‘පසුගිය කාලවල ජනාධිපති ආරක්ෂක අංශයත් ගංඟාවලට බැහැලා මැණික් හාරන්න කටයුතු කළා. එයාලා මේ මැණික් ගිහින් දුන්නේ කාටද කියා මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ.‘ යි මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙහිඕවිට දී කීවේය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැදිහත්වීමෙන් තල්දූව සීතාවක ප්‍රදේශයේ මැණික් ගැරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු මූල්‍ය ප්‍රතිලාභ තල්දූව හා සීතාවක වසම්වල ආගමික මධ්‍යස්ථාන, සමෘද්ධිලාභීන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිලාභ ලබාදීමේ උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී අද (29) පැවැත්විණි.
‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පසුගිය අවුරුදු කිහිපයක කාලයේ කටයුතු කළ ආකාරය ගැන මම කිසිසේත් සතුටු වෙන්නේ නෑ. මැණික් සංස්ථාවට අයිති දේවල් කළ යුතුයි. මෙම ආයතනවල කටයුතු දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව කිරීම අත්‍යවශ්‍ය දෙයක්.‘
අමාත්‍යවරු වන රංජිත් සියඹලාපිටිය, අතාවුද සෙනවිරත්න, සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සබරගමු විපක්ෂ නායිකා වෛද්‍ය තුසිතා විජේමාන්න, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අරුණ ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද එහි වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රෑ දනියෙල් දවල් මිගෙල්" දැන් පෙන්වනවා. (බ)
ජනාධිපතිවරණයට කලින් ගිනි තියපු අට්ටාලය උඩ ඉදගෙන "ඔබල සියලුම දෙන කිසිම බියක් නැතිව උදෙන්ම ගිහින් "හංසයා" ඉදිරියේ කතිරේ ගහන්න.ඉතිරි ටික අපි බලා ගන්නම්.. කියපු කෙනාද කියලත් හිතෙනවා. (බ)
ගත්තු කෙනාට මේ වෙනකොට ඇපත් නැහැ ,නමුත් දුප්පතාගේ දුක දැන් හොදට තේරුම් අරගෙන බලය තියෙනකොට දුප්පත්ගේ මුදලින් පිනුම් ගැහැව්වා දැන් වදින ඇවිදින එක තමයි වැඩේ (බ)
මේ කතා වලින් වෙන්නේ ශ්‍රී ලංකා එකට ඡන්ද අඩු වෙන එක කියල ලොකු උන්නේහට තේරෙන්නෙම නැද්ද? (ම)
කරලා තිබෙන අපරාධවල හැටියට තවමත් යහතින් ඉන්නවා කියන එක ගැනයි මට පුදුමේ (බ)
විස්ස සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කටමැත දෙඩූ මෛත්‍රිපාල චම්පක රතන හිමි ආදීන්ට අද කට බිම අතුල්ලා ගැනීමට සිදු වී ඇත. විශ්වාසභංග යෝජනා ගෙන ආ මහින්ද පිළට මෛත්‍රිපාල පිළ අකුල් හෙලුවේ ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේත් ශ්‍රීලනිප සභාපති ධුරයේත් බලතල යොදා ගනිමින් රනිල් හා ඇමැතිවරුන් ආරක්‍ෂා කෙළේ ය. අවසානයේ දී තවදුරටත් කල්ගැනීමට නොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැර අගමැති හා ඇමැතිවරුන් ගලවා ගත්තේ ය. තමන්ගේ විස්ස ව්‍යාපෘතියවත් රැක ගැනීමට මෛත්‍රිපාලට නොහැකි විය. ඔහු දූෂිතයන් රැක ගැනීමට තම ව්‍යාපෘතිය පාවා දුන්නේ ය. එමගින් ජනාධිපතිකම ද තම දේශපාලන ජීවිතයද පැවැත්ම ද රැක ගන්නට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට එ ජා පක්‍ෂයෙන් දැඩි බලපෑමක් එල්ල විය. ඒ හමුවේ ඔහු අවසානයේ දී අතපය හකුළා ගත්තේ ය. පරාජිතගේ සැලසුම් ද පරාජයට පත්විය. (බ)
