‘වසර 68ක් තිස්සේ අසමත් බව ඔප්පු කළ ආර්ථික ක්‍රමය වෙනස් කිරීම හැර වෙන විසඳුමක් ඉතිරි වී නැහැ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද(28) පැලවත්ත පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.
‘මේ ධනපති පාලකයින් අපේ රට පාලනය කරලා ජනතාවට ලබාදුන් දෙයක් නැහැ. එජාපය ශ්‍රීලනිපය වෙන වෙනම පාලනය කරලා ඔවුන් අසමත් බව ඔප්පු වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාව ණයට කන දඩ ගහන බදු වැරදි ආර්ථික ප්‍රතිපත්ති පැත්තකට දාලා නව ආර්ථිකයක් නව සමාජයක් ගොඩනැගීමට වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනෑ අපේ රටේ සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් සිංහල දෙමළ භේදයක් නොමැතිව ඒකරාශී විය යුතුයි‘ යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ජවිපෙ අසමත් බව? (බ)
මෙතන ගැටලුව තියෙන්නේ ඔය ටික තාමත් අපේ මිනිස්සු තේරුම් නොගත්ත එකයි.දැන් මේ මෝඩ මිනිස්සු මහින්ද හොඳයි කියන්න පටන් අරන්. එකෙක් එපා වෙලා වෙන කෙනකුට බලය දීල එයත් එපා වුනාම අර කලින් එලවපු කෙනා හොඳයි කියන තරමට අපේ මිනිස්සු බුද්ධිමත්.(බ)
අනුන්ට ඇඟිලි දික්කරන තමුන්ගේ අසමත් කම පහුගිය ඡන්ද ප්‍රතිපලවලින් පේනවා. (ර)
මේගොල්ලෝ ඇමැතිවෙලා හිටපු කාලේ සමත් වුනා වගේ කතාව. (ර)
දැන් ජවිපෙ කරන්නේ බොරවලේ මාලු බැමටයි. (ර)
කතාව ඇත්ත, කට්ටියගේ අසමත් භාවය අපිට තේරුණා. (ර)
හැමෝගෙම අසමත් බව ඔප්පු වෙලා. ජනතාව අතරමං වෙලා. (ර)
පවතින රජයත් එක්ක එකතුවෙලා හරි, ඔබ තුමාලාගේ ප්‍රතිපත්තිත් එක්ක රටත්, ආර්ථිකයත් ගොඩ නැගුවොත් හොඳයි නේද? මම සුබපතනවා ඔබලා ඉක්මනින් බලයට එන්නොන කියලා. (ර)
බොරු වට ආයුස නැහැ ටිල්වින් කඩේ ගියේ අපිද දැන් කඩේ ඇතුලෙම ඉන්නේ අපිද, ඕව කියනවා කොන්ඩේ බැඳපු චීනෙක් හොයල. සම හරක් හැමදාම රවටන්න පුළුවන් වුණාට සියලුම ජනතාව හැමදාම රවට්ටන්න බැහැ. (බ)
මෙන්න සමත් කට්ටිය.(බ)
සියලු පක්ෂ සහ විද්වතුන් එක්ව,ලංකාවේ ඉදිරි විසි අවුරුද්දට සංවර්ධන සැලැස්මක් පිළියෙළ කළ යුතුය. මොන පක්ෂය බලයට ආවත් ක්‍රියාත්මක කළ යුත්තේ මෙම සැලැස්මය. මෙම සැලැස්මද වාර්ෂිකව නිරීක්ෂණය කොට , අවශ්‍ය වෙනස් කම් කළ යුතුය . ශ්‍රී ලංකාව සංවර්ධනය කළ හැක්කේ මේ ආකාරයටය. බටහිර රටවල් වැඩ කරන්නේ මේඅකාරයටය. (බ)