dfhh

 

එපාවුණත් නුඹ සියක් වතාවක් හිත ඉල්ලනවලූ දහස් වතාවක්
මේ ඇස් දැක්කට නුඹේ මුසාවක්
යටි හිතේ තියෙන්නේ තවත් කතාවක්...

තාරුණ්‍යයේ රිද්මයෙන් ආදරණීයව ගීතයෙන් මුමුණන ‘‘නදිනි’’ පේ‍්‍රමදාසගේ අලූත්ම ආදරණීය ගීතය එයයි. සුපර්ස්ටාර් තරු රෑණෙන් පෑයු ආදරණීය නදිනි මුලින්ම ගැයුවේ ‘‘සපු කුසුමේ සුවඳ පවා’’ ගීතයයි. ඉන්පසුව ‘‘දිලිසෙන දෙනෙත ඔබේ’’ ගීතයෙන් ඇය තවත් ආදරණීයව ආමන්ත‍්‍රණය කළ පසු දැන් මේ දිනවල අපට හමුවන්නේ ‘‘එපා වුණත් නුඹ සියක් වතාවක්’’ ගීතය සමගයි. නදිනි මේ විදියට ගයන්නේ කවුරුන් වෙනුවෙන්ද? ඇය අපට මේ ගැන කියාවි.

 

 
button නදිනි කාටද ‘‘එපා වුණත් නුඹ’’ කියලා කියන්නේ?
ඇත්තටම ඒක අහන්න  ඕනෑ රචිතා වාකිෂ්ඨගෙන්. ඇය තමයි ඒ ගීතය රචනා කළේ. ආදරය එපා වුණත් සියදහස් වරක්, එය ප‍්‍රතික්ෂේප කරන්න බැහැ කියන තේමාව තමයි ප‍්‍රකාශ වන්නේ.

SAN_1439


button ඇයි මේ විදියෙ ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ.
නිශ්චිත හේතුවක් තිබුණේ නැහැ. දිලිසෙන දෙනෙත ඔබේ ගීතය නිර්මාණය වී වසරකට විතර පසුව තව ගීතයක් ගයන්න  ඕනෑ වුණා. තිලිණ රුහුණගේ සංගීත නිර්මාණ ශිල්පියාට මේ ගැන කිව්වාම, ඔහුගේ බිරිඳ වන රචිතා තමයි මෙය රචනා කළේ. ඉතින් හරි ලස්සනට එය නිර්මාණය වූ බව මගේ අදහසයි.

 


button දැන් කොහොමද මේ ගීතයට ලැබෙන ප‍්‍රතිචාර?
‘ගීතය සහ මියුසික් වීඩියෝව’ විකාශය වෙන්න පටන්ගෙන මාසයක්වත් නැහැ. නමුත් ලැබෙන ප‍්‍රතිචාර නම් ඇත්තටම ඉහළයි. ඒ ගැන ඇත්තෙන්ම හරි සතුටුයි.

 


button මෙම ගීතය රූගත කළ විදිය සහ නිර්මාණය වූ විදිය ගැන කිව්වොත්?
‘‘දිලිසෙන දෙනෙත ඔබේ’’ ගීතයෙන් වසරකට පසුව ආදරණීය ගීතයක් කළොත් හොඳයි කියලා හිතුවා. ඉතින් මෙහි රූගත කිරීම් වෙනුවෙන් අපට දින දෙකක් විතර ගත කරන්න සිදුවුණා. රූගත කිරීම් කළේ කළුතරදී. චතුර රත්නායක මල්ලී තමයි අපූරුවට ඒ නිර්මාණ කටයුත්ත කළේ. අලූතින්ම-අලූත් අදහස් ඇතිව නිර්මාණයක් කළ යුතුය යන්න මගේ හැඟීම වුණා. ඇත්තටම ඔහු දක්ෂයෙක්.

 


button කොහොමද අද දවසේ කටයුතු?
පුද්ගලික ජීවිතයේ සහ වෘත්තීය ජීවිතයේ කටයුතු කාර්යබහුලව සිදුවෙනවා. පුතා දැන් සිටින්නේ ඉතාම දඟ වයසේ. ඉතින් එයා ගැන ඇහැ ගහගෙනම ඉන්න  ඕනෑ.

 


button ආදරණීයව ගීත ගයන ඔබට අද ‘‘ආදරය’’ දැනෙන්නේ කොහොමද?
එදා වගේම තමයි. අපි යාළුවෙලා, විවාහවෙලා අවුරුදු 4ක් විතර වෙනවා. එදා විදියටම තමයි අදත් ආදරය හැෙඟන්නේ. මධුර එදා වගේම අදත් මගේ වැඩවලට ලොකු සහයෝගයක් දෙන්නේ. මම හිතන්නේ පුතා නිසා එදාටත් වඩා මධුරගේ ආදරය වැඩිවෙලා.

 

SAN_1317
button ‘‘ආදරය’’ ගැන ඔබ ගැයූ ගීත ගැන ඔබට හිතෙන්නේ කොහොමද? ආදරය වැඩිම මොන ගීතයටද?
මුලින්ම මම ගැයුවේ ‘‘සපු කුසුමේ සුවඳ පවා’’ ගීතයයි. ඒ ගීතයට මම හැමදාමත් එක ලෙස ආදරය කරාවී. මොකද එය මගේ පළමු ආදර ගීතය නිසා. ඉන්පසුව ගැයූ ආදරය සහ විරහාව තේමා කරගත් දිලිසෙන දෙනෙතට සහ අද මේ එපාවුණත් ගීතයට ආදරෙයි.

 


button වෙනත් අයගේ ගී අතරින් ඔබ කැමති ආදර ගීත මොනවද?
මම කොහොමටත් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය සහ චන්ද්‍රලේඛා මහත්මියගේ ගීතවලට ගොඩාක් ආසයි. රූකාන්ත මහත්මයාගේ ගීතවලටත් ආසයි. ඒ අතරින් මගේ ප‍්‍රියතම ආදරණීය ගීතය වන්නේ, රූකාන්ත මහතා ගැයූ ‘‘මම ඇහැව්වා හොරෙන් හදවතින්’’ ගීතයටයි.

 


button ඔබත් එක්ක කරළියට ආ තරු රෑණේ යාළුවෝ හමුවෙනවද?
විවිධ වැඩසටහන්වලදී හමුවෙනවා.

 


button කතාවක් තියෙනවා, ඔබ ඉංග‍්‍රීසි ගීතයක් සමග ලෝක ගායන කරළියට ඒමට අපේක්ෂා කරනවා කියලා. ඒක ඇත්තද?
මගේ ගායන ලීලාව ඉංග‍්‍රීසි හුරුවට සමානයි. සමහර වෙලාවට ඒ නිසාම එක්තරා රාමුවකට කොටුවෙන්නත් පුළුවන්. නමුත් වෙනසකට යන්න  මම ආසයි. බලමු අපිට ලෝකෙට යන්න තියෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න  ඕනෑ.

 


button ‘‘ආදරය’’ නොවෙනස්ව පවත්වාගෙන යන්න නම් ‘‘ආදරය’’ කරන අය මොනවද කළ යුත්තේ? ඔබගේ ආදරණීය රසික පිරිසට ඔබ කියන්නේ මොනවද?
ආදරයට ආදරය කරන්න. විශ්වාසය ඉතා වටිනා දෙයක්. අන්‍යොන්‍ය අවබෝධය අතිශයින් වැදගත්. එය විශේෂයි.

 

Location:- Hayleys Cafe Pixel

sadun-gamage