ඇඹිලිපිටියේ සාදයක දී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකට එරෙහිව ප්‍රබල හා තීරණාත්මක සාක්කියක් ඉදිරිපත් වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකුගේ මෙම සාක්කිය අනුව පොලිසිය දෙදෙනකුට පහර දී පඩිපෙල දිගේ ඇදගෙන මහපාරට රැගෙන විත් පොලුවලින් පහර දෙනු දුටු බවත්, පසුව ඔවුන් දෙදෙනා ජිප් රථයකට දමාගෙන ගිය බවත් ව්‍යාපාරිකයා කියා ඇතැයි පොලිස් ආරංචි පවසයි.
සාදයේ ගැටුම අතරතුර සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ නියෝගයෙන් සබරගමු නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අතුරු වාර්තාවක් ඉදිරිපත් කළේය.
ඉන් පසුව පොලිසිය සීසීටීවී ආරක්ෂක කැමරාවලින් සාක්කි සොයා ගියේය.
මෙම සාක්කිකරු සොයාගෙන ඇත්තේ ඒ අතරතුරදී ය.
සාදයේ සිටි පිරිසට පහර දෙද්දී මෙම ව්‍යාපාරිකයා 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකතනයෙන් කතා කළ විට ඔවුන් කියා ඇත්තේ පොලිසියට විරුද්ධ පැමිණිල්ලක් නම් 118 අංකයට ඇමතුමක් ලබා ගන්නා ලෙසයි. ඒ අනුව ඔහු එම අංකය අමතා ඇත.
ඊට පිළිතුරු දුන් පොලිසිය කියා ඇත්තේ පැමිණිල්ල ගැන සොයා බැලීමට කණ්ඩායමක් එවන බවයි. ඒ වන විට සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු 30 දෙනකු පමණ පැමිණ සිටින නිසා එතැනට එවීමට ඇඹිලිපිටිය පොලිසියේ තවත් අය නැති නේදැයි ඔහු අසා ඇති බවත් දැනගන්නට ඇත.
මෙම ව්‍යාපාරිකයා පසුගිය ජනවාරි හතර වැනි දා මධ්‍යම රාත්‍රී 12ත් 12.30ත් අතර එහි සිටි බවට සීසීටීවී ආරක්ෂක කැමරා සාක්කි ඇති බව පොලිස් ආරංචි පවසයි.
සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතා පැමිණි ආකාරය හා වාහනයේ පාට ද, මූලස්ථාන පොලිස් පරීක්ෂක පැමිණි ආකාරය ද, කුඩා ගිනි අවියක් අතැතිව වාහනයෙන් බැස සාදය තිබූ ස්ථානයට ආ බව කියන පුද්ගලයකු ගැන ද සාක්කි ලැබී තිබේ.
එහි දී පොලුවලින් පහර දෙමින්, කුණුහරප කියමින් සාදයට ආ මිනිසුන්ට ගැසූ සමහර අය කවුදැයි තමා දන්නා බවත්, ඔවුන් සාදයට සහභාගී වූ අය නොවන බවත් ව්‍යාපාරිකයා කියා ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇඹිලිපිටි පොලිසියේ නිලධරයන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයකු වන මෙම සාක්කිකරුගේ කටඋත්තරය අනුව පහර දුන්නැයි කියන අයගේ නම් ද ඔහු කියා තිබේ.
