(සුජිත් හේවාජුලිගේ )
සියලු එන්නත් මාත්‍රා ( පූර්ණ එන්නත්කරණය) ලබාගත් බවට වූ සහතිකය අනිවාර්ය කෙරෙන ස්ථාන ලයිස්තුව ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
බොහෝ පොදු ස්ථානවලට යෑමේදී සියලු එන්නත් මාත්‍රා ලබා ගත් බවටවූ සහතිකය ලබන අප්‍රේල් මස 30 වැනිදා සිට අනිවාර්ය කෙරේ.
මෙරට මුළු ජනගහනයෙන් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
තෙවැනි මාත්‍රාව (බූස්ටර් ) ලබාගත් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවකට අධිකය.
සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර තෙවැනි මාත්‍රාව ලබා ගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් විහිළුවක්...!
කොරෝනා බොරුවේ තවත් දිගුවක්... අනිවාර්යයෙන්ම කාඩ් එකේ මෙම ස්ථානවලට අනිවාර්ය කරන්න. ගෑස් මිලදී ගැනීමට, පෙට්‍රල් ශෙඩ්වලට, සතොසට, සිමෙන්ති කඩවලට, ඇතුළුවීමට, විදුලි බල මණ්ඩලයට...