(ඩයනා උදයංගනී)
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
රජය ඉදිරි සති කිහිපයක් තුළ මෙම ගිවිසුම අත්සන් කරන බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ද ඇමතිවරයා කීවේය.
ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ සර් අත්සන් නොකරනවා කියලා තීරණේකුත් නෑ වගේ නේද? ඒකට කමක් නෑ. හැබැයි හෙට තීරණය කරල අනිද්දා අත්සන් කරන්න එපා.
අත්සන් කරන්න තීරනයක්නේ ගෙන නැත්තේ... එ්කෙන් කියන්නේ නැහැනේ අත්සන් නොකරන්න තීරණයක් අරගෙන තියෙනවා කියලා... අපිත් මේ වචන සෙල්ලම ඉගෙන ගත්තෙත් මෙයාලගෙන්ම තමයි...
"අපි MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ " කියලා ස්ථිරව කියන්න බයද ඇමතිතුමෝ? ජනාධිපතිතුමාගේ නම්බුව කෙළෙසන්න එපා. මහජනතාවට MCCයක් වුවමනා නැහැ. ජනතාවට පළාත් සභාත් වුවමනා නැහැ. ඇමතිවරු තමයි රට කන්න හදන්නේ...
ඔහොම වැනුනේ නැහැනේ මැතිවරණයට කලින්
අත්සන් කලොත් මේ රජය හෙට නැහැ.
අත්සන් කරන්නේ නැත්නම් කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්නේ. එහෙම කරන්නේ නැතුව හොර ගල් අහුලා අහුලා ඉන්නේ සමාලෝචනය කළා කියල බොරුවක් කරලා හොරෙන් අත්සන් කරන්න තමයි.
පැහැදිලිවම පේන්නෙ MCC ගිවිසුම අත්සන් කරනවා කියලා මහින්දගේ තේරීම ඇමරිකාවට ඡන්ද පොරොන්දුවක් දීලා තියෙනවා කියන එකයි. දැන් මේක අත්සන් කරන්න එපා කියන ඉල්ලීම අපිට කරන්න වෙන්නේ ඇමරිකාවට. අපිව එතනට ගෙනියන්න එපා. සියයට දෙසීයක් විශ්වාසෙන් කියනවා මේ ආණ්ඩුව ඇහැව්වේ නැතුවට ඇමරිකාව අහනවා.
කෙලින්ම කියන්නේ නැතුව මේ වගේ කතා කියනවා කියන්නේ තනිකරම මෙයාලත් බොරුව කරන්නේ.... මේ ඇමරිකන් ගිවිසුමට කඩේ යන පුද්ගලයන් ගැන ඊළඟ ඡන්දේදී ජනතාව පියවරක් ගන්න ඕනෑ. එක්කෝ මෙයාලා ඇමරිකාවෙන් හොඳ කුට්ටියක් අරන් එහෙම නැත්තම් ඉල්ලගෙන...
ජනාධිපතිවරනෙට කලින් මේ අය කිව්ව කතායි දැන් කියන ඒවායි දිහා බැලුවම සැර බාල වෙලා වගේනේ. ඔය ගිවිසුමේ විපාක ගැන ඔලුවෙන් හිටගෙන කෑ ගහපු සමහරක් දැන් කියනවා 70%ක් හොඳයිලු තව එක්කෙනෙක් කියනවා තීරණයක් අරන් නැහැලු. අන්තිමේට ජනතාව දන්නෙම නැතුව ඔය කොයි කවුරුත් ඕක අත්සන් කරලා කියලා අපිට දැනගන්න ලැබේවි.
මේ ගිවිසුම අත්සන් කරනවට අපි නම් කොහොමටත් කැමති නැහැ. අපි ඡන්දය දුන්නේ රටට එරෙහි ගිවිසුම් අත්සන් කරන්න නොවේ. අවුරුදු 5 කට එන කිසිම කෙනෙකුට හිතුමතේ ක්‍රියා කරන්න බලය දීලා නැහැ. ඇමරිකාවට අපේ රටේ ඉඩකඩම් දීලා අපේ ඒ ඉඩම් වල ඉන්න සහෝදර සහෝදරියන් කොහේ යන්නද ?ජනාධිපති තුමනි මේ ගිවිසුමට අත්සන් කරන්නේ ඉඩ දෙන්න එපා. අපිට ඔබතුමා විශ්වාසයි මෙය අත්සන් කිරීමට ඉඩ නොදෙන බවට .
කට්ටියම හරියටම කලබල වෙලා වගේ. ඉවසලා ඉන්න මහ ඡන්දය ඉවරවෙනකන්.
කලින් රජය මේ ගිවිසුම අත්සන් කරනවාට, පොහොට්ටු පාක්ෂිකයන් විරුද්ධ උනේ රටට ආදරේට නොවෙයි. මේ ගිවිසුමෙන් පෞද්ගලිකව ලබා ගත හැකි ප්රතිලාභ කලින් රජයේ හෙන්චයියන් ලබා ගන්නා නිසායි. දැන් එහෙම බාධාවක් නැති නිසා මේක අත්සන් කරලා ගාණ කපා ගනීවි .
වහල්ලු කියලා කියන්නේ..., එක පරපුරකට, එක රජෙකුට, එක ගෝත්‍රයකට, එක මිනිසෙකුට බැල මෙහෙ කරන, දාසකම් කරන, කියන ඕනෙම දෙයක් කරන, බය පක්ෂව දෙකට නැමෙන මිනිස්සු කොට්ඨාශයකටයි.. වහල්ලු කියන වචනය ගැලපෙන තැනකට පමණක් පාවිච්චි කරන්න සමහරු දන්නේ නැතුව වගේ හැසිරෙනවා.