ඉදිරි මහ මැතිවරණය අති විශිෂ්ට ලෙස ජයගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් එය වළක්වාලීමට විවිධ කේවට්ටයන් ජනපති ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වාලීමට දැඩි උත්සාහයක නිරතවවන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (23) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
‘පසුගිය රජයේ සිටි සියලු දූෂිතයන් ගැන රටම දන්නවා. ඒක නිසා ගම්වල ජනතාව වැල නොකැඩී එජාප වටා එකතුවෙමින් සිටිනවා‘ යැයිද අධ්‍යාපන ඇමැති කීවේය.
අමාත්‍ය පී.හැරිසන් මහතාද එම අවස්ථාවට එක්විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්වල ජනතාව වැල නොකැඩි එජාපය හා එක්වෙනවා කියල තියෙන්නේ ලේසියෙන්ම අන්දන්න පුළුවන් ගම්වල ජනතාව කියලා හිතාගෙන ඉන්න හින්දද.? (ර)
හිනා යන කට මොනවා කරන්නත් ජන්දයක් තියන්න ඕනනේ නේද බලෙන් එදගෙන කලට වැඩක් නැනේ (ම)
කොටි පරාජය කරන්නේ කොහොමද? ඔබල දන්නවද මහකොටියක් සගවා සිට කරන හරිය .අත්දැකීමෙන් මම කියන්නේ. (බ)
ඇහැරෙන්න ඇහැරෙන්න දැන් එළිවෙලා. මහින්ද ඉන්න කම් දිනනවා බොරු.(බ)
කුෂි ගේ ආරාධනාව නිසා මේ ලෙස ලියනවා, මම කොහොමත් අනාරාධිතව ලියන්නේ නැහැ, එක දන්නා උදවිය දන්නවා මුල ඉදලා මේ සංවාද මණ්ඩපයේ ඉන්න මත්වරු හා නෝනා වරු. කුෂි නෝනා, ඔබතුමිය ගේ කතාව හරි වැරදියි, මම කිසිම තැනක ගිය ආණ්ඩුව හරියි කියලා නැහැ, මේ ආණ්ඩුව වැරදියි කියලා නැහැ, මම හැමදාම කියන්නේ හරි දේ හරියි කියන්නත් වැරදි වැරදි කියන්නත් අපිට කොන්දක් හා හොද ආත්ම ශකිතියක් තිබිය යුතුයි නේද ? කරුණාකර මට ලියන්න මගේ නමින්ම අපහාස හෝ උපහාස නැතිව , ඕනෙම කෙනක් ලියන්න මා පිළිතුරු දෙමි . අනෙක මෙතන අදහස් දාන උදවිය දේශපාලකයින්ට වඩා ගොඩක් ඉහලින් ඉන්න බවත් මතක තියා ගන්න , ඉතින් අපි දේශපාලකයි කියන හැම දේම අනුමත කල හෝ නොකළයුතු නැහැ නේද කුෂි ? (ර)
පෙරේරා මතතාගේ හරබර ප්‍රතිචාර ඉතා අගනේය, ඔබ වන්නවුන් මෙහි සිටීමද පුදුමය. ඔබ තුමාගේ පැතුම් හා සියල්ල අහිංසක, අවංක හා අව්‍යාජ බව මම විවාදයකින් තොරව පිලිගනිමි. යුදමය වශයෙන් පරාජය කලද, මොවුන් ව ප්‍රතිපත්ති මය ලෙස පරාජය කරීමට බැරිවීම අපේ ජාතියේ අඩුපාඩුවක් මිස වෙන කිසිවක් නොවේ. සුළු ජාතින්ට කියා සිදුවූ විශේෂ අඩු පාඩුවක් නැත. තිබෙන අඩුපාඩු අඩු වැඩියෙන් අප කාටත් ඇත උතුරේ සිට දකුණට. (ර)
