“පසුගිය කාලයේ අරලියගහ මන්දිරයේ ඇමතිවරුට “කෝල්” (දුරකතන ඇමතුම්) එනවා එත් මගේ ඇමති මණ්ඩලයට එහෙම නැහැ. මගේ ඇමති මණ්ඩලයට දැන් පිට කොන්දක් තියාගෙන වැඩ කරන්න ඉඩ ලැබී තිබෙනවා යැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති පැවසීය”
ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි. එහිදි හෙද නිලධාරින්ගේ සේවය අගය මින් තිළිණ ද ප්‍රදානය කැරණි.
“එතෙර ආධාර වලින් මිනිසාට නොමිලේ ලැබෙන සෞඛ්‍ය හා අධ්‍යාපනයට වැඩි ප්‍රමාණයක් යෙදවිම බලාපොරොත්තු වන බව ජනපති කීවේය.”
ජායාරුප හා වීඩීයෝ ශාන්ත රත්නායක








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද ඉතින් අපිනම් ඕව්ව දන්නෙ නෑ
කෝල් වලට යන වියදම අඩුකරන්න ඇති (නි)
දැන් ඇමතිවරුන්ට සතුටු ඇති එහෙනම් (නි)
රටම දන්න දේ තමයි පසුගිය රජය කාලේ ප්‍රජාතන්ත්‍රවාදීව ස්වාධීනව යම් යම් ව්‍යවස්ථාපිත ආයතන හා වගකිවයුතු දේශපාලකයින්ටත් නිලධාරීන්ටත් වැඩකිරීමට නුදුන් බව. ඔබතුමා අද ඔතන ඉන්නෙත් ජනතාව තුළ ඇති ඒ නිවැරදි අවබෝධය නිසයි.එබැවින් ලැබෙන හැම අවස්ථාවෙිදීම ගිය රජයෙන් හෝ හිටපු ජනාධිපතිගෙන් සිදුවූ අඩුපාඩුම කියන එක ඔබගේ අව්‍යාජ කැපකිරීමට හා අනාගත රට ගොඩනැගීමට අකුල් හෙළාගැනීමක් මෙනි.ඔබ ගත් නිවැරදි තීරණයහි අගය දියාරු කර නොගන්න. (නි)
මට පෙන්නන්න බැරි අපි ඉදිරියේදී අරක කරනවා මේක කරනවා කියා කීම. ඇයි කරලා ඉවර වෙලා කරපු දේවල් කියන්නේ නැත්තේ? රැවටිලි වචන. (අ)
පැහැදිලිවම මෙය සත්‍යක්. දැන් නිදහසේ රාජකාරි කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා යම්තාක් දුරකට හෝ. (ම)
දැනුත් වෙනසක් නෑ කියලා තමයි මට හැගෙන්නේ.(හේ)
අනේ මන්දා! එක එක ඇමතිවරු එක එක කතා කියනවා. (නි)
පරණ දේවල් දැන් කතා කරලා වැඩක් නෑ.(හේ)
ඒ කෝල් කරන්න ඇත්තේ දුක සැප විමසන්න වෙන්න ඇති (නි)
අපොයි ඔවු ඉතින්, පාලිතට නම් ඉතින් ලොකු වෙනසක් දැනෙන්නේ නැතුව ඇති (නි)
ඒකට හේතුව අපි නම් දන්නවා මහත්තයෝ (නි)
හිටපු රජතුමාගේ ලක්ෂ 58ටේ වැසියන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් පිළිබඳ අවබෝධයක් නැතිවීම පුදුමයක් නොවෙයි.(නදී)
රටකරවන නායකයෙක් තමන්ට අවාසි සහගත දේ ඇමතිවරු කරනවානම් ඒ පිළිබඳව විමසීම වරදක්ද?. හෙද සේවයේ ප්‍රශ්නමතින් රජය පෙරලා දැමීමට සෑම මසකට වරක් වර්ජනයක් දියත් කළ රත්නප්‍රිය වැනි වෘත්තීය සමිති නායකයින් පිළිබඳව ඊට වඩා මොනවා කියන්නද? ජේවීපියේ වෘත්තීය සමිති ඉදිරියේදී වත්මන් ජනාධිපති තුමාටත් ඒ දේම කරාවි.(නදී)
දැන් එහෙම කරන්න අවශ්‍ය නැතුව ඇති (නි)
ඒ එදා. මේ මෙදා (නි)
ඇමතිලා තමන්ට ඕනෑ විදිහට වැඩ! (නි)
ජනපතිගේ වචන රත්තරන් වටිනවා. (නි)
මහජනයා, "මහරජු" පැරදවූයේ යහපාලනයක් බලාපොරොත්තුවෙන්. දැන් ඒක හරියට ක්‍රියාත්මකවෙන බව තේරෙනවා නම් ඒක බොහොම හොඳ දෙයක්. (නි)
ඒ කාලේ "කාල්ටන්" බැටරි දාපු රිමෝට් එක තිබුනේ අරලියගහ මන්දිරයේනේ. දැන් බැටරි බැහැලා ඇති. (නි)
සමහරුන්ට අගයක් වටිනාකමක් නොදැනුනාට, මොනතරම් වටිනා නායකයින් පිරිසක්ද මේ? ගරු ජනාධිපතිතුමා ඇතුළු සැමට ජයවේවා!!!! (නි)
වැඩ කරන්න වගේම නොකර ඉන්න එක නවත්වන්න ඕනේ (කේ)
දැන් 'කෝල්' දෙනවට වඩා දියුණු ක්‍රම ඇති (නි)