IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘එජාපය 19 ට වෙට්ටු දානවා‘

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම වළක්වා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්ෂයේ උවමනාව වී ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) ප්‍රකාශ කළේය.

අද නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විපක්ෂ නායක එසේ පැවසීය.

එම අරමුණ ඉටුකරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අංග සම්පූර්ණ පිටපතක් තවමත් විපක්ෂයට ලබානොදී සිටින බවද පැවසූ විපක්ෂ නායකවරයා 19 වැනි සංශෝධනයත් 20 වැනි සංශෝධනයත් එකම අවස්ථාවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවද කීවේය.

IMG_9443 IMG_9449 IMG_9469 IMG_9480 IMG_9512 IMG_9525

 

 

වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

‘එජාපය 19 ට වෙට්ටු දානවා‘

අජිත් කරුණාරත්න Wednesday, 22 April 2015 09:18 AM

ඒගොල්ලන් වෙට්ටු දානවා. මේගොල්ලන් තට්ටු දානවා.(ම)

:       0       0

කුමාර් Wednesday, 22 April 2015 10:16 AM

අනේ මෙහෙම කම්බා හොරු ටිකක්. (ස)

:       0       0

විජයබාහු Wednesday, 22 April 2015 10:19 AM

අපෝ මෙයාලත් ෂුවර් නැ. මොන දහන් ගැටයක් ගහනවද දන්නේ නෑ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 22 April 2015 10:21 AM

කාට කාටත් පෙනෙනවා වෙට්ටු දාන්නේ කවුද කියලා. (ස)

:       0       0

බණ්ඩා Wednesday, 22 April 2015 10:23 AM

අපිත් දැක්ක කවුද වෙට්ටු දාන්නේ කියල ඊයේ පෙරේදා. (ස)

:       0       0

රිකාස් Wednesday, 22 April 2015 10:47 AM

මේ ගොල්ලෝ බොරු ටොක් දානවා ... පාර්ලිමේන්තුවෙන් විසි වෙයි කියලා බයේ (ම)

:       0       0

සංජය Wednesday, 22 April 2015 11:24 AM

මේ දෙගොල්ල වෙට්ටු දදා ඉන්නකොට ගානට මහින්ද දන්නෙම නැතුව තට්ටුව දා ගෙන (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 22 April 2015 11:37 AM

අපිට නම් පෙනෙන්නේ තමන්ගේ පැවැත්ම සඳහා දෙගොල්ලොම ජනතාවට වෙට්ටු දමනවා කියලයි. දවසේ පැය විසිහතරම රට ජාතිය ගැන මොරදෙන දේශපාලකයන්ට රටේ අවශ්‍යතාවයක් වෙනුවෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවී ඇත්තේ එක්කෝ ළදරු මානසික තත්වයන් නිසාය. නැත්නම් සියල්ලෝම හොරු සහ දුෂිතයන් නිසා බව ඔප්පුකර ගැනීමකි. (නි)

:       0       0

ඇසළ Wednesday, 22 April 2015 11:58 AM

මහින්ද දාන්න ඕනෑ තට්ටුව දැන් දාලා ඉවරයි. සමහරු දැන් ගලේ කැතකරපු බළල්ලු වගේ මොකද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා. තව ටික දවසකින් බලන්න පුලුවන් වෙන දේ.. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 22 April 2015 12:15 PM

වින්සන් මහත්තයා,ඕනෑම මිනීමැරුමකදී වුණත් මුලික සැකය ප්‍රථමයෙන් එල්ලවෙන්නේ ඒ මරණයෙන් වැඩිම වාසි ලැබෙන කෙනාට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site