මහනුවර සිට කොළඹ දක්වා අද (01) පෙරවරු 6.30 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ට ධාවනය වූ සෙකංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පිළිමතලාවේදි ගැලවියාමෙන් පසුව, දුම්රිය මැදිරි නොමැතිව එන්ජිම පමණක් කඩුගන්නාව දුම්රිය ස්ථානයට ගමන් කිරිම සම්බන්ධව දුම්රිය දෙපාර්තුමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
දුම්රියේ එන්ජිම මැදිරි වලින් ගැලවී යාමෙන් පසුත් දුම්රිය රියදුරු ඒ බව නොදැන කිලෝමීටර ගණනාවක් දුම්රිය ධාවනය කරවා තිබේ.
එය පිටත්වන අවස්ථාවේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ දුම්රිය එන්ජිමක් දුම්රිය මැදිරි වලට ඉදිරියෙන් සම්බන්ධකර තිබී ඇති අතර ඊට ඉදිරියෙන් අදාළ දුම්රියේ එන්ජිම සවිකර දුම්රිය ධාවනය කරමින් තිබියදී පිළිමතලාව දුම්රිය ස්ථානය පසුකර මද දුරක් යන අවස්ථාවේ ප්රධාන එන්ජිම ගැලවී ඉදිරියට ධාවනයවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය රියදුරන් කියන්නෙ කවුද කියලා අපි දන්නවා. ඒ අය ගැන කතා අහන්න ඕනෑ නම්, කියවන්න කාල් මුලර්ගෙ පොත්. හරිම රසවත් කතා. (නි)
අපෝ! පරීක්ෂණ නම් තියන්න එපා. අඩුම තරමේ දුම්රිය එන්ජිම හරි ආවනේ. පරීක්ෂණ තියන්න ගියොත් දුම්රිය සේවකයෝ වර්ජන කරලා දවස් දෙක තුනකට ලංකාවේම දුම්රිය ගමන් නතර කරාවි. එතකොට එන්ජිම තබා ඩක්කුවක්වත් එන එකක් නැහැ (නි)
ඔය විදිහට මෙයාලගේ ඇඳුම ගැලවුනත් මෙයාලා දන්නෙ නැහැනේ (නි)
කඩුගන්නාව කන්ද නගින අතරේ ඕක වුණා නම් මොකක් වෙයිද? (නි)
මෙහෙම වගකීමක් නැතුව වැඩකරන අය ගැන තීරණයක් ගතයුතුයි නේද? (නි)
මිනිහෙක් යටවුණත් දන්නේ නැති අයට තව මොන කතාද? (නි)
දුම්රිය රියදුරන්ට පසුපස පෙනෙන කැමරාවක් සවි කළයුතුයි. (නි)
එන්ජිම කරදරයක් නැතුව ආ එකම මදැයි (නි)
ඔන්න අද රටේ තත්වය! (නි)
ප්රධාන දුම්රිය ඇන්ජිමෙන් ගැලවුණු බවවත් නොදැන ගියා නම් එයා රියදුරෙක් වෙන්න බැහැ. (නි)
කන්ද නඟිද්දී දුම්රිය මැදිරි ගැලවුණොත් ඉබේම බ්රේක් වදිනවා නේද? (නි)
රියදුරා ෆේස්බුක් හිටියද දන්නෙ නැහැ (නි)
දුම්රිය රියදුරන්ගේ සහ අනෙකුත් සේවකයන්ගේ පඩි වැඩි කරන්න. වෙනත් දීමනාත් වැඩිකරන්න කරන සේවයට. අපි ටැක්ස් ගෙවන්නම් (නි)
හරියට අපේ යහපාලන ආණ්ඩුව වගේ. ආතක් පාතක් නැතුව, කිසිම අරමුණක් නැතුව ඔහේ ඇදගෙන දුවනවා. ජනතාව අතරමංවෙලා බලාගෙන ඉන්නවා. (නි)
අනේ ඉතින් එන්ජිම හරි අා එක මදිද? (නි)
රියදුරුගේ දුරකථන අංකය නියාමක ලග තිබිය යුතුයි. ඔහු නින්දේ පසුවී අැති බව පැහැදිලි වේ. (ර)
අනේ... කාර්මික දෝෂයක් රියැදුරු මහතාට පේන්නේ නැහැ නොවැ... (ර)
ඕක විතරක් නෙමෙයි කොළඹ කොටුවෙන් පස්වරු 6.10 ට යන මන්දගාමී දුම්රිය ඊයේ රාගමදී මගීන් එයට ගොඩවෙමින් සිටියදී ගමන් ආරම්භ කළා. මමත් බේරුනේ පුදුම බේරිල්ලක්. මේ දේවල් මේ විදියට වෙනකොට කට්ටිය බනින්නේ ජනාධිපතිට සහ අගමැතිට. මේ දේවල් මේ විදියට වෙන්න ගියොත් මිනිස්සු නීතිය අතර ගනීවි වැඩිකල් නොගොස්. (නි)
දුම්රිය රියදුරන් මගීන් ගැන හිතන්නේ නැහැ. දුර ගමන් යන දුම්රිය සමහර තැන් වල නතරකරලා මගීන් බහිනකම්වත් ඉන්නේ නැහැ (නි)
පරීක්ෂණයෙන් පසු වැරදිකරු වන්නේ යාන්ත්රික දෝෂයකට ලක්වූ දුම්රිය එන්ජිමද? අඩුම වශයෙන් දුම්රිය මඟ දමා යන දුම්රිය එන්ජිමේ රියදුරාට ජංගම දුරකතනයෙන් හෝ දැන්වීමට මේ දුම්රිය ගාර්ඩ්වරුන්ට නොහැකිවිද? නැත්නම් දෙදෙනාම නිදාගෙන සිටියාද? (නි)
ඔන්න ලංකාවේ උගත් බුද්ධිමත්තු. දෙවි පිහිටයි. (නි)
පුදුමාකාර එළවිල්ලක්නෙ එළවලා තියෙන්නෙ (නි)
අංගොඩ ලාල් .ඔබට වැරදිලා ,මොකද පහුගිය කාලෙත් තිබුන ආණ්ඩුව ඔය විදිහටම ගියා එකෙත් තිබුන එන්ජින් දෙකක් ,හැබැයි දැන් දෙකම ගිහින් කටත් හොරෙන් ,හැබැයි දැන් වෙන එන්ජිමක් { ජිඑල්} වර්ගයේ එන්ජිමක් දාලා අදිනවා හැබැයි එක ඉතාම පරණ කසිකබලක් ,එ්කත් කොපමණ කලක් දුවාවිද දන්නේ දෙවියෝ තමා,(බ)
මේකත් හරියටම දැන් තියෙන ආණ්ඩුව වගේනේ. (නි)