රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක ප්‍රධානීන්ට ඉවත් වන්නැයි රජයෙන් දැනුම් දීමක් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.
එම ප්‍රධානීන් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේමය.
අලුතින් ප්‍රධානීන් පත් කිරීම සඳහා ඔවුනට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.
ආයතන ප්‍රධානීන් 150 දෙනකු අද කැඳවා තිබුණු බවත්, එම කැඳවීම අනුව 45 දෙනකු සහභාගී වී ඇති බවත්, එම රැස්වීම අද පස්වරු 1.30 පමණ වන තෙක් පැවැති බවත් දැනගන්නට තිබේ.
එහි දී ඉල්ලා අස්වීමට එකඟ වී ඇත්තේ එක් ප්‍රධානියකු පමණි.
ආයතන ප්‍රධානීන්ගේ තර්කය වී ඇත්තේ තමනට පත්වීම් ලබා දුන් භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස් වුවහොත් තමන් ද ඉල්ලා අස්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවීර, අපි කවදාවත් බයේ සැඟවිලා කතාකරලා නැහැ. අපි මහින්ද වැරදි පාරේ යනකොටත් මෙන්න වැරදි පාරේ යනවා කියලා කෑගැහුවා. අපිට පුද්ගලයෝ ලොකු නැහැ. උපන් රට දශමයක් හරි තිබෙන තැනින් උඩට ගතහැකි කෙනා වෙනුවෙන් පෙනී සිටිනවා. ඊටවඩා පුළුවන් කෙනෙක් ආවොත් එයා සමඟ. රට අගාධයට ගෙනයනකොට අපි ඔවුන්ට එරෙහිව නැඟී සිටිනවා. (නි)
ආණ්ඩුවේ ආයතන හැමතැනම වගේ අවුල් කරගෙන. ආණ්ඩුවේ කළමනාකරණය නම් අන්තිමයි. (නි)
මේ කටයුතු නිසා රජය අපහසු තත්වයකට එමින් තිබෙනවා. මේ තත්වය නිසා රජය පසුබෑමකට ලක්වුණොත් මහජනයාගේ විශ්වාසය රජයට නැතිවෙනවා. (නි)
අදාළ විෂය ගැන කිසිවක් නොදන්නා සමාගම් අධක්ෂකවරුන් තවමත් ඉන්නවා. (නි)
ආණ්ඩුව හත්පොළේ ගාගෙන ගොඩක් කල්. දැන් ගාගත් ඒවා ඇඟේ නාවාගනිමින් ඉන්නේ. මෙහෙම ගියොත් ඒ වළේ ගිලෙන දවසත් වැඩිකල් නැහැ. (නි)
සත්‍යපාල, ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. ඒක අපි බලාගන්නම්. (නි)
සත්‍යපාල කවුද කියලා අපි දන්නවා (නි)
අයවැය හදාගෙන තමයි මුලින්ම හත්පොළේ ගාගත්තේ. (නි)