
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයෙක්ගේ" පුත්තු රිංගා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී මාධ්‍ය හමුවකදී පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා මෙම භූත පුතුන් රිංගා ගෙන තිබෙන්නේ යැයිද කරුණානායක මහතා කීය.
එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය යන පක්ෂ දෙකෙහිම නායකයින්ට සහ සාමාජිකයින්ට දේශපාලනිකව පැවැත්මක් තහවුරු කරගැනීමට නම්, දෙපාර්ශවයම වහාම එක් විය යුතු බවද කරුණානායක මහතා කීය.
කෙසේ වුවද, වත්මන් නායකත්වය යටතේ පක්ෂ දෙකම ඉතා ඉක්මනින් එකම පෙරමුණකට පැමිණෙනු ඇති බවත්, ඉන් අනතුරුව දැවැන්ත ශක්තියකින් යුතුව ඉදිරියට යාමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූතාත්මයන්ට පමණක් පෙනෙන භූතයන්ද මේ...
මොවුන් කොහොම එකතුවෙලා ආවත් දැවැන්ත ශක්තියක් අරන්. වටවෙලා එන්නේ රට දියුණු කරන්නද? නැහැනේ මුන්ගේ නැතිවුණු සැප. අර ගන්න ඉල්ලීම් දිනාගන්න. නඩු අයින් කරලා හිරේ ඉන්න අය නිදහස් කරන් මාලිමාව ඒ කට්ටිය උන් හිටි ගමන් අතුරුදන් කරන්න. බොරුද මම කියන්නේ...? නාමල් බේබිවකරේ තියන් යන්න නුවර වැව වටේ. ඔබලා කොහොම ආවත් ජනතාව නැහැ කියලා හිතාගන්න.. ටිකක් ඉන්නවා.
භූතයෝ නෙවෙයි ගන්ධබ්බයෝ ඕකෙ ඉන්නේ. උදාහරණයක් තමයි රනිල්,