එතනෝල් මද්‍යසාරය යොදා මත්පැන් නිෂ්පාදනය කරන ව්‍යාපාරයනට සම්බන්ධ මන්ත්‍රීන් සිව්දෙනකු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ සිටින බවත් ගිය රජය කාලයේ සිට ඊට සම්බන්ධ මෙම මන්ත්‍රීන්ගේ නම් මෙම අවස්ථාවේ හෙළි නොකරන බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු පිළිතුරු දුන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඔවුන්ගේ නම් දැන් හෙළි නොකරන නමුත් තම ප්‍රකාශය වැරදි නම් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස විපක්ෂයට අභියෝග කරන බවද මුදල් ඇමැති කරුණානායක මහතා කීවේය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද ඒ අවස්ථාවේ මැතිසබේ සිටි නමුත් ඔහු හෝ අන් කිසිවකුත් මුදල් ඇමැතිගේ අභියෝගය බාර නොගත්හ.
‘ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය වටේම දියවන්නා ඔයේ ජලකඳ. මට දැන් හිතෙනවා අපි ඉන්නේ ජල කඳක් මැද්දේ නොවන බව. දැන් හිතෙන්නේ අපි එතනෝල් ගඟක් මැද්දේ සිටින බවයි‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනෝල් කියන්නෙත් මේ හැම මධ්‍යසාරයකම තිබෙන රසායන ද්‍රව්‍යමයි. බීර වයින් ඔය කොයි ජාතිත් එහෙමයි. සිදුවිය යුතේ බදු නොගෙවා ගෙන්වන ලද යන්න විතරයි (නදී)
ඒ හතර දෙනා අතරේ ඔය කතා කරන කෙනත් ඉන්නවාද දන්නේ නැහැ. කොහොමත් ඔතන ඉන්නේ එකට කුඩු කාපු එවුන්නේ පාර්ලිමේන්තුව තියෙන්නේ එතනෝල් ගංගාවක් මැද්දේ කියල අහපු මිනිස්සු ඔය කට්ටිය ඇතුලේ ඉන්න වෙලාවක් බලලා ගින්දර පත්තු කරලා දියවන්නා ඔයට දායි (බ)
කලින් ආන්ඞුවේ ප්‍රබලයන් ලෙස වැජබුනේ එනතෝල්කාරයොයි,කුඩ්ඩොයි තමයි. එන්නකො ඊලග ජන්දෙටත්. (නදී)
දැන් මෙි සියල්ලම ඉන්නේ යහපාලනය පැත්තේ නේද මහින්ද පැත්තේ නෙමෙයි නේද ඒකද එලියට දෙන්නේ නැත්තේ (බ)
එතනෝල් වලට සම්බන්ධ මන්ත්‍රීලගේ නම් නොකියන්නේ සුබ අනාගතේ සහ යහපාලනයේ සමග ගනුදෙනු කරන මන්ත්‍රීලා ඉන්න නිසානේ. මුන් දෙගොල්ලම එක හැලියේ .(නදී)
ඔය කුරුණෑගල කෙනා නම් නෙමෙයි (නදී)
මට නම් කවුරුත් එකයි. කවුරු ආවත් ඔච්චරයි.ලංකාවේ ජනතාව හැමදාම රවටන්න පුළුවන් උදවිය. (නි)
නම් කියන්න ? හංගනවා කියන්නේ ඕවට උදව් කිරීමක්. (ර)
නම් හතර මොනවාද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න (නි)
ජනාධිපත්තුමාගේ නම කැත නොකර මේවා එලිකරන්න ඩීල්නම් දාන්න එපා මෙය ඔබලාගේ අවසාන අවස්තාව (අ)
මේවා බොහොම ප්‍රසිද්ධ නම්. නමවත් කියන්න බැරුව කොහොමද අනිත් හොරු අල්ලන්නේ... (නි)
මේ අයගෙන් බලපත්‍ර නොමැති අය ඉන්නවද? මේ ආන්ඩුවෙන් මේ දක්වා එතනෝල් රටට ගෙන්වන එක තහනම් කරලා තියනවද? ඇයි මේ රටට අදටත් එතනොල් ගෙන්වන ගමන්ම බදු සල්ලි සාක්කුවල දාගෙන අපහාස කරන්නේ. පුළුවන්නම් තහනම් කරානම් ඉවරයි නේ්ද ලංකාවට එතනෝල් ගෙන්වන එක.(නදී)
ඕවා විකුණන සහ බොන කව්රුත් පන්සිල් නොරකින අය (නදී)
චමිලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එ්ක තමයි වෙන්නේ (නදී)
ඔන්න ඔහේ ඕනෑ එකක් වුණාවේ කියලා නම් ටික කියලා දැම්මා නම් හරිනේ (නි)