එප්පාවල නගරයේදී වීදී නාට්‍යක් රඟ දක්වමින් සිටි පිරිසකට හා අද මාධ්‍යවේදීයකුට ඉකුත් සිකුරාදා පහරදී නිදැල්ලේ සිටින උතුරුමැද පළාත් දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බලපෑම් කරමින් අද (07) සිවිල් සංවිධාන හා මාධ්‍යවේදී එකමුතුව එප්පාවල නගරයේදී විරෝධතාවක නිරත විය.
නිදහස් මාධ්‍ය සංසදය හා වීදියේ විරෝධය වීදී නාට්‍ය කණ්ඩායම් පා ගමනින් සාමාජිකයෝ එප්පාවල මහජන බැංකුව අසල සිට එප්පාවල තඹුත්තේගම හන්දිය වෙත සටන්පාඨ කියමින් ගමන් කළහ.
මැර පිරිස අත්අඩංගුවට ගන්නේ නොගන්නේ මන්දැයි උද්ඝෝෂකයෝ පොලීසියේ සිට පොලිස් අධිකාරී අනිල් චන්ද්‍රසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සම අධිකාරීවරයා හා මාධ්‍යවේදීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.
මාධ්‍යවේදීන් පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා සිටියේ දේශපාලකයින් හට ගැති කම් නොකර පොලීසියේ ගෞරවය ආරක්ෂා කරමින් මැරයින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මැරයින් අත්අඩංගුවට ගන්නා බවට දුන් පොරොන්දුවත් සමඟ පිරිස පොලීසියෙන් පිටව ගියහ.
පවුල්වාදයට එරෙහිව වීදියේ විරෝධය යන තේමාව යටතේ එප්පාවල නගරයේ ජනතාව දැනුම්වත් කරමින් පැවැත්වු වීදී නාට්‍යක අවසානයේ එම ස්ථානයට පැමිණි උතුරුමැද පළාත් දේශපාලනඥයකුගේ මැර පිරිසක් නාට්‍ය කණ්ඩායම් සාමාජිකයින්ට හා ගායක ජයතිලක බණ්ඩාරට පහර දෙද්දී එය විඩියෝගත කළ තිසර සමල් සෝමරත්න මහතාටද පහර දී ඔහුගේ කැමරාව ඇතුළු ආම්පන්න විනාශකැර වැනසුහ.
ඡායාරූප- මංජුල සේනානායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයන්ගේ නම් වත් පලකරන්න බැැරි නිදහස් මාධ්‍යය (නදී)
වීඩියෝ ඔක්කොම තියෙනවා මොකද අල්ලන්න බැරි (දී)
පොලිස් කන්ඩයම් කිහිපයක් මැරයන් අත් අඩංගුවට ගැණිමට යොදවා අැතැයි මධ්‍ය ප්‍රකාශක නිවේදනයක් හෙට නිකුත් කරාවි. (නදී)
පොලිසියේ රාජකාරිය කරන්න බැරිනම් කෝට් එක ගලවලා ගෙදර ගියා නම් හරි. මොකද ජනතාවගේ මුදල් නේ පඩි ලෙස ගන්නේ (නදී)
පොලිසිය ජනපති සමඟයි කියලා පොලිසියේම බැනර් ගහලා තියෙද්දී පොලිසිය කොහොමද මැරයෝ අල්ලන්නේ..... (නි)
රටේ නීතියට මොකද වුණේ? (නි)
පොලිස් පති තුමෙනි ඔබ නීති ගරුක බව අප දනිමු. ඔබට රාජකාරි කරන්න නොදෙන බවත් අප දනිමි (නදී)
කාලේ අවසන් වෙනකොට පිස්සු කෙලිනවා (නදී)
මේවා නීති විරෝධී වැඩ නොවෙයිද (දී)
කෝ ඉතින් අල්ලන්නකෝ (නි)
රෝහලට ඇවිල්ල තර්ජනය කරලා .මේවා අල්ලන්න පොලිසියට බැරිනම් මොකටද පොලිසිය (දී)
මෙහෙම දිගින් දිගටම වුණොත් මිනිසුන් නීතිය අතට ගනීවි (නි)
මැරයන් ආරක්ෂා කරන්න වෙනම කට්ටියක් ඉන්නවා වගේ. (ර)
අට වැනිදායින් පස්සේ බලමුකෝ (දිල්)
කවුද කියන්නේ මේක මැර ප්‍රහාරයක් කියලා? පළාතේ ඕනෑම කෙනෙකුට සළකන්න හරි පහරදෙන්න හරි පළාතේ ලොක්කන්ට 'ප්‍රජාතාන්ත්‍රික' අයිතියක් තිබෙනවා කියලයි මම නම් විශ්වාස කරන්නේ. පොලීසිය ඒක දන්නවා ඇති. ඒක වෙන්න ඇති අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ. (නි)
පොලිසිය ආණ්ඩුව වගේ තමයි (නදී)
මේ වගේ පුවත් වලට පාඨක ප්‍රතිචාරත් අඩුයි? මැර තර්ජන එයි කියලා බයහිතිලද දන්නෙ නැහැ (නි)
මේක හරියට අර ජනාධිපතිතුමාට විරුද්ධව නඩු දාන බැහැ වගේ වැඩක්නේ. මැරයන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්න පොලිසියට බලතල නැහැ වගේනේ හැසිරෙන්නේ. (නදී)
ත්‍රස්තවාදය නැතිකළ ආණ්ඩුවට රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැරිවීම සැබවින්ම ඛේදවාචකයකි. (නි)
අල්ලයි උන්ගේ වලිගෙ. (නදී)
මොකක්ද මේ නිදැල්ලේ හැසිරෙනවයි කියන්නේ ? (නදී)
ජයවේවා! (නි)
කෝ දැන් රටේ විනය? (නි)
මෙයාලම මෙයාලට ගහගෙන ඇති.අර කලින් ගස් බැඳගත්ත සිදුවීම වගේ (නි)
අනේ රටකට ගිය කලක්! මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? (නි)
අනේ රටකට ගිය කලක්. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. (නදී)
ඔය අය කවුද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
රටේ නීතියට මොකද උනේ? (නදී)
පිස්සුද මොකුත් වෙන්නේ නැහැ අදුනා ගන්න බැහැ නේ (බ)
ඒ කියන්නේ පොලිසියට රාජකාරිය කරන්න කියලා මහජනයා තමයි කියන්න ඕනෑ? (නි)
ඔය කතාව අද විතරයි හෙට වෙනකොට අමතක වේවි. (ර)