දැන් බලන්න කුෂි අද මොකද වෙන්නේ ? ඔබ තුමිම මගේ නමින්ම ලියන්න , කොටි පරාජය කළාද 2009, දැන් නැවත කොටි අරමුදල් ශක්තිමත් කරන බව ඇමෙරිකාව කියනවා නේද ? නැද්ද ? මේ මොකද උතුරු නැගෙනහිර දන්සල් දාන්නද ? 2009 දී සහමුලින්ම යුදමය වශයෙන් පරාජය කරපු කොටින්ට නැවත පන දෙන්න ඩයස්පෝරාව උත්සහ කරන්නේ නැද්ද ? ඩයස්පෝරාව කරන දේවල් මේ රජය නැසූ කනින් ඉදගෙන අනුමත කරන්නේ නැද්ද ? කරුණාකර මට ලියන්න මගේ නමින්ම අපහාස හෝ උපහාස නැතිව , ඕනෙම කෙනක් ලියන්න මා පිළිතුරු දෙමි . ඉතින් මේ යට කොටින් බෙදුම්වාදයට උඩ ගෙඩි දෙනවා නොකියා වෙන මොනවා කියන්නද ? (බ)
මහානාම මහතාණෙනි ඔබගේ පිළිතුරට බෙහෙවින් ස්තුතිවන්ත වන අතරම අපි අතර වුණ සංවාදය සුහදශීලීබවින් යුත් විවාදාත්මක හරබර සංවාදයක් වීමෙන් මම බෙහෙවින් සතුටට පත්වීමි. මා දේශපාලනයකින් තොරව අදහස් උදහස් ප්‍රකාශ කිරීමට කැමතිය. ඇත්තෙන්ම අවාසනාවට අපේ රටේ දේශපාලනය ගැන කතාකිරීම හිරිකිත අපුලත්වයෙන් පිරුණු දෙයක් ගැන කතාකිරීම හා සමානය. එහෙත් පැවතුන රජයත් හා පවතින රජයත් අතර වෙන ක්‍රියාදාමයන් විවේචනය කර හරි වැරදි පෙන්නාදීම අප කාගේත් යුතුකම වන්නේයැයි මාගේ පිළිගැනීමයි. ඔබත් සමග විවාදාත්මක හරබර සංවාදයක යෙදීම මා හට ගෞරවයක් යැයි සිතන අතර තවදුරටත් ඔබ හා විවාදාත්මක හරබර සංවාදයක යෙදීම මා බොහෝ කැමැත්තෙන් සිටිමි. (නි)
බම්බුව!(නදී)
ඩුබායි තිලක්ට ඉන්දියාවේ හිටිය නම් සෑහෙන ගානක් හොයා ගන්න තිබුනා මෝධී මහත්තයගෙන්. මේ එලි පහලියේ කිසි හිරිකිතයක් නැතුව කැත කරන විධියට..අම්මෝ මෙහෙම ගදක්.(නදී)
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා , කරදර අහක දමා , පොඩ්ඩක් වෙන්න හිනා (ම)
පුහ් (බ)
මම මහානාම නමින්ම ලියමි. ඔව් 2009 මෙරට තුළ පමණක් කොටි පරාජය කළා එය කවුරුත් අවිවාදයෙන් පිළිගන්න දෙයක්. නමුත් අපිට ජාත්‍යන්තර කොටි පරාජය කිරීමට නොහැකි වුණා. මහානාම මහත්තයෝ කොටි ඩයස්පෝරාව ශක්තිමත්වීම, හිටපු ජනාධිපති තුමාගේ කාලේ ඉඳන් පැවතුන දෙයක් බව මගේ අදහසයි. කොටි අරමුදල් ශක්තිමත් වෙන්න එක හේතුවක් තමයි යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම. ඒ කොටි තහනම ඉවත් කිරීමත් සමග තහනම් කරපු බැංකු ගිණුම් සක්‍රිය වුනා . යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීම සම්බන්ධව පසුගිය ආණ්ඩුව ගත් පියවර කුමක් දැයි මම ඔබෙන් අසමි. එසේ යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුගිය රජයට අවශ්‍යවී තිබුනේනම් යලිත් යුරෝපයේ කොටි තහනම ඇති කිරීමට යුරෝපීය උසාවියට ඇපෑලක් ඉදිරිපත් නොකරේ ඇයි? පවතින රජය විසින් එය දැනටමත් සිදුකර ඇත. එසේනම් පවතින රජය බෙදුම්වාදයට උඩගෙඩි දෙනවායි ඔබ පවසන්නේ කෙසේද? (බ)
