
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ නම් දොස්තරගේ බෙහෙත් නිසා ශ්‍රී ලංකාව නම් අසාධ්‍ය රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිට ටිකට් කපාගෙන ගෙදර ඇවිත් දැන් සුවයෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.
ලක්මව නැවත රෝගී වුවහොත් දැඩි සත්කාර ඒකකයේ සිට මෝචරියට යවන්න සිදුවන හෙයින් එම ඇත්ත තත්ත්වය රටේ ජනතාව හොඳාකාරවම තේරුම්ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පුහුණුව ලැබූ කථිකයන් සඳහා සාමාජික හැඳුනුම්පත් නිකුත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, සභාපති වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න,එජාප දේශපාලන පර්යේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශමල් සෙනරත්, ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනේ ඇත්තනේ ඇත්ත කියන්න උගන්වන්න ඕනේ නැතිවුණාට බොරු කියන්න පුහුණුවක් ඕනෑමයි...!
මොනවා හරි කියලා, කරලා, ටික කාලයකට සිඟිති ආතල් එකක් අරන් ජීවත්වෙන දේශපාලන හිඟන්නෝ...!
ඔය පුරුදු කළ අය එන්නකෝ අපේ ගමට.., මහබැංකුව කඩපු හොරු අල්ලන්න දිනයක් බලාගන්න හොඳේ...!
අලුතින් කථිකයන් මොකටද, ගාල්ලේ ගව සම්පත ඉන්දැද්දී?
වජිරගෙන් ඉගෙන ගෙන කතා පවත්වන විදිහ...!
UNP එකට වෙච්චි වැඩ...
වජිරගේ වගේ ගොං කතා පවත්වන්න ඉගෙන ගනිල්ලා. වරෙල්ලා ගමට අපි දෙන්නම් කනේ ඇඟිලි ගහගන්න...
වජිර සහ සාගල
ඕකට හොදම ගුරා තමයි අනුර කුමාර. ආයේ නැහැ කියන්න. පටිරෝල් වෙන්න. ක්ස්තාව පුහුනු කරයි. දැන් මුන්ට මුල මතක නැහැ. ගෑස්. සිලින්ඩරවලින්. හොර බෙහෙත් වලින්. කී දාහක් මුන් මැරුවද දැන් දඟලන්නේ පුටුව බේර ගන්න. මොන කතා කියාගනඈවත්. ජනතාව අන්දන්න ලැබෙන්නෙ නැහැ 69-59 ත් දෙකම. අනුරට. රටට ඕන තරුන නායකයෙක්. මිසක්. හොරුන් රකින තක්කඩි නෙමේ
මේ පුහුණු කලේ ජාත්‍යන්තර සම්මන්ත්රණ වලට ගිහින් පලස්තීන ප්‍රශ්නේ විසඳන ක්‍රමේ ගැන කතා පවත්වන්නද රලාහාමි ?නැතිනම් ඉස්සරහ චන්දෙදී ජනතාව ගොනාට අන්දන්න කතා පවත්වන්නද ?
තමන්ගේ මතයේ ඉන්න අයට නම් අලුතෙන් පුහුණුවක් ඕනේ නැති නමුත් කුලී කාරයෝ ගත්තම උන්ට බොරුවක් උනත් කියන හැටි කියලා දෙන්න වෙනවා ,පුහුණුව දෙන්න ඉන්නේ මාරු අම්බරුවෝ සෙට් එකක්