(අංජුල මහීක වීරරත්න/ ඡායාරූප - ඉෂාන් සංජීව)
එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ දී කරන්නට යන වැඩ ගැන පක්ෂ සංවත්සර උත්සවයේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(6) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සර උත්සවය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන ඉරිදා (10) රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ ප්‍රකාශ විතරයි ඒවත් සෝඩා බෝතලේ ඇරියා වගේ සද්දේ විතරයි වැඩ නැහැ. ඔහොමද ඡන්ද ලබා ගන්න යන්නේ?
මම මේ ආණ්ඩුවට කඩේ යනවා නොවේ. ඕනෑම ආණ්ඩුවකට සාධාරණ කාලයක් ඕනේ.. දිගුකාලීන සංවර්ධනයකට රට ගෙනියන්න. අපි සියලුදෙනාම ආර්ථික සංවර්ධනයක් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා වගේ අපේ යුතුකමත් රට වෙනුවෙන් ඉටුකිරීම ඉතා වැදගත්.. බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ පැය 8 රස්සාවල් සහ රජයේ සහනාධාර..
ආපු දවස ඉඳන් කයිවාරුත්, සංදර්ශනත් විතරයි. ඊළඟට දෙන්න වෙනසක් නං පේන්න නැහැ.
මහබැංකු මහා මන්කොල්ලයේ දැන් වහන්න බැරි විදියට එළිවෙලා ඉවරයි. ඔබතුමාට නම්බුවක් සහ ලැජ්ජාවක් තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ නාමයෙන් වහාම අගමැති කමෙන් ඉල්ලා අස් වෙන්න. නැත්නම් වෙන්නේ පක්ෂයත් විනාශ වෙන එකයි.
දැන් කවදද සාමාන්‍ය ප්‍රකාශයක් කලේ? අප නොදන්නා කමට අසන නූගත් ප්‍රශ්නයට දන්නා කෙනෙකු සිටී නම් අපව දැනුවත් කිරීම යෝග්‍ය වේ.
රනිල් කියන්නේ නළුවෙක් නෙමෙයි මොල කාරයෙක්... එතුමා අනිවාර්යයෙන්ම මේ රට 2025 දියුණු ණය නැති රටක් බවට පත් කරනවා. රාජපක්ෂ රෙජීමය වගේ සද්ද නැහැ වැඩ විතරයි.
අද මේ රටේ බහුතරයක් හිතන්නේ තමන්ගේ සෑම අවශ්‍යතාවයක්ම රජයෙන් ඉටුකළ යුතුය කියා. සමහර දේශපාලකයෝත් ආණ්ඩුවෙන් සෑම දෙයක්ම බලාපොරොත්තුවන තැනට ජනතාව පොළඹවනවා. සහනාධාරයක් වශයෙන් රජයෙන් නොමිලේ පාන් පිටි ලබාදුන්නාම එක පක්ෂ නායකයෙක් අහනවා නොමිලේ පිටි දුන්නට කොහොමද රොටි පුලුස්සනේ පොල් දෙන්නේ නැතුව. නැති බැරි කෙනෙක් පොල් ගෙඩියක්, 2ක් ඉල්ලුවාම දෙන ඇත්තෝ මේ රටේ බොහොම ඉන්නවා. තමුන්ට රජයෙන් සපයා දී ඇති ඇඳේ මකුණෝ බෝවුණත් උද්ඝෝෂණ කරනවා... මකුණන් වඳ කිරීම බලධාරීන්ගේ වැඩක් කියා. වැඩ කරන්න රජයටත් මුදල් අවශ්‍ය යැයි කියා සිතන අය හරිම අඩුයි.
මේවා ඉතින් කොහොම කිව්වත් තවත් සුරංගනා කතාම තමයි.
කවුරු කීවත් මේ ආණ්ඩුව මොනවත් කරලා නැහැ කියලා පරම්පරා ගණනක් ජීවත්වෙන්න කරපු බැඳුම්කර හොරකමම මදිද? ෆූට්නෝට් කට්ටියටත් හරි ජොලිනේ....
ලංකාවේ තව බැංකු ඉතිරි වී නැත. ඒ හින්දා වෙන රටකවත් බැංකුවක් ගැන බලාගැනීමට අදහසක් තියෙනවාද?
අර රැකියා දශ ලක්ෂයට මොකද වුණේ කියලත්, ඔය විශේෂ ප්රකාශනය කරන වෙලාවේම කියලා හිටියා නම් හොඳයි.