‘එක්තරා නිලධාරියකු එකකු තල්ලුකළා. කුඩේ කුඩු වෙන්න ඇති. මැරුනද දන්නේ නෑ‘ යි රතු ටීෂර්ටයක් ඇඳ එතැනට දුවගෙන ආ උස තලෙලු පොලිස් නිලධාරියකු එහි සිටි සෙසු අයට පැවසූ බව ද ඔහු පොලිසියට කියා ඇත. තල්ලු කළ බව කියන නිලධාරියාගේ නම සහ තනතුර ද ඔහු කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂිත පැරිසිය, මේක තමයි යහ පාලනය. හරි ආකාර පරීක්ෂණ වෙනවා ඒක පාර යහපාලනය උදාවෙන්නේ නෑ ඒකට යන පිළිවෙළක් තියනවා. කලින් එකට වඩා හොඳින් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද (බ)
යහපාලන තනි අවුරුද්දේ පොලිසියෙන් ජනතාවට කල බලපෑම් සුළු පටු නොවේ. (අ)
යහපාලනය ගැන හොද පැහැදීමක් ඇති වෙලා නැහැ තවම,හැබැයි අර පාලනයට වඩා හොදයි. (බ)
මේකේ හැම දේටම යහපාලනය ගැන කියන බත් කන ගවයෝ දානවද දැනේ නැ පසුගිය ආණ්ඩුවෙන් කල මෙවන් අපරාද කීයක් කරලා තියනවද කියල පුද්ගලික උවමනාවට මහ ඒ අයගේ ආරක්ෂකයන් දාල මරාපු ජීවිත ගණන එකට මොකක්ද දන්නේ කියන්නේ "උම්මතක පාලනය" කියලද මේක ආණ්ඩුවෙන් කළ දෙයක් නෙවේ මීහරක් පොලියක් කළ මීහරක් වැඩක් (අ)
අපේ පොලිස්පති තුමණි, "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී" පොලිසියේ මේ ආදර්ශ පාඨය තව දුරටත් පවත්වාගෙන යාහැකි ඉඩහසරට කාල නිර්ණයක් තිබේද? (අ)
මෙයද ලංකාවේ නීතිය.නීතිගරුක පොලිස්පතිතුමනි, මොකක්ද මේ වෙන්නේ. (අ)
අපොයි! හරිම නරකයි. මේ යහපාලනයද? (නි)
අහිංසක අසරණ මිනිසුන්ට උඩ පැනගෙන තිරිසන් ලෙසට පහරදෙන මේ නිලධාරීන්ට මුළු පොලිසියටම උගතහැකි පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)
පොලිසිය පොඩි මනුස්සයාගෙ විශ්වාසය නැති කරගෙන අවසන්. මේ වැරදිකාර නිලධාරීන්ට දඬුවම් දෙන්නම ඕනෑ (නි)
ඛොහොම හරි. මොවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
මේවා ගැන චෝදනා තිබෙන අය අත්අඩංගුවට ගන්න ප්‍රමාදවෙන හැම විනාඩියක් පාසාම පොලිසියේ ගරුත්වය නැතිවෙන බව මහජනතාවට තේරුනාට පොලිස් ලොක්කන්ට තේරෙන්නේ නැහැ (නි)
විපුල මහත්මයා, යහපාලන වසරේ පොලිසියේ ජඩකම් වැඩියි වගේ පෙනෙන්නෙ මාධ්‍ය නිදහස නිසයි. පසුගිය රජයේ වසරක ප්‍රතිශතය සිය ගුණයකින් වැඩියි. නමුත් මාධ්‍යවේදීන්ට ඒවා වාර්තා කරන්න නිදහස නොතිබුණු නිසා ජනතාවට දැනගන්න ලැබූණේ නැහැ. (නි)
එක් කෙනෙක් මරපු අයට සාක්කි හදලා වෙන කෙනෙක් ගස් යවන එක කරන්නත් බැරි නැහැ (නි)
සාක්කි දෙන්න ඉදිරිපත්වුණ එකට ඔබට හිසනමා ආචාර කරනවා. වැරදි කළ නිලධාරීන්ට උපරිම දඬුුවම් දෙන්න (නි)
මෙතන යහපාලනේ සම්බන්ධයක් නැහැ. යහපාලනය නිසා තමයි මේ විදියට හරි පරික්ෂණ කෙරෙන්නේ. වැරදිකරුවන්ට දඩුවම් ලැබෙයි, හැබැයි නිත්‍යානුකූලව. (නි)
අපරාධයක් කර කිසිදා සැඟවිය නොහැක (නි)
“මිනීමැරුමට දිය බුබුලත් සාක්කි“ කියලා කතාවකුත් තිබෙනවනේ. කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ . (නි)
දැන් මේ ව්‍යාපාරිකයාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නේද? (නි)
හරක් මස් , බ්‍රසියර තරම් ප්‍රශ්න නොවේ මේවා. සුළු දේවල් (අ)
බොහෝ දේ වෙන්නේ මට වතුර නිසා. මෙයට දරවන් දෙමාපියන් වග කියන්නේ මොනවටද? (අ)
මටනම් ඔය පොලිසියේ එකෙක් හරි සෙට් වුණොත් වැරැද්දක් කරලා මං පතුරු ගහනවා ඔය ජරා හැත්තෑ.(අ)
ලක්ෂිත පැරිසිය, ඹව් ඹව් මේ යහපාලන රජයේ විදේශීය කුමන්ත්‍රණයක් .(අ)
ලක්ෂිත පැරිසිය, අලුතින් යහපාලනටය පත්වුනේ දේශපාලකයන් මිස නිලධාරීන් නොවේ... කාලාන්තරයක් දේශපාලන රැකවරණ යටතේ ඔයවගේ නීතිවිරෝදී වැඩ කරලා පුරුද්ද තියනකොට ඒවා එක පාරටම එයාලට නවත්වන්න බෑ... ඉබේට පුරුද්දට කරනවා.... (බ)