විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී හිටි ගමන් බෝඩ් අල්ලාගෙන උද්ඝෝෂණයක් කරන්නට වුහ.
කල් තැබීමේ අවස්ථාවේදී විදුලි ප්‍රශ්නය ගැන එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා යෝනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඔහුද බෝඩ් අල්ලාගෙන සිටියේය.
සිය යෝජනාව ඉදිරිපත් කරන්නැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඔහුට දෙවරක්ම දැනුම් දුන් නමුත් ඔහු යෝජනාව ඉදිරිපත් කළේ නැත.ඉන් පසු නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තුව කල් තැබීය.
පස්වරු 1.30 ට ආරම්භ කළ රැස්වීම පස්වරු 2.50 ට අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිගා වොට් මෙගා වොට් වෙනස දන්නේ නැති අය ඇමතිකම් කරද්දී ලංකාවේ විදුලියට දෙවි පිහිටයි, (දී)
එතකොට බේබදු මන්ත්‍රීවරුන්ට විරුද්ධව බෝඩ් අල්ලන්නෙ කවුද.???(දී)
කරන්න කොතරම් දේවල් තියෙනවද.? ඒත් මේ මිනිස්සු කරන්නේ මොනවාද.? පොඩි ළමයින්ගේ සෙල්ලම් වගේනේ.(දී)
මන්නාරමෙන් තවම තෙල් හමුවෙන්නේ නැද්ද ? සුද්ද තෙල් අරන් යනවද දන්නේ නැහැ නේද? මොකද ඒ ගැන කව්රුත් කතා නැත්තේ ? (අ)