(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මකමක අපරාධකරුවන් 89 දෙනකුට   ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

එම පිරිස 2026 වසර තුල ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

2024/2025 හා 2026 වසර වලදී ජාත්‍යන්තර රතු නිවේදනවලට අනුව සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29 දෙනකු මෙරටට ගෙන්වා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවැසීය.