහානාම මහත්තයෝ, ඔබතුමාගේ පවුලේ කෙනෙක් කවුරුහරි මරපුදාට ඔබතුමාත් එල්ලුම් ගහ ඕනෑ කියාවි. මිනීමරුවන්ගේ අයිතිවාසිකම් වලට පෙර එයින් දුකට පත් වූ අයගේ අයිතිවාසිකම් ගැන හිතන්න. (නි)
මානව හිමිකම් කොමිසමට වෙන වැඩ නැද්ද? මිණීමරුවන්ව ආරක්ෂා කරන්නේ ඇයි? මෙයාල මරපු අහින්සකයන්ට වුන අසාධාරනයට මොකද කරන්නේ? (ස)
මේක නෙවෙයි අවශ්‍ය, වහාම එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමයි. (ස)
මරණ දඬුවම දුන් අයෙකුට එය නොදී දිවි ඇතිතෙක් හිරේ දැමීමත් මානව හිමිකම් කඩකිරීමක් නොවේද? (නි)
එල්ලුම් ගහ ක්‍රියාත්මක නුනොත් කවදාවත් අපරාධ වලින් අඩුවක් මේ රටේ වෙන්නේ නැහැ (නදී)
අනිවාර්යෙන් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ජනපතිතුමාට තීරණය කල නොහැකි නම් මහජන මතය විමසන්න. එය රටේ අනාගතේට සුබවාදී වේවි. (නදී)
අපිට මානව හිමිකම් උගන්වන්න එන ඇමෙරිකාවෙත් මරණ දඩුවම තිබෙනවා, ඒවා ක්‍රියාත්මක කරනවා. එතකොට මොකටද ලංකාවට ඔය මානව හිමිකම් සංවිධාන බලපෑම් කරන්නේ? (නි)
ඡන්දයක් තියන ගමන්ම එල්ලුම් ගහ ඕනෙද ? එපාද? කියල ජනතා කැමැත්ත බැලුවා නම් එ්ක තමා සාදාරන (නදී) .
මෙහෙම ගියොත් හෙට අනිද්දාට කියයි මිනීමැරුම් ස්ත්‍රී දුෂණ නිසා අගතියට පත් වූ උදවියට සමථ මණ්ඩලයට ගිහින් ඒ පටලැවිලි බේරාගන්න කියලා. (නි)
මම පුද්ගලිකව මරණ දඬුවමට විරුද්ධයි. නමුත් මෙම ඉල්ලීම කොතරම් ජනතාව අතර අප්‍රසාදයට පත්වෙලා තියෙනවද කියලා ප්‍රතිචාරවලින් පෙනෙනවා. බහුතරය කැමති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනවාට. (නදී)
අපේ රටේ ගොඩක් සංවිධාන මානව හිමිකම් රකිනවා කියල කරන්නේ රට පාවල දෙන එකයි රටවල් වලින් එන ඩොලර් නෝට්ටු වලට කෙල හලාගෙන රටට ලෙඩක් දාන එකයි. අපේ රටේ අපරාධ අඩුකරන්න නම් හිර ගෙවල් ඇතුලේ එල්ලලා වැඩක් නැහැ. ප්‍රසිද්ධියේ ගාලු මුවදොර පිටියේ එල්ලන ඕනේ. අනිත් කුඩ්ඩන්ට, මිනි මරුවන්ට උන ගැනෙන්න. (නදී)