හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොටින් පමණක් නාම යෝජනා ලබාදීමට හැකි බව එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරීම ගැන අඟහරුවාදා (7) රාත්‍රී පැවති විශේෂ සාකච්ඡාවට ජනපතිගේ නියෝජිතයකු කරුණු දක්වා ඇතැයි දේශපාලන ආරංචි කියයි.
දූෂණ චෝදනාවලට ලක්වූ හිටපු ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු 20 දෙනකු නාම යෝජනා ලබානොදීමටද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවද දැනගන්නට ඇත.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ සන්ධාන නියෝජිතයන් එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ලබානොදුන් අතර යළි සාකච්ඡා කොට ලබන 11 හෝ 12 දිනවලදී සන්ධානයේ නාම යෝජනා ලබාදීමට නියමිත බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්ෂන් යන්න ඉන්න දුෂිත දේශපාලුවන් වෙනුවට උගත් බුද්ධිමත් තරුණ පරම්පරාවට ඉදිරියට එන්න ඉඩ දෙන්න. (ර)
ඇත්තටම 20ක් හලයිද, අන්තිම මොහොතේ නාමයෝජනා දෙයිද දන්නේ නෑ. මේ කියන දේ ඇත්තටම උනොත් නම් එ්ක අපේ දේශපාලන සංස්කෘතියට ලොකු ආදර්ශයක්. හැබැයි අන්තිමට "පිටරට වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ, අපේ උන්ව අපි කපන්නේ නෑ" කියල කියයිද දන්නේ නෑ.(නදී)
එල කිරි වගේ දුන්නා. කාල වරෙන්කො .දැන් විමලේ එන්න මල් පිපි තිබේද බලන්න කියල වෙනස් කරන්න වෙනවා.(නදී)
මහින්ද මහත්තයට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න මෛත්‍රී මහත්තය බාධා කරන්නේ නැහැ කියල මුල ඉදලම කිව්වා. ඇත්තෙන්ම මහින්දගේ සහයෝගය අනාගත අගමැති නිමල් මහතාට විශාල ශක්තියක්. (බ)
මේකත් පස්සේ වෙනස් වෙයි. හොරු ටික ආයේ එනවා. පස්සේ වෙනස් වෙයි (නදී)
අැයි බැසිල් නැත්තේ ඔය 20 ට. (බ)
ඇත්තටම සිද්ධ වුනේ මේකනම් මෛත්‍රී ජනාධිපති තුමා දිනේවා ......(හේ)
ඔය සිංහල පාලකයන්ගෙන් අවසර ගන්නේ නැතිව වෙනම පක්ෂයක් හදන්න ඉල්ලීම කළේ ජනවාරි අගදීම යි .ශ්‍රීල නි ප බෝර්ඩ් ලෑල්ලට යට වෙන්නේ ඇයි මහින්ද මහත්තය .තනිවම බලය අරන් අගමැතිවී සිංහල ජාතිය බේරා ගන්න 80% ක් සිංහලයන් මහින්දට ! (බ)
මහින්ද ආවත් මෙදා පාරත් යුඑන්පි තමයි මහින්ද ගැන රටටම දන්නවා (ම)
ඇත්තටම් ඔය කියන විදියට වුණොත් කොච්චර එකද්ද? 20 නෙමෙයි 50ක් වුණත් කමක් නැහැ. (නි)
අනේ මන්ද.. මේ තරම් අඳබාල යහපාලන අය ඉන්නවද කියලත් හිතෙනවා තමන්ට විරුද්ධ මේ වගේ තීරුවක මතවාදයත් ඩුප්ලිකේට් දාල නිහඩ කරවන්න තරම් නොමේරු මනස් වලින් යුතු.පිවිතුරු යහපාලල යහපාලනෙන් පැටව් ගහනවා.මේකද මේ මහින්ද මහත්තයව එලවල ලබා ගත්ත මාධ්‍ය සදාචාරය..ලැජ්ජයි මහත්තුරුනේ..ඔයිට වඩා හොදයි අර ඩුබායි තිලක් (බ)
අගනෙයි (ම)
බලය සහ ධනය වෙනුවෙන් දගලන මෙ සියලුදෙනා තනි තනි වම ස්වාධීනව ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගොස් එකතුවි රටට වැඩ කරන්න බලන්න. (බ)
කවුරුත් එකයි බලනකොට. ඒක ඔවුන්ගේ රැකියාව.අපියි මෝඩ! (නි)
කොහොමද මෛත්‍රීගේ වැඩ? දැන් සනීපද ? (නදී)
නියම තීරණය. පක්ෂය, පුද්ගලයා ගැන නෙමෙයි රට ගැන හිතන්න ඔනබව මේකෙන් පෙන්නුම් කලා. මෛත්‍රී ඔබට ජය. (ර)