ලියුම් කියුම් සන්දේස බාරව ඉන්න දේශපාලන ලොක්ක පසුගිය දවසක තමන්ගෙ අමාත්‍යංශයේ තියන ලොකුම දෙපාර්තමේන්තුවෙ ප්‍රධානියට එන්න කියලා නියෝගයක් දුන්නා.
දෙපාර්තමේන්තු ලොක්ක දේශපාලු ලොක්ක ළඟට යනකොට ලේකම් තැනත් අසුන්ගෙන හිටිය කියමුකො...
දෙපාර්තමේන්තු ලොක්කා එක්ක දේසපාලන ලොක්ක හිටියෙ මල පැනලා... ඒකට හේතුව උන්නැහේ කියන බොහෝ වැඩ දෙපාර්තමේන්තුවෙන් සිද්ධ නොවන නිසයි. මේ ගැන ප්‍රශ්න කරන්නයි දෙපාර්තමේන්තු ලොක්ක කැඳෙව්වෙ. ඊට පස්සෙ ඇතිවුණ සංවාදෙ මෙහෙමයි.
ඇයි තමුන් මම කියන වැඩ කරන්නෙ නැත්තෙ... එතුමා කෙළින්ම ප්‍රශ්න කළා.
"කරන්න පුළුවන් වැඩ සේරම කළා. හැබැයි බැරි වැඩනම් කළේ නැහැ සර්.. ඒක ඇත්ත". දෙපාර්තමේන්තු ලොක්කා උත්තර දුන්නා.
"බැරි වැඩ... ඕගොල්ලන්ට අපි මොනව හරි කිව්වොත් ඒව බැරි වැඩ.. හැබැයි ගිය ආණ්ඩුව කාලෙ ඇමැති කියපු ඕන මඟුලක් කළා... අපට තමයි නීති පොත පෙන්නන්නෙ. මම සේරම දන්නව අයිසෙ... දේසපාලුතුමා තවත් කේන්තියෙන් කියාගෙන කියාගෙන ගියා...
"ඇයි එදා එහෙම කළානම් අද ඒ විදියට කරන්න බැරි"
එතුමා ආයෙම තදින් ප්‍රශ්න කළා. හරියට දෙපාර්තමේන්තුව දුවවන දෙපාර්තමේන්තු ලොක්කත් ඇරියෙ නැහැ හොඳට උත්තර දුන්නා...
"ගිය ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා එකක් නැහැ සර් අපිට. හැබැයි වෙනසක් තියනවා. ඒ ආණ්ඩුව කාලෙ හිටපු ඇමැතුමාවත් අපිව පාලනය කරපු ලේකම්තුමාවත් කිසිම දවසක අපට නීති විරෝධී වැඩ පැවරැවෙ නැහැ. නීතියට පටහැනි නියෝග දීලා නැහැ. ඒ අය කිව්වෙ කරන්න පුළුවන් වැඩ විතරයි. ඒ හින්දා අපි ඒව කළා..." දෙපාර්තමේන්තු ලොක්ක හොඳ බෝම්බයක් අතෑරියා...
"ඒ කියන්නෙ අයිෂෙ අපි දෙන්නෙ වැරදි නියෝග. පවරන්නෙ කරන්න බැරි වැඩ. ඒකද තමුන් කියන්නෙ?" ඇමැතිතුමා ප්‍රශ්න කළා..
"ඒක මම දන්නෙ නැහැ සර්. සර් මට කිව්ව නිත්‍යනුකූල වැඩ සේරම කරල ඉවරයි..." දෙපාර්තමේන්තු ලොක්ක ආයෙම කිව්වා.
"හොඳයි තමුන් එක්ක වාදකරන්න නෙවෙයි මෙහෙන් එන්න කීවෙ... මම ඒව බලාගන්නම් කො..... කිව්වා. දේසපාලුතුමා දෙපාර්තමේන්තු ලොක්කට යන්න කියලා අණ කළා.. මිනිහා බොහෝම සැහැල්ලු සිතින් යන්න ගියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd