
(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික පුරවැසියකු ‘කොවිඩ්’ මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සනාථ කෙරෙන ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ‘කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත’ හදුන්වා දෙමින් පළමු කාඩ්පත ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ජ්‍යෙෂ්ඨ ජිම්නාස්ටික් පුහුණුකරු කපිල ජීවන්ත මහතාට පිරිනැමීය.
මෙම ‘කොවිඩ් එන්නත් කාඩ්පත’ හඳුන්වාදීමේ උත්සවය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.
සෞඛ්‍ය අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය එක්ව මෙම කාඩිපත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙම ඩිජිටල් කාඩ්පතේ එන්නත් ලබාගත් පුද්ගලයාගේ නම, වයස, ජාතික හැදුනුම්පත් අංකය, එන්නත ලබාගත් දිනය, ලබාගත් එන්නත් වර්ගය සහ කාණ්ඩ අංකය ඇතුළත් වේ.
මෙම කාඩ්පතේ නිරවද්‍යතාව ඛේත ක්‍රමය මගින් ලෝකයේ ඕනෑම තැනක සිට තහවුරු කරගත හැකිය.
ඩිජිටල් කාඩ්පත හදුන්වාදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සභාපති මහාචාර්ය ලලිත් ගමගේ සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම යන මහත්ම මහත්මීහූ ඇතුළු නිලධාරී පිරිසක් සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ තීරණයක්....
පින් සිද්ද වේවි..!!! මුට්ටිය දැම්මා වගේ කාඩ් ටික නම් ගඟේ දාන්න එපා..
"මෙම ‘කොවිඩ් එන්නත් කාඩ්පත’ හඳුන්වාදීමේ උත්සවය....."වෙන රටවල් දැක්කොත් හිනායයි මේකටත් උත්සවයක් ගත්තයි කිව්වම. සිංහලෙන් විතරක් නේද මේක දැම්මේ?
එන්නත් තවම ජනගහනයෙන් 10%ක් වත් ගහලා නැතුව මේ ඩිජිටල් කාඩ් ගැන කතා කරනවා.. ජනතාවගෙන් 60% වත් ගැහුවොත් තමයි... රට කොරෝනා අවදානමෙන් බේරෙන්නේ...!!!
කොමිස් ... කොමිස්...!!!
ලංකාවේ දහස් ගණනක් හැඳුනුම්පත් නැතිව. කොරෝනා අන්තර්ජාතික කළාම ඔක්කොම හරි..