පසුගිය වසර ඇතුළුව වසර පහක කාලයක් මාර්තු 28 වැනිදා එනම් අද දින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ විදුලි පුටු ගැන කථා කළ සමහරුන්ට මේ අවුරුද්දේ ඒ ගැන අමතක වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නාරම්මල මැදි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානයේ දී පැවසීය.
රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාම වැලැක්විමට රජය සහ යහපාලන ආණ්ඩුව ගැන ජනතාව සතුටු විය යුතු බව ඔහු කිවේය.
2009 වසරේ යුදධයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වු බවට රට රට වලින් නැගෙන චෝදනා මැද්දේ හිටපු ජනපති විදුලි පුටු ගැන කථා බොහෝ විට ඇසුණූ බවත් ඔහුට අනුකම්පාව දිනා ගැනීමට එදා එවැනි කථා ඇසුනත් නව රජය බලයට පත්වීමෙන් පසු දේශිය හා අන්තර්ජාතික වශයෙන් ගත් ක්‍රියාමාර්ග නිසා එවැනි කථා දැන් අසන්නට නැති බවත් ජනපති කීවේය.
එදා රජය සමග බොහෝ රටවල් අමනාප විය.නමුත් අද බොහෝ රටවල් රජය සමඟ මිත්‍රය. රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන බව එදා කෑකෝ ගැසුවා.යහපාලන රජය යටතේ එම කෑ ගැහිල්ලත් අද නැතැයි ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාදිපති පාලනය යටතේ විදුලිය කැපුවේ නැහැ, රටේ සංවර්ධනයක් වුණා, මිනිස්සු අතේ අදට වඩා සල්ලි තිබුනා. අද මොනවද වෙලා තියෙන්නේ? කිසිම විදියකින් සතුටු වෙන්න පුළුවන් තත්වයක් තියෙනවද? (නි)
කියුබාවේ නායකයාගේ ප්‍රකාශය බලා යමක් ඉගෙන ගන්න. ලංකාව ඇමරිකාවට ලියා දීගෙන යන්නේ.රට විදේශිකයන්ට පාවා දෙන්න එපා. (භ)
දැන් නම් විදුලිය නැති නිසා විදුලි පුටුව ගැන බයක් නැහැ. (ර)
කොතන ගියත් කතාකරන්නේ හිටපු අය ගැන. පරණ දේවල් අපිට වැඩක් නැහැ. දුප්පත් මහජනතාව ගැන හිතුවොත් නරකද කාලේ ඉවරවෙන්න ඉස්සර. (ර)
ඔය රට කවදාවත් හදන්න බැ, නිදහසෙන් ඉඳල හදන්න කියල අාපු ඔක්කොම කෑව, ඒ අය විතරක් නොවේ ඒ අයට ඡන්දය දීලා ළඟින් හිටපු අයට කන්ට උදව් කරලා ලෙව කෑව, අවංක මිනිස්සුන්ට ආත්මයක් නෑ, ඔය පක්ෂ දෙකට ඡන්දය දීපු අයට ඔහොම වෙන්න ඕන. ඔහොම නොවේ ඉස්සරහට වෙන්නේ කවද හරි බඩට වදිනවා හිටපු ආණ්ඩුවෙන් හා දැන් ඉන්න ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවා ගන්න බැරි වුනොත් (බ)
මෙයා හොදයි මළගෙවල්වල කතාකරවන්න. එහෙම නැතුව රටට යමක් කරන්න මෙයාට හැකියාවක් නැත. බලන්න වාරි ඇමති විදියට උතුරුමැදට මොනවද කළේ ? විශාලම වී වගාව කෙරෙන පළාත. සෞඛ්‍ය ඇමති විදියට මොනවද මේ පලාතට කළේ ? වැඩිම වකුගඩු රෝගීන් සිටින පළාත . මෙයාගේ උත්තරේ මට මේ දොස්තරලත් එක්ක මේ වැඩේ කරන්න බෑ, මට කරන්න දෙන්නේ නෑ මෙයා රට දවසෙන් දවස ප්‍රපාතයට ගෙනියනවා. බොරුවට කියනවා ජාත්‍යන්තරය ජයගත්තා කියල. මොන ජයක්ද ? එක රටකින් හරි උදව්වක් ලැබෙනවද ? (බ)
ඉමේෂ්, දැන් තියෙන්නේ ඒකාධිපති නෙවෙයි ද්විකාධිපති පාලනයක්. (බ)
කිව්ව ඒවා කරලා නැහැ තාම. (ර)
වාහන මිළ ගණන් අඩු කරන්නේ කවද්ද ? (ර)
මහින්දට දොස් නගන ව්‍යාපෘතිය ජයටම යනවා නේද, එකත් යහපලානේ අඩුපාඩු වසා ගන්න යහපත් වැඩක් වෙනවා (බ)
විදිලි පුටු ගැන කතා කරනවා රටම දැන් කළුවරේ (බ)