අනේ ෂෝක් විහිළුව මෙයා! (නි)
අනේ තිලක් - ඩුබායි. ඔයා දැන් යුඑන්පිය අත්හැරියාද ? ඒ වුනත් ඔයා ඔට්ටු දාන්න යන්නේ දියවෙන නැතිවෙන පක්ෂ දෙකකටනේ. ඇත්තටම ඔයා හින්ට් එකටද කිවුවේ. (බ)
ගාමිණි , හීනෙන් අපිට පෙන්නේ නැහැ ,මොකද අපිට අවතාර පෙන්නේ නැහැ ,(හේ)
දවල් හීන දකින එකත් මාර ජොලියක් වගේනේ (බ)
හැරිසොන් කෙසේ වෙතත් අකිල කියන දේ හරි ඇති. මොකද එයාට රනිල්ගෙන් ඍජුවම තොරතුරු ගලාගෙන එන නිසා. අනික එයා මේ රටේ බුද්ධිමතුන් බිහිකරන අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කානේ. (බ)
රැ වැටුනු වලේ දවලුත් වැටෙනවද? (ම)
බයවෙලා. ගමට යන්න බැහැ. (බ)
"පසුගිය රජයේ සිටි සියලු දූෂිතයන් හා නව රජයේ කොළ/නිල් දූෂිතයන් ගැන රටම දන්නවා".මෙවර මහ මැතිවරණයදී ජනතාව දිනවන්න ජෙනරාල්ගේ පක්ෂය සහ ජවිපෙ ඉදිරියට ගෙනෙනවා. (නි)
හැමදාම එජාපෙ ඡන්දෙට ඉස්සෙල්ලා දිනුම්. පස්සේ පරාජය (බ)
ජනාධිපතිවරණය දවස් වලත් මහින්දට කැමති අය ඔය වගේ කතා මේකේ දාලා තිබුනා. (නි)
ජනාධිපතිවරණයේදී ගිනි තැබූ අට්ටාලය උඩ ඉඳගෙන සමහරු කිව්වේ"8 වෙනිදා උදෙන්ම ගිහින් හංසයා ඉදිරියේ කතිරේ ගහන්න,"ඉතිරි ටික අපි බලාගන්නම්" කියලා.තවම බලනවා.දැන් සියලුම දුෂිතයන් එකට එකතුවෙලා.හරිම කණගාටුයි. (නි)
එච්.පෙරේරා, ඔබ දන්නා තරම පැහැදිලි උනා. ඔබේ දැනීම ගැන මට හරි පුදුමයි. ඔබ කියනකං මාත් දැනන් හිටියේ නැහැ කොටි ඩයස්පෝරාව ගැන. (ර)
"එකම රටක්,හොරු එක යායට". (නි)
පෙරේරා මහතාණෙනි, ප්‍රතිචාරයට බොහොම තුති, ඇත්තෙන්ම ඔබගේ භාෂා විලාශය හා තාර්ක කිරීමේ හැකියාව අගය කරමි. ඔව් ඔබ නිවැරදියි, 2009 දී කොටි තස්තවාදය යුදමය වශයෙන් පරාජය කලාට, ප්‍රතිපත්තිමය වශයෙන් පරාජය කරන්න බැරි වුනා. නමුත් අපි මතක තියා ගත යුතුයි , ලෝකයේ කිසිම රටකට අදටත් බැරි උනා කිසිම ත්‍රස්තවාදී සංවිදානයක් යුදමය වශයෙන් හෝ පරාජය කරන්න. (ර)
එජාපයේ ජය නියතලු. එහෙමනම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ! (නි)
අනේ අපොයි අපි මෙච්චර මෝඩද ඔයාලගේ ඔය සුරඟන කතා අහන්න? ඔයාලා මොනවද කළේ? කොළඹ විනාශ කළා. ආරක්ෂාව අනතුරේ දැම්මා.අයියෝ! අපි දැන් මෝඩ නැහැ. (නි)
යු එන් පි එකට බහුතර බලය ලබාගන්න වෙන්නේ නම් නැහැ. ඒත් ජවිපෙ,ජෙනරාල්ගේ පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය , කදුරට පක්ෂ එකතු වුණාම ආසන 130 ක් විතර අරගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවන්. අන්තවාදීන් කොටසක් හැරුනකොට බහුතර පිරිසක් ඡන්දය දෙන්නේ දූෂිතයන් අඩු එජාපයට. ලක්ෂ 57 න් සැළකිය යුතු පිරිසක් මෙවර ජවිපෙ පැත්තට හැරේවි කියලා පෙනෙන්න තිබෙනවා. (නි)
