ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි බලා ගමන් කරමින් තිබු එම්රේට්ස් ගුවන් සේවයට අයත් ඒ 380 වර්ගයේ මගී ගුවන් යානයක කාර්මික දෝෂයක සංඥාවක් හදිසියේ නිකුත්වීම නිසා එම ගුවන් යානය අද (26) අළුයම 3.48 පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩ බෑමක් සිදුකර ඇත.
ගුවන් යානයේ මගීන් 465 ක් සහ කාර්ය මණ්ඩලය 30 සිටි බව වාර්තා වෙයි.
අදාළ ගුවන් යානයෙන් හදිසි සංඥා ලැබීමත් සමගම ගුවන්තොටුපොළ මගීන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයිමට සුදානමින් සිටි බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
මේ වන විට යානයේ සිටි සියළු මගීන් සඳහා ගුවන්තොටුපොළ ආසන්නයේ ඇති හෝටල්හි නවාතැන් පහසුකම් සපයා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය කලබල වෙන්නේ නැතුව ඉන්න.පිවිතුරු යහපාල පිවිතුරු නිසා සමහර විට විහිලුවට ලියන්න ඇති.බැනුම් අහන එක එයාට විනෝදයක් වෙන්න ඇති. (අ)
පිවිතුරු යහපාල තවම ඉන්නේ ගල් යුගයේද? එම්රේට්ස් කියන්නේ ලෝකේ මුල් පෙලේ ඉන්න ගුවන් සමාගමක්. මේ යානා පමණක් නොවෙයි වෙනත් ඕනෑම රටක ගුවන් යානා ලංකාවට පැමිණීමෙන් විශාල ආර්ථික වාසි අත්වෙනවා. (අ)
පිවිතුරු යහපාල රනිල් මහත්තයාගේ සෙට් එකේ කෙනෙක් වෙන්න ඇති. (බ)
පිවිතුරු යහපාලට සනීප නැහැ වගේ පව් (බ)
අපේ විමල් මහත්තයයි ,මහින්ද මහත්තයයි කියන්නේ ඔය වගේ දේවල්නේ. විජාතික බලවේග...විජාතික බලවේග... (ම)
පිවිතුරු යහපාල දන්නේ නැති වුණාට ෆයිට් රුඩ් එකක් හරහා ඇති ගුවන්තොටුපළවල් වලට ගෙවීමක් කරලා තියෙන්නේ හදිසියක් වුණොත් ගොඩ බස්වන්න (ම)
මට හිතෙන්නේ පිවිතුරු යහපාලට මෙතන ඉන්න හැමෝටම වැඩිය මොලේ තියනවා. එයා එක මෝඩ වැකියක් ලියල මෙතන ඉන්න හැමෝගෙම අවධානය ලබාගන්නවා. බලන්න මෙතන මාතෘකාවට වඩා පිවිතුරු යහපාල බලවත් වෙලා. (ස)
කරදරයක් නැත්නම් ඉතින් එච්චරයි (නි)
මෙවැනි හදිසි අවස්ථාවක ලඟම තිබෙන ගුවන්තොටුපළට යානය බැසවීමෙන් යානයේ ගමන් ගත් මගීන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා පණක් නොව එම මගීන්ට නවාතැන් පහසුකම් දෙන හෝටල් වළටටද මහත් ආර්ථික වාසියක්ද සිදුවේ. (ස)
අනික හෝටල් වලට කොච්චර ආදායම් ලැබෙනවද.? (ර)
දෙවියෝ කරදරයක් නොවී බේරලා දුන්නා (නි)
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මෙවැනි හදිසි ගොඩබෑමකට ලක්වුණා නම් බලන්න තිබුනා එක කකුලක් මෙහෙ අනික ඒරොප්පේ තියාගෙන ඉන්න කට්ටියගේ නැටිල්ල (නි)
මෙහෙම කරදරයක් අපේ ගුවන් යානයකට උනානම් ඒක පරීක්ෂා කරන්න 200 ක් විතර කණ්ඩායමක් තවත් ගුවන් යානයකින් එහෙට යනවා සිකුරුයි.(නදී)
හරියට හරි ටෙනිසන්!(නදී)
බොහෝවිට පිවිතුරු යහපාලට පිළිතුරු දුන්නත් අද ඉඳලා ඒකත් නවත්වනවා (නි)
ටෙනිසන් එක තමයි ශ්‍රී ලංකික ගතිය. (ම)
අපේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් හදපු එයාර්පෝර්ට් එක තියෙන්නේ අනිත් අයගේ ඒවායේ කාර්මික දෝෂ ඇතිවෙන ගානේ බස්සවන්න නෙමෙයි . මේවාට හොඳ දඩයක් ගහන්න ඕනේ ආයේ පැත්ත පළාතේ එන්නේ නැති වෙන්න.(ම)
අජිත් දවසේ කියමන මට මැති ඇමතිවරු කීපදෙනෙකුගේ මුහුණු මැවිලා පෙනුනා (බ)
පිවිතුරු යහපාල කියන්නේ බඩ කට පමණක් ඇති අයෙකු බව පෙනේ ....(බ)
පිවිතුරු යහපාලට ඇත්තටම පිස්සුද? නැත්නම් ලෝකේ ගැන කිසිම දැනුමක් නැති ළිං මැඩියෙක් ද? මෙයා කියන්නේ මේ ප්ලේන් එක එහෙම්ම ගිහින් මේකේ හිටපු 500ක් මැරෙන එක සාධාරණයිද? කාර්මික දෝෂ, හදිසියේ මගියෙක් ලෙඩ උනාම ඕන තරම් මේ විදිහට කරනවා. (බ)
විශ්වාසය සහ සැලකීම (බ)
පිවිතුරු යහපාල ගේ මොලේ තරම පේනවා ඉතින් මේ කතාවලින්. වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැහැ. මහින්දටම තමා හොඳ. (ස)
පිවිතුරු යහපාල මෙදා පාර පෝයටත් ගිහින් සිල් ගන්න, ඔච්චර නපුරු වෙන්න එපා.අනික ඔහොම ගුවන් යානයක් ආවම අපේ රටෙන් ලබාගන්නා සේවාවන් වලට සල්ලි ගෙවනවා ,නිකන් නෙමෙයි මේවා කරන්නේ ,අනික අපේ ගුවන්තොටුපල ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහලට යනවා ,අපිටත් ලෝකයේ තිබෙන විශාලම මගී ගුවන් යානා හැසිරවීමට හැකි ගුවන් තොටුපලක් තිබීම ගැන සතුටු වෙන්න ඕනේ ,මටනම් හිතෙන්නේ ලඟදීම එමිරේට්ස් සමාගම කොළඹට A380 සේවාවක් පටන් ගනී කියල. (ස)
පිවිතුරු යහපාල මෝඩ ළිං මැඩියෙක් තමා (නි)
මහින්දගේ කතායි, පිවිතුරු යහපාලගේ කතායි දෙකම එක වගේ. (නි)
ඒවගේ අවස්ථාවකට සාර්ථකව සේවය සැපයීමට හැකිවීම ගැන අද ලෝකයා අපේ රටට ප්‍රශංසා කරනවා මේවගේ දෙයක් අපේ ගුවන් සේවයටත් වෙන්ට පුළුවන් ඒ ගැන අවබෝධයක් පිවිතුරු යහපලට පසුවට පහලවෙයි (බ)
සමහරක් කියනව දෙයියො බේරල දුන්නලු. එහෙනම් කාර්මික දෝෂයත් හදල දෙන්න තිබුනනෙ දෙයියන්ටම.මෝඩ මිනිස්සු. (නදී)
පිවිතුරු යහපලගේ කිසිම පිවිතුරු කමක් නැහැ..ලෝක ගුවන් නිතියවත් දන්නේ නැතුව අදහස් දන්නා එපා. මෝඩකම පේනවා..මට පෙන්නේ රංජිත්, පිවිතුරු යහපලගේ කතා දෙකම එක වගේ. (ස)
මේ එමිරේට්ස් ගුවන් සේවය ලංකාවට එන එක ඉතාම හොඳ දෙයක්, සැප පහසුවට , නියම වෙලාවට , සාධාරණ මිලකට , ගුවන්සේවිකවන්ගේ ආඩම්බර නොබලා ලංකාවට යන්න එන්න පුළුවන් , ඔවුන් නිසා අපේ සංචාරක ක්ෂේ්‍ත්‍රයට සිදුවන වාසිය ඉතා විශාලය , මෙම ගුවන්යානා ලංකාවට පැමිණීමෙන් ගුවන් තොටුපල ගාස්තු සහ සේවා සැපීමේ ගාස්තු ලෙස ලංකාවට විශාල මුදලක් ලැබෙන අතර රැකියාද ඇති වී තිබේ. (ස)
මම මේ පිවිතුරු යහපාල කියලා තිබෙන දෙයට මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.කොහොම වුණත් එයා ලියලා තිබුන වැකි වල කිසියම් හාස්‍යයක් ගැබ්වෙලා තිබුන බවයි පෙනුනේ. (නි)
අපේ හොඳ ගතිගුණ අපි ලෝකයට පෙන්නලා තියෙන්නේ. ශ්‍රී ලන්කන් ගුවන් තොටුපළ සහ කාර්ය මණ්ඩලය ලෝකයේ උසස් ගණයේ සහ ප්‍රමිතියේ ඉන්න බවට ඔප්පුවෙලා අවසානයි (නි)
පිවිතුරු යහපාල මොනතරම් නුගත් පුද්ගලයෙක්ද? (ස)
පිවිතුරු යහපාල, ඔයාට ලැජ්ජා නැද්ද? (නි)