මහින්ද රාජපක්ෂ කරන ලද අපරාධ සහ දූෂන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7000 කට වැඩි යයිද ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට ඉන්නේ 600 ක් පමණ නිලධාරීන් පිරිසක් බැවින් පරීක්ෂණ පමා වනවා මිස...... (බ)
පක්ෂ , පාට කුමක් වුනත් හොරුන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුමයි. ඒ සදහා අදාල ආයතන වලට උපරිම බලය ලබාදීම ජනපති තුමනි ඔබගේ මහගු කාර්යභාරයකි . (බ)
දිව දික් කරනවද බලන්න එකක්ද දෙකක්ද තියෙන්නේ කියල බලාගන්න. (බ)
අන්තිම මාස දෙක වෙනකම් දුෂිත රජයේ සියලු වරදාන වරප්‍රසාද විදගෙන බලවත් කැබිනට් ඇමති කෙනෙක් හැටියට මේ සියල්ල දැක දැක නිහඩව සිටීම මගේ නීතියේ හැටියටනම් හිටුවා පස් ගැසිය යුතු වරදක්,,යහපාලගේ නීතියේ හැටියට බුරු පොලේ හිටියත් එකයි ..බුරු ගැහුවත් එකයි. හැබැයි යහපාලන නීතියේ එහෙම නැහැ වගේ..ඒකෙ ඕන තරම් බලන් ඉන්න පුළුවන්..පොලිසියෙන් පනින වෙලාවට බුරු කොලේ අතේ නොතිබුනානම් වැඩේ ගොඩ..කලින් ගහපුවා වලංගු නැහැ..(බ)
දැන් සියලු කුණු වැඩ වලට දඬුවම් ජනාධිපතිතුමාට කරන්න කියන එක මහා විහිළුවක් .එජාප ආණ්ඩුවක්නේ තිබුනේ . ඒ ආණ්ඩුව සමහර හොරුන්ව ආරක්ෂා කරන අතරේ ජනාධිපතිතුමාට කියනවා දඬුවම් කරන්න කියල . එජාපෙ සහ අභයාරාම කල්ලිය ජනාධිපතිතුමාව හිරකරමින් ඔහුට නිදහසේ කටයුතු කරන්න ඉඩ නොදී ඉන්නවා . මෙරට ජනතාව දන්නවා මේ කල්ලි දෙකම ඉතිහාසයේ කළ දේවල් හා අද කරන දේවල් . ජනාධිපතිතුමනි අවංක, බුද්ධිමත් මිනිසුන් ඔබ සමග (බ)
ඉමල්කා සහතික ඇත්ත (බ)
ඔබ තුමන්ගේ ප්‍රකාශය අවංකවම කළානම් එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න .ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරක් බව අපි නැවතත් අවධාරණය කරමු.අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ මේ සොරුන්ට අනුග්‍රහ දක්වන්නට නො වේ. සොරුන් දේශපාලනයෙන් අතු ගා දමන්නට ය. (බ)
කට්ටියක් මැණික් ගරුවා. තවත් කට්ටියක් වැලි ගරුවා. මහජනතාව හාල් ගරනවා (බ)
ඕක අපිට කියල වැඩක් නැහැ . ඒකට තමා මහජන මුදල් වියදම් කරලා ජනාධිපති කෙනෙක් පත් කරලා තියෙන්නේ . ඔබ ගේ වගකීම වැරදි කරන අයට දඩුවම් කරලා රට පාලනය කිරීම .(බ)
ඔබතුමා උපකාර කළ යුතු අයට උපකාර කරන එකට ඔබතුමාට පින් සිද්ද වෙනවා. හිටපු අය කරපුව ලබන පරම්පරාව හරි වමාරයි..... (බ)