මේ රජය ජයග්‍රහණය කරලා පත්කළ කෙනෙක් නිසා මට නම් එපාවුණා.රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
මහින්ද මහත්තයා වෙනම ඉල්ලුවොත් ආසන 30 ක් විතර ගනී. පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රී නායකත්වය යටතේ ආසන 50 ක් 60 ක් ගනී. ඒ නිසා ඇමතිතුමාගේ කතාව හරියන්න ඉඩ තිබෙනවා. (නි)
"අතරමඟදී නතර කරන්න සිද්ධවුණ"ගිනි අවි සහ ගිනිකෙළි "හොඳම ටෙලි නාට්‍යයේ එක නායකයෙක් මැරෙනකොට තවත් නායකයන් ඉදිරියට එනවා වගේ රටේ එක්කෙනෙක් ගෙදර යවනකොට තවත් රැලක්ම බිහිවෙනවා. (නි)
දින 100 ආණ්ඩුව ජනතාවට සහන දීලා තිබෙනවා. බඩු මිලට අමතරව, සමෘද්ධි දෙගුණ කිරීම, මහපොළ දෙගුණ කිරීම, වැඩිහිටි දීමනාව දෙගුණ කිරීම නිසා මිනිස්සු පැහැදිලයි ඉන්නේ. ඒ වගේම තෙල් මිල අඩු නිසා මධ්‍යම පාන්තික ජනතාවත් ඉන්නේ ආණ්ඩුව එක්ක.බොරුවට අන්තවාදීන් කෑ ගැහුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගත් ප්‍රශංසනීය මට්ටමක තියෙනවා. මමත් හිතන්නේ එජාප ආණ්ඩුවක් එනවා. (නි)
මෙයාලට නින්ද යන්නෙ නැහැ, රෑට හීනෙන් මහින්ද මහත්තයා පේනවා. දවල්ට ඒවා අමතක කරන්න මහජනතාවට විහිලු කරනවා. දැන් බයවෙලා ඉන්නේ. (නි)
මොහාන්,ලක්ෂ 57 න් විතරක් නෙමෙයි ලක්ෂ 62 ත් සැළකිය යුතු මොළය තිබෙන පිරිසක් මෙවර ජවිපෙට සහ ජෙනරල්ගේ පක්ෂය පැත්තට එකතු වෙනවා.ඒ රට දිනවීමට. (නි)
සිහින දැකීම වරදක් නොවේ (නි)
පෙරේරා මහතාණෙනි , ප්‍රතිචාරයට බොහොම තුති , ඇත්තෙන්ම ඔබගේ බාෂා විලාශය හා තර්ක කිරීමේ හැකියාව අගය කරමි . ඔව් ඔබතුමා නිවැරදියි , 2009 දී කොටි තස්තවාදය යුදමය වශයෙන් පරාජය කලාට , ප්‍රතිපත්ති මය වශයෙන් පරාජය කරන්න බැරි වුනා , නමුත් අපි මතක තියා ගත යුතුයි , ලෝකයේ කිසිම රටකට අදටත් බැරි උනා කිසිම තුස්තවාදී සංවිදානයක් යුදමය වශයෙන් හෝ පරාජය කරන්න , තව ගොඩක් දේවල් ලැබේවි සාමය හා සංහිදියාව නාමයෙන් ඒ වෙනුවෙන් අපි දෙන්නේ උකස් කරන්නේ අපේ රටයි පෙරේරා මහතාණනි . තව ගොඩාක් ලියන්න පුළුවන් , ඔබතුමා ගේ ප්‍රතිචාරය අනුව ලියන්නම් .. (බ)
අපිත් ඉන්නේ මෙහේනේ! අපි බලමුකෝ... (නි)
කට්ටිය එජාපෙ න් හැළෙන ඡන්ද එකතුකරන්න පටන් අරගෙන වගේ (නි)
මොහොට්ටි, ඔබතුමාට කියන්න පුලුවන්ද ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් ප්‍රශංසනීය ක්‍රියාමාර්ග මොනවද කියලා?
හොඳයි හොඳයි අපි බලමුකෝ! (නි)
සමහරු නම් කට විතරයි, වැඩ නැහැ (නි)
ඔව් මේගොල්ලෝ බය වෙලා මහින්ද මහත්මයට පිස්සු විකාර කියවනවා (බ)
තාම ඔයාල තේරුම් අරගෙන නැහැ.මහින්ද හොරා කීවේ පරද්දන්න ඕනි නීසා. නමුත් රට හැදුවේ මහින්ද .අමතක කරන්න එපා රට තිබුන භයානක තත්වය ගැන.අපිට නිදහසේ ඉන්න පුළුවන් කළේ එතුමාගේ නායකත්වයෙන්. (බ)
අර ඉඳලා ගිය එක්කනා කිව්වෙත් ඔය කතාම තමා අනේ මන්දා බලේ තියෙනකොට මොලේ නැහැ කියන එක සම්පුර්ණ ඇත්ත (ම)
රට හැදුව තමා. එත් ඒ එතුමාගේ සල්ලිවලින්නම් නෙවේ. මේක තේරුම්ගන්න බැහැනේ බහුතරයකට. සල්ලි ණයට අරගෙන ඒවා ගෙවන්නෙත් අපි. ගත්තු ඒවායින් වැඩි හරියක් ගියේ සාක්කු වලට. ඒවත් ගෙවන්නේ අපිම තමා. යුධ ජය , තනි ජයග්‍රහණයක් නොවේ. එය සාමුහික ප්‍රතිපලයක්. ඔය හැම දෙයක්ම අපි වෙනුවෙන් කරන්න තමා අපි ඔය අයව පත් කරලා යැව්වේ. එයාල ජනතා සේවකයෝ. ඒ බව වත්මන් ජනපති පැහැදිලිවම කිව්වා. මෙය තේරුම් අරගෙන අදහස් පල කරනවානම් තමා හොද. (ර)
ලබන මැතිවරණයටවත් රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වැඩ කළ හැකි උගත් , තරුණ හා හැකියාවන්ගෙන් යුත් පිරිසක් යවන්න උනන්දු වන ආකාරයේ පෙලබිමක් ඇති වුණොත් තමා හොද. ඒ වෙනුවෙන් කතා බහ තමයි අපි කරන්න ඕනේ.(ම)
මෙයාට අධ්‍යාපන ඇමතිකමක් කරන්න පුලුවන්ද?ළඟදී තිබුන පත්වීම් ලිපි ප්‍රදානයකදී තරුණයෙකුට දන ගහලා වැඳගෙන හිටියා.භික්ෂුන් වහන්සේ නමකගේ සහ ගිහියෙකු අතර වෙනස හොයාගන්න බැරි මේ වගේ අය කියන කතා කවුද ගණන් ගන්නේ. (බ)
ඔව් ඉතින් මෙයා ගිහියන්ටත් වැඳ වැඳ පත්වීම් දෙනකොට එහෙමත් වෙයි තමයි.(ම)
මහානාම මහතාණෙනි ඔබගේ පිළිතුරට අවංකවම මා ගොඩක් සතුටට පත්වීමි. අද ලෝකයේ යුධමය වශයෙන් ත්‍රස්තවාදීන්ව පරාජය නැති බව මා පිළිගනිමි. නමුත් අප රටේ ත්‍රස්තවාදීන්ව යුධමය වශයෙන් පරාජය කළමුත් ජාත්‍යන්තර මට්ටමින් කොටි සංවිධානය පරාජය කිරීමට අපට නොහැකිවී ඇති බව ඔබත් මමත් පිළිගන්න කරුණකි. අපිට ජාත්‍යන්තර මට්ටමින් කොටි සංවිධානය පරාජය කිරීමට නොහැකිවී ඇත්තේ ඔවුන්ගේ අරමුදල් හා සංවිධානාත්මක වශයෙන් ශක්තිමත්භාවයයි. අපි ඒ ශක්තිමත්භාවයයි සංවිධානාත්මකකම බිඳ දැමිය හැක්කේ සුළුජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දීමෙන් මිසක් ඩයස්පෝරාවක් කියා