එප්පාවල නගරයේදී වීදි නාට්‍ය කණ්ඩායමේ ජයතිලක බණ්ඩාර මහතාට හා ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දවසක් රිමාන්ඩ් භාරයේ සිටි තලාව ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හා උතුරුමැද පළාත් මහ ඇමතිගේ පෞද්ගලික ආරක්ෂකයා ඇතුළු සිව් දෙනා ලක්ෂ 5 බැගින් ශරීර ඇප 12 ක් මත මුදාහැරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මහතා නියෝග කළේය.
උතුරුමැද පළාතේ මහ ඇමති පෞද්ගලික ආරක්ෂක මුතුහෙට්ටිගේ උදිත නිශාන්ත ප්‍රනාන්දු, තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත බණ්ඩාර, එම්.ඒ.සංජීව පුෂ්පසිරි සහ පුංචි බංඩාගේ අසංක නන්දපාල යන අය ඇප මත මුදා හැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු නේද අහිංසකයෝ? අනේ මෙහෙමත් රටක්! (නි)
සමහරවිට ජනවාරි 8 වැනිදාට පසු මිනිහෙක් මැරුවත් විත්තිකරුවන්ට නඩු නැති රටක් වෙයි?(හේ)