අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණු සෙනසුරාදා (23) කන්තලේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසන් බුහුමන් දැක්වීය.
සිය දේශපාලන දිවියේ සගයාට අවසන් බුහුමන් දැක්වූ ජනපති ගුණවර්ධන මහතාගේ බිරිය හමුවී සිය ශෝකය ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව! (නි)
ඔබතුමාට නිවන්සැප ලැබේවා, යහපාලනයට සහයෝගය දුන්න අයට ගුරුකමක් කරලද දන්නේ නැහැ , මාදුළුවාව සෝබිත හාමුදුරුවොත් අපවත් වුණා ,ටිකක් හොයල බලන්න කට්ටිය මේ දවස්වල මොන දේවාලේද යන්නේ කියල (බ)
එම්.කේ.ඒ.ඩී.එස් නිහතමානී මිනිසෙක් බව එතුමාගේ දේහය තබා තිබෙන ස්ථානය බැලුවම පැහැදිලි වෙනවා මහජන මුදල් ගසා කන්නේ නැතුව දහමින් සමාජ මෙහෙවරක් කළ ඔබට නිවන් සුව...!(බ)
නිවන් සුව පතනවා..! (නි)
ගුණවර්ධන මැතිතුමා අවංක දේශපාලනඥයෙක්. චාම් දිවි පෙවතක් ගෙවූ කෙනෙක්. එතුමාගේ මෙම නිවස ද සාමාන්‍ය නිවසක් බව පෙනේ. දේශපාලනයට ඇවිත් මහජන මුදල් කොල්ලකා මහා මන්දිර හදාගත් අයට කිසිවක් තමන් රැගෙන නොයන බව මෙතුමා ලෑලි කෑලි කිහිපයකට මැදිවී තම සගයන්ට නිහඬව මේ ප්‍රකාශ කිරීමකි. මෙය සියලු දේශපාලඥයන් ආදර්ශයට ගත යුතුය. ගුණවර්ධන මැතිතුමාට නිවන් සුව ලැබේවා ! (ර)