මේවා කිව්වෙත් ඔබලාමයි. එ්කෙන් බලය ලැබුනේ ඔබලාටයි. නමුත් කිසි කෙනෙක් දින 100 යට හිර ගෙදරට නොදැමුවෙත් ඔබලාමයි.බලය ලැබුනම වැඩ කරගන්න නොලබුනෙත් ඔබලාටයි. (බ)
වෛරය (බ)
වෙන කාටද අපි කවුරුත් දන්න කෙනෙක්ටනේ.(හේ)
නියම වැඩක්, මේවාගේ අසරණ මිනිස්සුනට එදා මොනවද ලැබුනේ. බුද්ධිමත් ජනතාව කියලා අසරණ, නුගත් ගම්වල මිනිස්සු ගොනාට අන්දන කලේ ඉවර කරන්න ඕන. (ම)
බලන්න මේ මිනිස්සු දිහා දුක් විඳලා තියෙන තරම පේනවා. බලන්න දේසපාලකයන් දිහා , සැප විඳින බව පේනවා..මේ දුක් විඳින මිනිස්සු මේ සැප විඳින මිනිස්සු තමාගේ දේපල කොල්ල කනකන් බලාගෙන ඉන්නවා. ඒ ගොල්ලනට කොල්ල කන්න බලය දෙනවා. කුඩු ගෙන්න බලය දෙන්න..බලන්න ඔය පින්තුරවලින් ගොඩක් ලොකු කතාන්තරයක් කියනවා..මෝඩකම සහ කපටි කම පෙනෙනව. මේ වගේ මිනිස්සුන්ගේ දේපල කොල්ලකන්න තරම් දේසපාලකයෝ කොයිතරම් නිර්දයද? ඒවා කොල්ලකන්න බලාගෙන ඉන්න තරම් මේ මිනිස්සු කොච්චර මෝඩද? අසරණද?(අ)
එතකොට මහවැලි ගගේ වැලි ගොඩදාපු සල්ලි ගත්තේ කව්ද? (අ)
දැන් ඔයත් ෆයිල් හංගනවාද? දන්නවනම් අල්ලලා හිරේ දාන්න එපැයි (බ)
ජයා කියන එක ඇත්ත... ඒත් ඒ අයව අල්ලලා හිරේ දාන්න හදන කොට විරුද්ධ වෙන්නෙත්, පාර්ලිමේන්තුවේ බිම වාඩි වෙන්නෙත් ජයා වගේ අයම තමා...(බ)
රූකාන්ත -චන්ද්‍රලේකගේ කොණ්ඩේ කපපු අයමද මැණික් ගැරුවේ (බ)
මේවා නීති විරෝධී වැඩනම් දැන් ඔබ ජනාධිපති නිසා දාන්නකෝ නඩු. ලංකාවේ ඉහලම තනතුරත් මඩ ගහනවානම් තව මොනවද? (බ)
මේවා තමයි කියන්න දන්නේ . වැඩක් කරන්න බැහැ....(බ)
ඊයේ පෙරේද දවසක මහ රෑ කාටත් හොරා හම්බවුන වෙලාවේ මේවා ගැන අහන්න තිබුන නේද? කවුරු කවුරුත් කරන්නේ මාධ්‍ය සංදර්ශන තියන එක තමයි , මොකද මේ රටේ මෝඩ ඡන්ද දායකයෝ ලේසියෙන්ම අන්දන්න පුළුවන් කියල තමා හැමෝම හිතන් ඉන්නේ (බ)
පිවිතුරු යහපාලන එහෙම ඉවසා කල් බැලු හින්දා තමයි එතුමා ජනාධිපති වුණේ. මහින්ද රජතුමාට වගේ අවුරුදු 2ක් ඉන්න තියෙද්දි බල කෑදරකම් ඇව්ල්ලා ඉල්ලන් කන්න තරම් එතුමා මෝඩ නැහැ. (අ)
තිලක් ඩුබායි මොකද මේ මෛත්‍රී මහත්තයට පහර ගහන්නේ..යහපාලානේ ඔයාටත් එපා වුණාද?මොනවද එතුමා ඔය තරම් කරලා තියෙන අපරාද? (අ)
හා හා ... පිවිතුරු යහපාලම ඕක කියපු එක ලොකු දෙයක්... දැන් තේරෙනවනේ කට්ටිය ගාගන්නේ නැතුව වැඩේ දුන්න හැටි....(අ)
ඔබතුමාගේ ප්‍රකාශය අවංකවම කළානම් එය ක්‍රියාවෙන්ද පෙන්විය යුතුය. රෑට මහින්ද සමග රහස් කතා ඔබගේ අවංක භාවයට කැළලකි (බ)
හත්වලාමේ පීඑස්ඩී එක තිබුනේ. චන්ද්‍රිකාගේ කාලෙනේ, ඔය සිද්ධිය උන්දැගෙ කාලේ වුන එකක් , දැන් උන්දැ ඔබතුමාගේ යාලුවෙක් නිසා අහල බැලුවනම් නරකද? (බ)
මැණික් ගරපුවා කඩු හොරකම් කරපුවා නිධන් ගත්තුවා මේ රටේ සියලු දෙනා දන්නවා. දැන් ඔබතුමාට තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නයි (බ)