‘මමත් මාස තුනක් හිරේ හිටියා. මන්ත්‍රීවරයෙක් මාසයක් දෙකක් හිරේ ඉදලා ආවට කමක් නෑ.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතලේ දී කීවේය.
‘මට බැසිල් කතා කළා. මං කිව්වා ලංකාවට එන්න එපා ආවොත් අත්අඩංගුවට ගන්න බව. මල්ලි කිව්වා මහින්ද අයියටත් ඒක හොඳ නෑ ඒ නිසා මං එනවා, මං හොරකම් කරලා නැහැ කියලා.‘ යැයි ද හිටපු ජනපති පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස දෙකෙන් එන්නද හිතාගෙන ඉන්නේ? අඩුම වශයෙන් වසර 20 ක්වත් ඉන්න. ඊටපස්සේ ඇමරිකානු රජයෙන් නඩු දැම්මොත්? එතකොට නම් හොඳට පරිණත දේශපාලකයෙක් වෙලා එළියට එන්න පුලුවන් (නි)
තමන් ගේ ඥාති සංග්‍රහය හින්ද තමයි මහින්ද එපා උනේ (බ)
අනේ පව් අප්පා....(බ)
අයියලා මල්ලිලා ඔක්කොම එකනේ බලනකොට (නි)
රටට ආදරය කරපු විධායක ජනාධිපතිවරු අපේ රටේ බිහි වුනා. කම්කරු,ධිවර ඇමති වුණු මහින්ද මහත්තයත් ජනාධිපති වුනේ රටට ආදරය කළ නිසා. නමුත් එදා ජනාධිපතිවරු නැති කරපු උපදේශකයෝ වගේම මෙදා මහින්ද මහත්තයත් නැති කරන්න හොරෙන් ලෙමන් ෆෆ් කාපු අය කටයුතු කළා. (බ)
දැන් ඉතින් එක්කෙනෙක් තමන් තනියම රට බේරා ගත්තා කියනවා. ඒක දඩමීමා කරගෙන පවුලේ කට්ටිය රට අපේ භුක්තියටයි කියල තවමත් හිතාගෙන ඉන්නවා.(ස)
ඕවා අපිට කියන්නෙ නැතුව ගිහින් විමල් වීරවංශ උන්නැහෙට කිව්වනම් තමයි හොඳ. (ස)
ඔය දුටුගැමුණු රජතුමාටත් වැඩිය උඩින් යන්න හදන උදවියට බලයට කෑදරකම කවදා හරි පාරා වළල්ලක් වෙනවා. (ස)
වැරදි කරද්දී කවුරුහරි හරි මාර්ගය කිව්වා නම් මෙහෙම වෙන්නේ නැහැ (බ)
ඔය දුටුගැමුණු රජතුමාටත් වැඩිය උඩින් යන්න හදන උදවියට බලයට කෑදරකම කවදා හරි පාරා වළල්ලක් වෙනවා. (ස)
එතකොට අර මහ බැංකුවේ සුරැකුම්පත් වලට ගේම ගහපු කෙනා නිදහස් ද අනේ? (බ)
ඊයේ කිව්වා නේද දන්නේ නැහැ කියල . ඇට නැති දිවනේ (බ)
මටනම් මුකුත් මතක නෑ (බ)
බැසිල් ආවද කියල මහින්දගෙන් අහනකොට දන්නෙ නෑ කියලා කිව්වෙ ... හා නැද්ද ??? (බ)
නුවන් දවසේ කියමන් (බ)
ඊයේ කියනවා ආව බව දන්නේ නැතිලු දැන් කියනවා මම කිව්වලු එන්න එපා කියලා. අනේ මන්දා (බ)
ඔබ තුමාගේ ඔය ගතිය නිසා තමා පරාද උනේ! (ස)
අයියා දන්නේ නැද්ද මල්ලි රට ඉඳල එන දවස ? අපි තවම මෝඩයෝ කියල වගේ පවුලේ හැමෝම හිතන් ඉන්නේ. (ස)
