IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එජාපෙන් පත් කළ නිලධාරීහු ආණ්ඩුවට පස්ස හරවති

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක ප්‍රධානීන්ට ඉවත් වන්නැයි රජයෙන් දැනුම් දීමක් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

එම ප්‍රධානීන් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේමය.

අලුතින් ප්‍රධානීන් පත් කිරීම සඳහා ඔවුනට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

ආයතන ප්‍රධානීන් 150 දෙනකු අද කැඳවා තිබුණු බවත්, එම කැඳවීම අනුව 45 දෙනකු සහභාගී වී ඇති බවත්, එම රැස්වීම අද පස්වරු 1.30 පමණ වන තෙක් පැවැති බවත් දැනගන්නට තිබේ.

එහි දී ඉල්ලා අස්වීමට එකඟ වී ඇත්තේ එක් ප්‍රධානියකු පමණි.

ආයතන ප්‍රධානීන්ගේ තර්කය වී ඇත්තේ තමනට පත්වීම් ලබා දුන් භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස් වුවහොත් තමන් ද ඉල්ලා අස්වන බවයි.



අදහස් (0)

එජාපෙන් පත් කළ නිලධාරීහු ආණ්ඩුවට පස්ස හරවති

සත්‍යපාල Tuesday, 19 January 2016 06:58 AM

ජයවීර, අපි කවදාවත් බයේ සැඟවිලා කතාකරලා නැහැ. අපි මහින්ද වැරදි පාරේ යනකොටත් මෙන්න වැරදි පාරේ යනවා කියලා කෑගැහුවා. අපිට පුද්ගලයෝ ලොකු නැහැ. උපන් රට දශමයක් හරි තිබෙන තැනින් උඩට ගතහැකි කෙනා වෙනුවෙන් පෙනී සිටිනවා. ඊටවඩා පුළුවන් කෙනෙක් ආවොත් එයා සමඟ. රට අගාධයට ගෙනයනකොට අපි ඔවුන්ට එරෙහිව නැඟී සිටිනවා. (නි)

:       0       0

දහම් Monday, 18 January 2016 04:34 PM

ආණ්ඩුවේ ආයතන හැමතැනම වගේ අවුල් කරගෙන. ආණ්ඩුවේ කළමනාකරණය නම් අන්තිමයි. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 18 January 2016 11:05 PM

මේ කටයුතු නිසා රජය අපහසු තත්වයකට එමින් තිබෙනවා. මේ තත්වය නිසා රජය පසුබෑමකට ලක්වුණොත් මහජනයාගේ විශ්වාසය රජයට නැතිවෙනවා. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 19 January 2016 12:26 AM

අදාළ විෂය ගැන කිසිවක් නොදන්නා සමාගම් අධක්ෂකවරුන් තවමත් ඉන්නවා. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 19 January 2016 12:34 AM

ආණ්ඩුව හත්පොළේ ගාගෙන ගොඩක් කල්. දැන් ගාගත් ඒවා ඇඟේ නාවාගනිමින් ඉන්නේ. මෙහෙම ගියොත් ඒ වළේ ගිලෙන දවසත් වැඩිකල් නැහැ. (නි)

:       0       0

කමල් Tuesday, 19 January 2016 01:17 AM

සත්‍යපාල, ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. ඒක අපි බලාගන්නම්. (නි)

:       0       0

ජයවීර Tuesday, 19 January 2016 02:58 AM

සත්‍යපාල කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

විපුල Tuesday, 19 January 2016 07:00 AM

අයවැය හදාගෙන තමයි මුලින්ම හත්පොළේ ගාගත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site