ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගම එක්සත් ජාතික පක්ෂ ඡන්ද රැස්වීමක් අවසන්වීමත් සමග මැර ප්‍රහාරයක් එල්ලවී යැයි සංවිධායකයෝ කියති.
අඩු ගණනේ මෝටර් සයිකල් ඇතුළු වාහන 15 කට පමණ අලාබ හානි කර ඇතැයි වාර්තාවේ.
උතුරු මැද පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම සංවිධානයකර ඇත්තේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න මහින්දරත්න මහතාය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය (නදී)
රැස්වීම අවසන්වීමෙන් පසු පහරදීම අලුත්ම ක්‍රමයක් වෙන්න ඇති. පසුගියදා කටුගස්තොටදිත් මෙහෙම දෙයක් උනා (නදී)
දැන් නම් ඡන්ද සටන උග්‍රව යනවා වගෙයි (නි)
ඔන්න ඕක තමයි මහත්තයෝ වෛරීය දේශපාලනය කියන්නේ. නැතුව ඔබ තුමාට විරුද්දව ඡන්දේ ඉල්ලන එක නෙමෙයි.(හේ)
බුද්ධිමත් සාමාන්‍ය ජනතාව සිතාගත යුතුයි මේ මැර පාලනයට තවත් ඉඩදෙනවාද කියන එක. (නදී)
මහින්ද ගේ ජය නියත බැවි පෙනෙන්නේ පොලිසියේ අයට සාක්ෂි සොයා ගැනීමට බැරි බවකුයි පෙනෙන්නේ (නදී)
පොදු පෙරමුණු අනුගාමිකයන් අතර ඉතාමත් අශිෂ්ට ම්ලේච්චන් පිරිසක් ඉන්න බව මෙයින් පැහැදිලි වන කරුණකි. (නදී)
මැරයෝ ඉන්නේ කවුරුත් එක්කද කියලා හොඳටම පෙනෙනවා. (හේ)
5000 ක් මේ පුවත බලල කොමෙන්ට් එකයි. මේ රටේ හැමතැනම අවුල් වගේ. ලංකාදීපයටත් බලපෑම් තියෙනවද ? (නදී)
මොනවා හරි ලේපයක් ගාගෙන එන්න ඇති (නදී)
ආසියාවේ ආශ්චර්ය.(හේ)
පහන නිවෙන්න දඟලනකොට දැල්ල දඟලනවා වැඩියි (නදී)
මැර ප්‍රහාර එන්නේ රැස්වීම අවසානයේ, බෝම්බ පුපුරනවා කාටවත් හානි වෙන්නේ නැතිව, වාහන වලට ගිනි තියනවා ගිනි ගන්නේ නැහැ හරි පුදුමයි (බ)
පරාජය දරාගත නොහැකි පාලකයන්ගේ සංදර්ශනයයි.(බ)
මේවා ලංකාවේ අනාදිමත් කාලයක ඉඳලා රැගෙන එන දේශපාලන සංස්කෘතියක්,ඒවා හදුන්වලා දුන්න අයම දැන් දුක් විඳිනවා.ඒ කාළේ ගැන දන්නා අයට නම් මේවා හරිම සුළු සිද්දීන් පමණි.(හේ)
මේ අයට තේරෙන්නේ නැහැ ජඩ වැඩ නිසා මහජනතාව තවත් කල කිරෙනවා කියා (නදී)