ජනපති තුමනි ඉදිරියටම යන්න. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ චතුරි ඔබ හරි (බ)
ධර්මසිරි, හැමදාම ජනපති වෙලා ඉන්න හදපු ලෝකේ අනික් අයටත් වුන දේ හොයල බලන්න .(බ)
අපිට දැන් මේ පරණ කතා අහල ඇති වෙලා,අඩු ගානේ රටට විදුලිය දෙන්න වැඩපිළිවෙලක් වත් හැදුවොත් හොදයි නේද? (බ)
දැන් මොකටද එවැනි කතා, දැන් ජාත්‍යන්තරය අණ කරන විදියටම ජාත්‍යන්තර විනිසුරන්, පරිචෝදකයින්, නීතිඥයන් එක්ක යුධ අපරාද අධිකරණ තියන්න, කොටින් නිදහස් කරන්න, සිංහල/බෞද්ධ ගැන කතා කරන කුරුත් හිරේ දාන්න ඔය ඔක්කොම ආණ්ඩුව කරනවනේ... (බ)
ඔය සුද්දන්ගේ පරීක්ෂණවලින් අපට වැඩක් නෑ. ගොවියාට වෙලා තියෙන දේ බලන්න. මල්ලිගෙ සාක්කුව විතරක් පිරුණාම හරියනවාද (බ)
මේ ගොල්ලන්ගේ වැඩ හරියට නටපු නැටුමකුත් නැහැ , බෙරයේ පලුවකුත් නැහැ වගේ තමයි (බ)
කදමලු අරගෙන කඩේ යන අය ගැන දුකයි. අනේද කියන්නේ? (නි)
පිස්සෝ කලබල වෙලා කැගැහුවට දොස්තරලා කලබල විය යුතු නැහැ රටේ ජනතාවගේ බහුතරයක් ජයගත් ඔබගේ වගකීම නිරතුරුව කරගන යාමට වාසනාව ශක්තිය ලැබේවා (බ)
ජනාධිපතිකම මාරු වුනාට ඇමතිකම් සහ ඇමතිලා එක්ක හොරකම් කරපු රාජ්‍ය ආයතන/කාර්යාංශ වල ඉන්න නිලධාරි නඩය මාරු වුනේ නැහැ. මේ කට්ට්යම තුරුල් කරගෙන රට ගොඩගන්නත් බැහැ. නව රජය ගැන ජනතා ප්‍රසාධයක් ඇති කරන්නත් බැහැ. මේ අය ඇතුලේ ඉඳන් කරන්නේ යටිකූට්ටු වැඩ නිසා. කෝටි ගණන වංචා කල. මහජන මුදල් හා විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් නාස්ති කළ හිටපු ඇමතිවරු සහ ඒ අයට උදව් කල කටු ලෙවකෑ නිලධාරින් වහාම නිතිය ඉදිරියට පමුනුවන්න.(අ)
ඔබතුමාට ඡන්දෙ දීපු අපි වගේ සාමන්‍ය මිනිස්සු දහදෙනෙකුගෙන් අහල බලන්න. එතකොට ඔය හීන ලෝකයෙන් බිමට බහින්න පුළුවන් වෙයි! (අ)
පරණ හොර නිලධාරි නඩය ආයතන ඇතුලේ රජ කරන කම් විදුලිය නෙමෙයි කිසිම දෙයක් හරියට කරනන් බැහැ. බොරු අන්කම්පාව නැතිව ඉක්මනින් සොයාබලා වැරදි හොරකම් කල බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති අයට නිතිමය දඩුවම් ලබාදෙන්න. මෙසේ නොකිරීමේ ප්‍රතිඵල එන්නෙ නැවත ඡන්දයක් තිබූ දවසකයි. (ස)
වෙනසක් වෙනසක් කිව්වට අපිටවත් අපේ කාර්යාල වල අමාත්‍යංශ වලවත් මහලොකු වෙනසක් වුනේ නැහැ. පරන අය ටිකක් සද්ද වහගෙන ඒ තනතුරුම දරාගෙන ඒ වරප්‍රසාදම විදගෙන ඉන්නවා තමයි අපිට නම් පේන්න තියෙන්නේ. අපි ඡන්දය දුන්නේ සැබෑ ජනතාහිතකාමි වෙනසකටයි. පරාද වෙච්ච අයටත් ඇමතිකම් දිගෙන, ඒ අයගෙ වන්දිබට්ටයනුත් ලඟ තියාගෙන වෙනසක් වෙනසක් කිව්වට ඇති වෙනසක් නැහැ. (ස)
ඒකාධිපති පාලනයෙන් අප මුදාගැනීමට ඉදිරිපත් වූ ඔබට පින්. (ස)
ඔබල කරන්නේ වෙන දෙයක් කියන්නේ වෙනදෙයක්. රටේ මිනිස්සු අවදෙයෙන් ඉන්නේ. (ර)
අනේ වෙනස නම් හොදට දැනෙනවා, ඔබතුමාට ජන්දේ දීලා කරගත්ත වැරැද්ද කවදාවත් හදාගන්න බැහැ. (ම)
විදුලි පුටු ගැන කතා කිරිල්ල පැත්තකින් තියල රටට පැය විසිහතර පුරාම විදුලිය දෙන වැඩ පිලිවෙලක් ගැන සොයා බැලුවොත් නරකද? (ර)
ජනපති තුමනි ඉදිරියටම යන්න. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ. (ර)
මහින්ද හැමදාම ලංකාවේ මිනිස්සුන්ගේ ජනපති මතක තියාගන්න. (ර)