කොන් කිරීමෙන් නොවන බව මගේ අදහසයි. මොවුන් අප රටේ උපන් පුරවැසියෝ, ඩයස්පෝරාවක් කියා ප්‍රශ්නවලට විසඳුම් නොදීමෙන් සිදුවන්නේ තවත් මොවුන් ජාත්‍යන්තර මට්ටමෙන් තවත් ශක්ත්මත් වීමයි. විදේශීය රටවල් මොවුන්ව තවත් පිළිගැනීමට සුදානම් වීම හා තවත් ප්‍රභාකරන් කෙනෙක් නැවත ඉපදීමකට ඉඩ සලසා දීමයි. අපි ඩයස්පෝරාව කියන වචනය අසන්නට ලැබුනේ කොටි සංවිධානය කියන වචනයත් එක්කමයි. ඩයස්පෝරාවක් කියන්නේ අප රටින් සරණාගතයන් වශයෙන් විදේශ රටවලට ගොස් පදිංචිවී රැකියාවක් කරන අයටයි. මොවුන් අප රටට ගෙනත් අපේ ආර්ටිකය ශක්තිමත් කළනොහැක්කේ ඇයි? මන්ද මොවුන්ගේ හිතට අප තවමත් සංහිදියාවක් ඉස්ටීරසාර විසඳුමක් විශ්වාසයක් ඇති නොකළ නිසා බව මගේ පිළිගැනීමයි. අපි අද පටන් මොවුන්ගේ හිතට සංහිදියාවක් විශ්වාසයක් ඇති කරන්න ක්‍රියා කරනවානම් (වෙනම රටක් , වෙනම ජාතික කොඩියක්, හා වෙනම පාලනයක් නොදී) මොවුන්ගේ ශක්තිමත්භාවයයි සංවිධානාත්මකකම අහෝසිවී ගොස් වැඩි කලක් යන්නට මත්තෙන් ජාත්‍යන්තර මට්ටමින් නැවත කොටි සංවිධානය පරාජය කිරීමට අපට හැකි බව මගේ අදහසයි. (නදී)
අකිල අධ්‍යාපන ඇමති විදියට ගැලපෙනවා ලගදි කිව්ව විදියට හැම කොට්ඨාශයේම පාසල් 2ක් අරන් සියඵ පැති වලින් දියුණු කරනවා කියන එක ඉතා හොද යෝජනාවක් වචනයට සීමා නොවී ඒක ක්‍රියාත්මක කරන්න. දිනන බව විශ්වාසයි හැබැයි දින්නට පස්සේත් හොදින් වැඩ කරන්න. (ර)
එජාපයට ඔය කියන 5/6 ක බලය කීයටවත් ලැබෙන්නේ නැහැ. (ර)
ඇමතිවරු, ජනාධිපති, අගමැති පක්ෂ දේශපාලනය නොකළ යුතුයි, ඔවුන් සියලු පුරවැසියන්ගේ නායකයන් බැවින් ස්වාධීනව කටයුතු කල යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පමණක් පක්ෂ දේශපාලනය කිරීම තමයි සුදුසු. (ර)
අධ්‍යාපනය රාජකාරිය හරියට කෙරෙනවාද කියලා බලා ගන්න පුළුවන් විභාගයක් තියන කොට. තව දෙයක් මොකද මේ මෙතන සමහර මහත්තුරු කාන්තා අපි අදහස් ලියන කොට බය වෙලා. (ර)
මේ පාඨක තීරයේ පසුගිය ආණ්ඩුවට එහෙයි කියන්නේ නැති හැමෝටම මහානාම යහපාල ඇතුළු කණ්ඩායම කොටි බෙදුම්වාදී ලේබල් ගහ ගහ රට වටේට යනවා . ඉස්සෙල්ලා ඔය ලේබල් ගැහුවේ ප්‍රසිද්ධ දේශපාලකයන්ට . දැන් මෙතන ලියන ස්වාධින මිනිස්සුන්ට. මේ ඉතින් මේ අයගේ දේශපාලන ප්‍රතිපත්තියේ හැටි තමයි. (බ)