(තිළිණි ද සිල්වා)
වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා විදෙස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී තිබේ.
රුසියානු බෙලරූස් සහ චීන විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය සඳහා සුදුසුකම් සපුරාලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වීම නිසා සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මෙය නම් සිදුවිය යුතුමයි. ලංකාවේ රජයේ වෛද්‍යවරුන් දැඩි ලෙස ඒකාධිකාරයක් පවත්වමින් අන් අයට වෛද්‍යවරුන් ලෙස වැඩ කළ හැකි වාතාවරණය අහෝසි කරනවා. මම කතා කරන්නේ සුදුසුකම් ඇති අය ගැන. වෛද්‍ය හිඟයක් තියාගෙන ඔවුන්ගේ වටිනාකම බොරුවට වැඩිකරගෙන ඉන්නවා. මේකත් වෘත්තියක් පමණයි.
රටේ අවශ්‍ය ප්‍රමාණයට දොස්තරලා නැතිකමෙන් ජනතාව දුක්වින්දා...
පිටරට ගොස් අවම මුදල් ගණනින් වෛද්‍ය උපාධිය හදාරන්න පුළුවන් එකම කැම්පස් එක ට්වර් සරසවිය... අනිත් එක ජීවන වියදම අඩුම රුසියාවේ. අපිට ලොකුවට සල්ලි නෑ. වෙන කැම්පස් එකකින් ඩිග්‍රිය ගන්න මැඩම්... අන්තිම මොහොතේ වෛද්‍ය සභාවෙන් විශ්වවිද්‍යාලය අයින් කිරීම නිසා අප හට මහත් ගැටලුවකට පත්වී ඇත. ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මෙම ගැටලුව ගැන අවධානය යොමුවීම මහත් සතුටට කාරණයකි. අපහට නැවත වෛද්‍ය සිහිනය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...
ප්‍රථමයෙන්ම අති ගරු ජනාධිපතිතුමාට මෙන්ම පවිත්‍රා වන්නිආරච්චි මැතිණියට මාගේ ස්තූතිය පුද කරනවා... අපි වෙනුවෙන් මේ ගත්තු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. විදේශ අධ්‍යාපනය සඳහා පිවිසීමට සිටි අවධියේ වෛද්‍ය සභාව ගත් මෙම ක්‍රියාමාර්ගය නිසා අපි ගොඩක් අපහසුතාවයකට ලක්වුණා. මාගේ දෙමව්පියන්ට ගොඩක් සල්ලි නැහැ. නමුත් මාගේ තාත්තාට වගේම මටත් වෛද්‍යවරියක් වීමට ඇති ආසාව නිසා තුන්වරක් විභාගයට මුහුණ දී ලංකාවේ වෛද්‍යවරියක් වීමට නොහැකි වූ අවස්ථාවේ විදේශගතව අධ්‍යාපනය ලබා යළි මා උපන් රටට පැමිණ වෛද්‍යවරියක ලෙස කටයතු කිරීම මගේ එකම සිහිනය වෙත පිවිසීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් මෙන්ම පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගත් මෙම ක්‍රියාමාර්ගයට යළිත් මාගේ ගෞරවාන්විත ස්තුතිය පුද කරනවා..
විදේශීය විශ්ව විද්‍යාල වල වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ දුක්ගැනවිල්ලට සවන් දීම ගැන ජනාධිපති සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මම ස්තූතිවන්ත විය යුතුයි.
ගරු ජනපතිතුමාට බෙහෙවින්ම ස්තුතියි...!!! හිටපු සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අපේ දුක්ගැනවිල්ල සම්බන්ධයෙන් විදේශ සරසවිවල වෛද්‍ය අධ්‍යාපනය ගැන සොයා බැලුවා..
දරුවන් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට සියල්ල සූදානම් වී සිටී අවසාන මොහොතේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ගනු ලැබූ කිසිඳු පදනමක් නොමැති තීරණය නිවැරදි කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා ගත් ඉතාම හොඳ තීරණයක්. ගරු ප්‍රසන්න ඇමැතිතුමාට බොහෝමත්ම ස්තුතියි. මේ කාරණාවට මැදහත් වී දරුවන්ට සිදුවී ඇති අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියාට සහ එම කාරණය. ගරු සෞඛ්‍ය ඇමතිතුමිය මේ කාරණය වෙනුවෙන් මැදිහත් වී දරුවන්ට ඉක්මණින් සාධාරණයක් ඉෂ්ට කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...
ඇයි ඒ ගොල්ලො මේ එකපාරටම මේ තීරණ වෙනස් කරන්නේ මේ පාර යන ළමයි ගැන පොඩ්ඩක්වත් හිතන් නැතුව ඒ ළමයි අසරණ වෙනවා නේද?
සියලු සුදුසුකම් සපුරා විදේශීය වෛද්‍ය විද්‍යාලයකට ඇතුලත් වීමට සූදානම් වූ අවසාන මොහොතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගත් අත්තනෝමතික තීරණය නිවැරදි කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ලබාදුන් තීරණයත් අපට සිදු වූ අසාධාරණය අතිගරු ජනාධිපතිතුමාට පැහැදිලි කර දී අප වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කර දීමට කටයුතු කළ ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාටත් අපගේ බලවත් ස්තුතිය මෙයින් පිරිනමමු. අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන් තීරණය වෛද්‍ය සභාව මගින් ක්‍රියාත්මක කර අප වෙත ලබාදුන් සහනය යථාර්ථයක් කරගැනීමට ගරු සෞඛ්‍ය ඇමතිතුමියට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු.
මෙය ගත යුතුවම තිබූ තීරණයක්... වෛද්‍ය අධ්‍යාපනය සඳහා ලංකාවේ ගම්පහ, කොළඹ වැනි දිස්ත්‍රික්ක වලින් සුදුසුකම් සපුරා තිබුණද සිසුන් විශාල සංඛ්‍යාවකට එම අවස්ථාව අහිමි වී යනවා. එවැනි අවස්ථාවලදී දෙමපියන් තම වියදමින්, සමහරු ඉතාම අපහසුවෙන් වුවත් තම දරුවා එතෙර අධ්‍යාපනයට යොමු කිරීමට සියලු දේ සංවිධානය කර තිබියදී මෙවැනි අසාධාරණයක් සිදුවීම වැළැක්වීමට ගතහැකි පියවර ගැනීමට පෙළඹීම පිළිබඳ ජනාධිපතිතුමන් ඇතුලු සියලු අදාල බලධාරීන්ට ස්තූතිවන්ත වෙමු...
ගරු ජනාධිපතිතුමනි..., පවිත්‍රා වන්නිආරච්චි මැතිණියනි, රෝහණ මැතිතුමනි..., අපගේ ඉල්ලීම සලකා බැලීම පිළිබඳව මුලින්ම ස්තූති කිරීමට කැමතියි. අපගේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීමට අපට පිහිට වන්න. බොහොම අමාරුවෙන් මුදල් සොයාගත් නමුත් දැන් අපට උද්ගත වී ඇති ප්රශ්නය නිසා අපගේ සිහිනය බොඳවී යැයි කියා බියෙන් අප පසුවෙමු. ලංකාවේ විශ්ව විද්‍යාලයකට යෑමට අපට අවස්ථාවක් ද නැත. අපගේ ඉල්ලීම සලකා බලා සුදුසුම තීරණයට පැමණීමට ඔබතුමන්ලාට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු. ස්තූතියි...
දශක ගණනාවක් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය තහවුරු කර ඇති Grodno State medical university Belaruse මෙවර ලියාපදිංචි කිරීම ප්‍රමාද කිරිමෙන් 2021 සැප්තැම්බර් මස අධ්‍යයන වර්ෂයට යෑමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානව හිමිකම් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසින් උල්ලංඝනය කර ඇත.
අපගේ වෛද්‍ය සිහිනය සැබෑකර ගෑනීමට උදව් කරන ගරු ජනාධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට අපගේ හදපිරි ස්තූතිය..!!!
විදෙස් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට නිසි ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනය ආයතන තිබියදී ඒවායෙහි අධ්‍යාපනය ඉදිරියට කරගෙන යාමට ශ්‍රී ලාංකීය සිසු සිසුවියන්ට අවස්ථාව අහිමි කිරීම තුළින් එහි දැනටමත් ලියාපදිංචි වීම, ගෙවීම් කටයුතු සිදු කිරීම හා අනෙකුත් සියලූම අවශ්‍යතා සපුරා ඇති සුදුසුකම් ලත් දරු දැරියන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිය පටු අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් සිදු කර ඇත්තේ මහත් අසාධාරණයකි. මෙවන් පසුබිමක සුදුසුකම් නොලත් සිසු සිසුවියන් පවා බඳවා ගනු ලබන ඇතැම් විශ්වවිද්‍යාල සඳහා කිසිඳු ප්‍රශ්නයක් නොමැතිව මංපෙත් විවෘත කර තිබීම ප්‍රශ්නාර්ථ සළකුණකි. තම බඩතර තද කර ගැනීම සඳහා මෙවැනි පටු තීරණ ගෙන රටේ දරු දැරියන්ගේ ජීවිත බිල්ලට දෙන හා මුදල් සූරා කන මෙවන් කූඨ නිලධාරීන්ගේ වංචනික ක්‍රියා කලාපය රටක් වශයෙන් අපි තරයේ හෙලා දකිමු !!! එමෙන්ම අසාධාරණයට ලක් වූ සිසු සිසුවියන් පිළිබඳව අවධානය යොමු කල අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ටත් , සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිණියටත් , සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාටත් හදපිරි ස්තූතිය පුදකර සිටිමි...
සුදුසුකම් සපුරා ඇත්නම් සුදුසුකම් සහිත විශ්ව විද්‍යාලයකට එම සිසුන් ඇතුළත් වෙන්නේ නම් ඔවුන්ට ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ඉඩ සලසා දියයුතුයි. එසේම විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට සියල්ල සූදානම් කර තිබෙන අවස්ථාවක මෙලෙස සිසුන් අතරමන් කිරීම ඉතා පිළිකුල් සහගතයි. ඔවුන්ට අවශ්‍ය තමා මුදල් ගෙවා ඉගෙන ගත් දෙයින් නැවත තම රටට විත් සේවය කිරීමයි. එලෙස තිබියදීත් මේ සිදුකර ඇති ක්‍රියාව හෙළා දැකිය යුතුයි.
ස්තුතියි ගරු ජනාධිපතිතුමනි අපේ ගැටලුව වෙනුවෙන් ඔබ තුමාගේ වටිනා කාලය කැප කිරීම වෙනුවෙන්. එ් වගෙම ගරු පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියටත්, ප්‍රසන්න රණතුංග ඇමතිතුමාටත් ස්තුතියි මෙම කටයුතු මෙහෙය වීමට කැපවීම වෙනුවෙන්. ඇත්තෙන්ම ශ්‍රි ලංකා වෛද්‍ය සභාව අත්තනෝමතික ලෙස රටේ අනාගත පරපුර පීඩනයට ලක් කිරීම අනුමත නොකරමින් ශ්‍රී ලංකා රජය ලෙස ගත් ඍජු තීරණය වෙනුවෙන්ද ස්තුතියි... අපි උසස් පෙළ නිමාකරලා අපේ දෙමව්පියන් අමාරුවෙන් ඉපැයූ මුදල් වියදම් කරමින් මේ විදියට කාරුණිකව අවසර පතන්නේ වෛද්‍ය සිහිනය සැබෑ කරගනිමින් ජන්මද්වීපය වු අපේ රටට සේවය කරන්න අවසර ලබා දෙන ලෙසයි. එය වෙනුවෙන් වඩා නිවැරදි හා සහනශීලි සතුටුදායක පිළිතුරක් අපේක්ෂා කරමු. ස්තුතියි
අතිගරු ජනාධිපතිතුමාටත් ප්‍රසන්න රණතුංග මහතාටත් පවිත්‍රා වන්නිආරච්චි මැතිණියටත් ඉතාමත් ම ස්තූතියි අපි වෙනුවෙන් කතා කළාට . අපි විදේශගත අධ්‍යාපනයට අවශ්‍ය මූලික සුදුසුකම් සහිතව තමා මෙම තීරණය ගනු ලැබුවේ. නමුත් වෛද්‍ය සභාව විසින් දුන් මේ හදිසි තීරණය නිසා අපේ සිහින බොද වී ගියා. අපිට මෙරට විශ්වවිද්‍යාලයකට අයදුම් කිරීමටත් දැන් කාලයක් නෑ . අපි අපගේ මුදල් පිටරටකට දෙන්නේ අපේ වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට තිබෙන ආශාවට . එම සිහිනය මෙරටදී සැබෑ කර ගැනීමට නොහැකි වූ නිසා වෙනුයි අපි මේ තීරණය ගනු ලැබුවේ. ඔබතුමාලට හැකිනම් අපිට එයට අවැසි ඉඩ සලසා දෙන්න. මේ අවසන් මොහොතේ වෛද්‍ය සභාවෙන් ලබාදුන් තීරණය මානුශික තීරණයක් නොවෙයි. ඒ පිළිබඳ මොහොතක් සිතා අපිට සහනයක් ලබාදෙන්න අපේ සිහිනය සැබෑ කරගන්න.
අතිගරු ජනාධිපතිතුමනි, පවිත්‍රා වන්නිආරච්චි මැතිනියනි, ප්‍රසන්න රණතුංග ඇමතිතුමනි ඔබගේ කාරුණික අවධානය මේ සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් අප හදවතින්ම ස්තුති වන්ත වෙනවා. ඉතා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබා ගත්තද (A සාමාර්ථ 3ක්) දේශීය වෛද්‍ය විද්‍යාල පහසුකම් සීමා කර ඇති බැවින් විදේශීය වෛද්‍ය විද්‍යාල කරා යෑමට අපට සිදුවී ඇත. එසේ අධික මුදලක් වියදම් කර එම කැප කිරීමටද අප සූදානම් වූ විට ඉතා අසාධාරණ ලෙස එම අවස්ථාව ද අපගෙන් උදුරාගෙන ඇත්තේ කුමන බලවේගයකින්ද? මෙම අසාධාරණ වැඩපිළිවෙලට එරෙහිව අප වෙනුවෙන් පෙනී සිටින ලෙසට කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටින අතර 2021 සැප්තැම්බර් මස නව වාර ආරම්භ වන බැවින් හැකි ඉක්මනින් ඒ සඳහා කටයුතු කරනු ඇතැයි අපගේ විශ්වාසයයි.
ලංකාව තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති නොකිරීම මේ දරුවන් පිටරට වෛද්‍ය විද්‍යාලවලට යොමු වෙන්න හේතුවයි. අඩුම තරමේ මුදල් ගෙවා කොතලාවල ආරක්ෂක පීඨයේවත් මේ දරුවන්ට ඉඩක් නෑ. (අසල්වැසි ඉන්දියාවට, පාකිස්තානයට, නේපාලයට, බංග්ලාදේශයට මේ ප්‍රශ්න නෑ) මේ විදියට වත් මේ දරුවන්ගේ හීන හැබෑ කරගන්න ඉඩ දෙන්න... මේ දරුවන් මේ රටට සේවය කරන්නයි එන්නේ... ඒකටයි ඉඩ ඉල්ලන්නේ... බොහොමයක්ම මේ දරුවන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා තියෙන්නෙත් රටට බරක් නොවී. මම මේ කියන්නේ වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුසුකම් සපුරා ඇති දරුවන් ගැන. බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සොයා බලන්න Cambridge/Edexcel කරලා A* 4 ගත්ත දරුවන් ඔය පිටරට වෛද්‍ය විද්‍යාල වල දැනට ඉගෙන ගන්නවා. මේ යන කණ්ඩායම් වලත් ඉන්නවා. හැමෝම එක මිම්මෙන් මනින්න එපා. මේ දරුවොත් මේ රටේ පුරවැසියන්. අතිගරු ජනාධිපතිතුමනි, සෞඛ්‍ය ඇමතිතුමියනි, මේ දරුවන්ට අසාධාරණයක් නොකර අදාළ අනුමැතිය ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා...
සුදුසුකම් ලත් ග්රී ලංකා සිසුන්ට පිටරට වෛද්‍ය උපාධිය හැදෑරීමට වෛද්‍ය සභාව විසින් බැදු වැට ඉවත් කීරීමට ගරු ප්‍රසන්න ඇමතිතුමා මැදිහත් වී අතිගරු ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් සෞඛ්‍ය ඇමතිතුමිය විසින් අවශ්‍ය අවසරය ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මාගේ ප්‍රණාමය.
මේ අවසාන මොහොතේ slmc විසින් ගත් තීරණය නිසා දෙමව්පියන් සහ දරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටින්නේ. මේ වනවිට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කර අවසන්... දරුවන්ට දෙවන හෝ තුන්වන වතාවට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වීම සඳහා කාලය ඉතිරි වෙලාවත් නෑ.... මෙම ලිපිය ලබා දෙන කාලය තුළ එක්වරම ලිපිය ලබා දීම නතර කිරීම දරුවන් කොටසකට පමණක් සිදු වූ ලොකුම අසාධාරණය ලෙස අපට පෙනී යයි. මේ දරුවන් සුදුසුකම් ඇති බවත් මෙම විශ්ව විද්‍යාල ලොකයේ පිළිගත්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමට ඉහළින් ලෝක මට්ටමින් සිටින බවත්, මේ නිසා මේ දරුවන්ට මේ අවස්ථාව ලබාදීම සාධාරණ බවත් විශ්වාස කරමි...