ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ තුන්වන වටයේ  සාකච්ඡාවක් හතර වැනි දා  සහ පස් වැනිදා කොළඹදී පැවැත්වෙන බව ඉන්දියන් එක්සප්‍රස් පුවත් සේවය වාර්තා කර සිටී.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වූයේ  එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා දැන් තීරණාත්මක අදියරකට පිවිස ඇති බවයි. එමෙන්ම, යථාර්ථවාදී නොවන කැප කිරීම්වලින් තොරව එකඟතාවකට පැමිණීමට දෙපාර්ශවයම උත්සාහ කරමින් සිටින බව එම පුවත් පත් වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.

2000 වසරේ දී අත්සන් තබන ලද ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට සහනදායි කොන්දේසි රැසක් පිරිනමා ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළා.
කෙසේ නමුත්, නිදහස් වෙළඳ ගිවිසුම ද ශ්‍රී ලංකාවට අවාසිදායක බව මෙරට ඇතැම් පාර්ශවයන්හි අදහස යැයි ඉන්දීය පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.