යහපාල කියන දෙබිඩි චරිතය හොඳට බලන්න ඔබේ සත් ගුණවත් පුද්ගලයා කියා තිබෙන දෙය .......එක තැනකදී ඔහුගෙන් ජනතාව අහනකොට බැසිල් ලංකාවට ආවද කියලා සත්ගුණවත් උත්තර දීලා තිබුනේ ...ආ ...ආවද ....මන්දන්නේ නැහැනේ කියලයි .... ජනතාවට අඟවන්නේ ඔවුන් අතර සම්බන්දයක් නොමෙති ආකාරයටයි කොහොමද ඔවුන්ගේ වැඩ. (ස)
එන්න එපා කියපු එකයි නොදන්වාම ආපු එකයි දෙකක් කියලා තේරෙන්නේ නැතිද? (ස)
විදුර, දිල්හාන්.. කෙනෙක් එන දවසෙමද කෝල් කරන්නෙ? ඊට කලින් නෙමෙයිද කතා කරලා කොහොමද තත්ත්වෙ අහන්නෙ?? මහින්ද මහත්තයා කිව්වෙ බැසිල් ආවාද කියලා දන්නෙ නැහැ කියල. (ස)
ඊයේ කියපුදේ මතකද ? (ස)
ඇත්ත තමයි. මොකට බය වෙනවද? හොරකම් කරලා තියෙන්න එපැයි බයවෙන්න. ඒක තමයි වීරයා වගේ ආවේ. ඒනිසා මල්ලිට බය නැතිව ඉන්න කියන්න.(ම)
වන්නි චමින්ද... මහින්ද මහත්තයා පරාද වීම ගැන මට අවන්කවම හිතේ අමාරුවක් තියෙනවා විශේෂ හේතු කීපයක් නිසා. එත් මිනිස්සුන්ට මේ වෙලාවේ එතුමා එපා වෙලා ඉන්නේ. ඔයා ඔය විදියට උම්බෑ කියන්න එපා. එතකොට මිනිස්සුන්ට තවත් එතුමා එපා වෙනවා. සමහර වෙලාව පස්සේ කාලෙක තැනකට එතුමා එන්න ඉඩ තියෙනවා රනිල් වගේ. (ස)
රටේ හිටපු නායකයෙක් මේ කරලා තිබෙන්නේ බරපතල වරදක් .....රටේ නීතියෙන් ප්‍රශ්න කිරීම සඳහා ගෙන්වා ගෙනීමට අවශ්‍ය පුද්ගලයෙකුට රටට එන්න එපා කියා උපදෙස් දීමම ඇප නොදිය යුතු වරදක් ......මොහු මේවා ප්‍රසිද්දියේ කියනකොට මොහු නීති වේදියෙකු වුනේ කොහොමද කියන එක පශ්නාර්ථයක් .....යහපාලගේ අවදානය පිණිසයි ......(ස)
මැක්ස... අනේ තොත්ත බබා එන්න උකුන් දෙන්න. (ස)
මැක්ස්, හර්ෂලාල්, රාජපක්ෂ කෙනෙකුට වෙබ් පිටුවකින් හරි කඩේයන එක වුණත් ඔයාලට නම්බුවක් නේද? (නි)
ඇත්තනේ! වැරදි කරලා නැත්නම් මොනවට බය වෙනවද? (නි)
ජන. 10දා ඇමරිකාවට මාරුවෙද්දී ඒක අයියට හොඳ නැහැ කියලා හිතුනේ නැද්ද දන්නේ නැහැ. මන්ත්‍රීලා ටික කාලයක් හරි හිරේ ඉඳලා ආවට කමක් නැති නිසා තව කාව කාව අවම සුදුසුකමක් ලෙස අත්දැකීම් ගන්න මාස 3 කට විතර යවාවිද දන්නේ නැහැ, බාප්පාගේ තනියටත් එක්ක. මේවා අහන දකින අපිටත් යන්න හිතෙනවා හිරේ. (නි)
දැන් එතකොට අර කෙනෙක් කිව්වෙ ලොක්කා පැරදුනේ බැසිල් හින්දා කියලා? බොරුද මන්දා කියලා තියෙන්නෙ? ඔය මහින්ද මහත්තයම කියන්නෙ මල්ලි හොඳයි කියලා. (නි)
වැඩිය එක එක දේවල් කියන්න එපා. පසුවට නරකට හිටින්න පුලුවන් (නි)
මට පෙනෙන්නේ මහින්ද මහත්තයාට කතා කරන්නත් පැටලිලා වගේ (නි)
ඒකෙත් හැටි! මහාරජානෝ කෙනෙක් වීමට පෙර සිරගතවී තිබීම හොඳයි එහෙනම්. අපිට නම් ඉතින් පොලිසියක කූඩුවට පැය 2-3කට යාම පවා රැකියාවක් ගැනීමේදී පොලිස් සහතිකයේ ලියවුණොත් බරපතල කාරණයක්නේ. ඒත් දේශපාලු උතුමන්ට මාස 3 කට සිරගතවීම ආභරණයක් හා විලාසිතාවක් එමෙන්ම ප්‍රබල සුදුසුකමක්. ඔබතුමා කියනවා. අපි අහනවා. (නි)
ඉතින් කට්ටියටම හිරේ ඉඳගෙන කැරම් ගහන්න, කාඩ් ගහන්න පුළුවන්නේ! (නි)
වංචාකාරයෝ අල්ලන්නේ නැත්තෙ මොකද කියල අහනවා . අල්ලනකොට දේශපාලන පළිගැනීමක් කියනවා. (නි)
ඇමරිකාව අත්අඩංගුවට ගනී කීයලා බයේද පැනලා ආවේ?? (නි)
චානක ලොස් ඇන්ජලිස්, මොහු නීතිවේදියෙක් වුණේ කොහොමද කියලා එක එක කතා කියනවා තමයි. ලොකුම ප්‍රශ්නය රටේ තවම නීතිය හරියට නැති එක. (නි)
අර කතාවක් තියනවනේ" උණහපුලුවට උගේ පැටියත් මැණිකක්" කියලා. ඔක්කොම එක වල්ලේ පොල් තමයි. වැඩි වෙනසක් නැහැ. (නි)
ලංකාවේ ඔක්කොම මෝඩයින් නොවෙයි මහින්ද මහත්තයෝ. (නි)
ටෙක්සාස් වලට හිහින් ඩඩ්ලිගේ ගෙදර ගිහි හැංගිලා ඉන්න තිබුණානේ (අ)
අයියා කියන දේ නාහන එකේ විපාක! (නි)
ඒකනේ! කියන දේ ඇහුවා නම් හරිනේ! (නි)
එපා කියද්දීමද අනෙක් දේවල් කළෙත්? (නි)
අයියා එන්න එපා කිව්වට මල්ලි දන්නවා දිගටම එහේ හැංගිලා ඉන්න බැරිබව.වැඩේ හොදටම ඇනෙන්න කලින් අයියේ මම ආවේ. (ස)
හොර මැරකම් කල සගයින්ව බේරා ගත්ත එතුමා තමන්ගේ සහෝදරයව බේරා ගන්න උත්සහ කිරීමත් අහන්න දෙයක්ද? (ස)
මෙයා ඇමති රන්ජන් විජේරත්නගේ කාලේදී හමුදාවෙන් අස්වෙලා ඇමෙරිකාවට ගියකෙනාගේ කව්ද? (ස)
ලංකාවේ වැඩි හරියක් ඉන්නේ තණකොළ කන ගොන්නුද තවම රෙදි හෝදන්න යන්නේ. (ස)
කියන දේ නාහන කෙනා ඉහළින් ගියත් එකයි පහළින් ගියත් එකයි කියන්නේ අන්න ඒ නිසයි (නි)
එදා ෆොන්සේකා මහත්තයව උසාවි ගානේ රස්තියාදු කරලා අන්තිමට හිරේ දමල සතුටු උන ඒ අයට, එදා ඔවුන් කලදේම දැන් තමන්ටත් කැරකුනා නේද? මේක තමයි බුදු දහමේ සත්‍යය. වෙන මුකුත් නෙමේ ඒ කල අපරාධය තමයි මේ පඩිසන් දෙන්නේ.(ස)
ලක්ෂ 50ක ලිත් චෝදනාවට හිරේ-කෝටි 4200 සුරැකුම්පත් වංචා චෝදනාවට හුරේ (ස)