
(නිමල කොඩිතුවක්කු)
නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කරයි.
වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කලාපීය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව මෙම කාලසටහන ක්‍රියාත්මක කරනු ඇත.
මාර්තු 5 සහ 6 යන දිනවල දී ගුවන් ගමන් 100 කට අධික සංඛ්‍යාවක් වුබායි සිට පිටත් වී නැවත පැමිණීමට නියමිතය.
මෙම ගුවන් ගමන් තම අවසාන ගමනාන්ත කරා ළගා වීමට අවශ්‍ය පුද්ගලයන් මෙන්ම නැවුම් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යනු ඇත.
ආරක්ෂාව සඳහා සැමවිටම ප්‍රමුඛතාවය ලබා දෙමින්, ගුවත් අවකාශය විවෘත වූ විට සියලුම මෙහෙයුම් අවශ්‍යතා සැපිරීමෙන් පසුව සිය ගුවන් ගමන් කාලසටහන ක්‍රමයෙන් නැවතගොඩනඟා ගන්නා බව එමිරේටස් තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd