19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම වළක්වා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්ෂයේ උවමනාව වී ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) ප්‍රකාශ කළේය.
අද නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විපක්ෂ නායක එසේ පැවසීය.
එම අරමුණ ඉටුකරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අංග සම්පූර්ණ පිටපතක් තවමත් විපක්ෂයට ලබානොදී සිටින බවද පැවසූ විපක්ෂ නායකවරයා 19 වැනි සංශෝධනයත් 20 වැනි සංශෝධනයත් එකම අවස්ථාවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවද කීවේය.
වීඩියෝ - ලහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒගොල්ලන් වෙට්ටු දානවා. මේගොල්ලන් තට්ටු දානවා.(ම)
අනේ මෙහෙම කම්බා හොරු ටිකක්. (ස)
අපෝ මෙයාලත් ෂුවර් නැ. මොන දහන් ගැටයක් ගහනවද දන්නේ නෑ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. (ස)
කාට කාටත් පෙනෙනවා වෙට්ටු දාන්නේ කවුද කියලා. (ස)
අපිත් දැක්ක කවුද වෙට්ටු දාන්නේ කියල ඊයේ පෙරේදා. (ස)
මේ ගොල්ලෝ බොරු ටොක් දානවා ... පාර්ලිමේන්තුවෙන් විසි වෙයි කියලා බයේ (ම)
මේ දෙගොල්ල වෙට්ටු දදා ඉන්නකොට ගානට මහින්ද දන්නෙම නැතුව තට්ටුව දා ගෙන (බ)
අපිට නම් පෙනෙන්නේ තමන්ගේ පැවැත්ම සඳහා දෙගොල්ලොම ජනතාවට වෙට්ටු දමනවා කියලයි. දවසේ පැය විසිහතරම රට ජාතිය ගැන මොරදෙන දේශපාලකයන්ට රටේ අවශ්‍යතාවයක් වෙනුවෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවී ඇත්තේ එක්කෝ ළදරු මානසික තත්වයන් නිසාය. නැත්නම් සියල්ලෝම හොරු සහ දුෂිතයන් නිසා බව ඔප්පුකර ගැනීමකි. (නි)
මහින්ද දාන්න ඕනෑ තට්ටුව දැන් දාලා ඉවරයි. සමහරු දැන් ගලේ කැතකරපු බළල්ලු වගේ මොකද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා. තව ටික දවසකින් බලන්න පුලුවන් වෙන දේ.. (නි)
වින්සන් මහත්තයා,ඕනෑම මිනීමැරුමකදී වුණත් මුලික සැකය ප්‍රථමයෙන් එල්ලවෙන්නේ ඒ මරණයෙන් වැඩිම වාසි ලැබෙන කෙනාට. (නි)