(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ සිටින මානව හිතවාදී,දේශප්‍රේමී සහෝදරවරු සමඟ අත්වැල් බැඳගෙන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බලවේගයක් ගොඩ නැගීමට කටයුතු කරන බව ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ඇමැති එස්බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
අගමැති සමඟ හෝ එජාපයේ කිසිවකු සමඟ පෞද්ගලික ගැටලුවක් නැතැයි පැවසු දිසානායක මහතා ආණ්ඩුවේ හොඳ වැඩවලට සහය දෙන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි ඇමැතිතුමා... මේ පාරවත් ගොඩඑමු. ඔබතුමාලා ගොඩඑනවා කියන්නේ පක්ෂයත් ඉවරයි. රටේ ජනතාවත් ඉවරයි. ගෙම්බො වගේ පැන පැන ඉන්න එකනේ කරන්නේ. ප්‍රතිපත්තියක් නැතිකම තමයි නේද ඇමැතිතුමා...?
කලින් හිටපු තැන නේද? මොකද මේ සේරම එජාපය අමාරුවේ දාන්න ඔය තරම් මහන්සි ගන්නේ? හොරු අල්ලන එක දැන් අමතක කරලද?
මීට කලින් ඔබතුමාගේ ආසනය ලබන සැරේවත් දිනාගන්න බලවේගයක් ගොඩ නගාගන්න.
බලවේග ගොඩනැගීම කෙසේ වෙතත්, මෙයාට එජාපයේ බලය හා වේගය ගැන නම් දැනෙයි වගේ ඉදිරියේදී. ඉදිරි සටන තියෙන්නේ අලියා සහ පොහොට්ටුව අතරයි. නැතිව ඔබතුමාගේ පක්ෂය අතර නොවෙයි
එක කාලෙක යාන්තම් ඔළුව ඔබාගෙන හිටපු යාන්තම් මැඩම්ගෙන් බේරෙන්න හැංගිලා හිටිය බෝඩිම ගැනද ඔය කතා කරන්නේ?
පාර්ලිමේන්තුවට එන්න ඕනෑකරන ඡන්ද ටිකවත් ගන්න බැරිව නේද ඔය බලවේගයක් ගොඩනගන්න කතා කරන්නේ?
මෙයාට එහෙම බලවේග ගොඩනගන්න පුළුවන් නම්, ගිය මහ මැතිවණයේදී පරදිනවද? මෙයාට බලවේගයක් තිබුණෙත් නැහැ. දැනටමත් පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂය එපාවෙලා ඉන්නේ...
මෙයාට එජාපයට එරෙහිව බලවේගයක් ගොඩනඟන පුළුවන් නං ගිය මැතිවරණයේදී පරදිනවැයි? තමාට ආසන රැකගන්න බැරි මේ මිනිහ, කොහොමද එජාපයට එරෙහිව බලවේගයක් ගොඩනඟන්නේ?