එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලා සිටි බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරන් පද්මනාදන් ප්‍රකාශ කරයි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු සහ එම සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කළ කේ.පි නොහොත් කුමාරන් පද්මනාදන් ඒ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ ‘වියෝන්’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ එම සංවිධානයේ නායකයා ලෙසින් ද හැඳින්වූ කේ.පි. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන්ද ඉන්දියාවට අවශ්‍යව සිටි තැතැන්තෙකි.
එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලූ බව එම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කරන කේ.පී තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්.ජී.ආර් ලෙසින් ජනප්‍රිය වූ මරුදූර් ගෝපලන් රාමචන්ද්‍රන් මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් සැපයූ බව ද සඳහන් කර ඇත.
කුමරන් පද්මනාදන් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන් වීමෙන් අනතුරුව අනන්‍යතාව හා ලිපින වෙනස් කරමින් සැඟව සිටියේය. මැලේසියාවේදී අත්අඩංගුවට පත්ව 2009 වසරේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ කේ.පී පසුකාලීනව තමා කළ කී දෑ ගැන පසුතැවුණු බව වාර්තා වූ අතර වර්තමානයේ ඔහු උතුරේ අනත් දරු නිවසක් පාලනය කරමින් සිටියි.
සී.අයි.ඒ සහ එම්.අයි 5 වැනි ලොව බුද්ධි අංශ රැසක් ඔහුගෙන් තොරතුරු ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.
එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ජාත්‍යන්තර වත්කම් රැසක හිමිකාරීත්වය ඇත්තේ කේ.පී සතුව බවත් ඔහු එම වත්කම් සඟවාගෙන සිටින බවත් විශ්වාස කෙරේ. එමෙන්ම රජිව් ගාන්ධි ඝාතනය සඳහා සිංගප්පූරුවේ සිට චෙන්නායි වෙත පුපුරණ ද්‍රව්‍ය එවා ඇත්තේ කේ.පී බව 1997 වසරේදී ස්වේචාඡවෙන් විශ්‍රාම ගිය ඉන්දියාවේ මධ්‍යම විමර්ශන ඒකකයේ පරීක්ෂකවරයකු පවසා තිබිණි.
කුමාරන් පද්මනාදන්ට රටින් පිටවීම තහනම් කරමින් ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණය 2015 වසරේදී නියෝගයක් ලබා දී තිබේ.
-055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එල්.ටී.ටී.ඊයට උපකාර කරන්නැයි ඉන්දිරා රෝ සංවිධානයට කිවුවා - කේ.පී.