කොළඹ වරාය සතු කොළඹ කොම්පඤ්ඤ වීදියේ භූමියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියකට බදු දුන්නැයි කියන ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට මෙම වෘත්තීය සමිතිය හෝ පොලිසිය අද (27) අපොහොසත් විය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් සිව් දෙනකු (රවී කරුණානායක, ආර්.යෝගරාජන්, අජිත්.සී.පෙරේරා හා නලින් බණ්ඩාර) බලෙන් හා අනවසරයෙන් එහි ඇතුළුවී යැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ චෝදනා නැගීය.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ බැඳුම්කරයක් මත මන්ත්‍රීහු මුදා හැරුණාහ. වරාය භූමිය බදු දෙන ලෙස ඉල්ලා ශ්‍රීලනිප වෘත්තීය සමිතියෙන් කළ ඉල්ලීම හැරුණුවිට බදු දුන් බව කියන ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් විය.
සැකකාර මන්ත්‍රීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ රජයේ දේපොළක් කිසියම් පක්ෂයකට බදු දිය නොහැකි බවයි. රාජ්‍ය සම්පත් අයුතු ලෙස පාවිච්චි කරන බවට ලැබුණු තොරතුරක් මත මන්ත්‍රී කණ්ඩායම එහි ගිය බවත් මන්ත්‍රී වරප්‍රසාද අනුව එවැනි තැනකට යෑමට කිසිවකුගෙන් හෝ අවසර ගැනීම අනවශ්‍ය බවත් ඔහු කීවේය.
යෝගරාජන් මහතාගේ වාහනයට පහරදී අලාබ භානි සිදුකිරීම ගැන පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ වැරදි අල්ලන්න යන්නේ මහ දවාලේ සතොස බංකොලොත් කරලා කොටින්ගේ සල්ලි ගෙන්නලා ආණ්ඩු වට්ටන්න හදපු රවී "අන්න". මෙයාල 77-94, 2002-2004 වෙනකම් කරපුව අපිට අමතක නැහැ. සමහරු අදහස් දන්නේ මෙයාල හරි ශුද්ධ වන්තයෝ කිල හිතන්. (අ)
UNP අය වෘත්තිය සමිති එක්ක කොහොමත් තරහයි. මතකනේ 77 - 94 කාලෙ ව්ර්ථීය සමිති මර්ධනය කරපු හැටි. අනික UNP අය රට පලනය කලේ හරි ධාර්මිකව. බලය අයුතු විදියට කොහෙත්ම පාවිච්චි කරලා නෑ. හොරකම් කරලම නෑ. පළමුවෙනි විධායක ජනාධිපති නාත්තන්ඩියේ, ලංකාවේ හොඳම පොල් ඉඩම ගත්තේ අක්කරේ රු. 100/- ත් අඩුවෙන් හරිම සාධාරණව. මතක් වෙනකොට සතුටු කඳුළු ගලනවා. (බ)
දූෂණ ගැන හොයා බලන එකනම් හොඳ දෙයක්.එත් මේ රවී නේද සතොස විනාශ කලේ? එයාගේ බිස්නස් දියුණු කරගන්න නේද දඟලන්නේ? එයා නේද රණවිරුවොන්ට අපහාස කලේ අලිමංකඩ කියල පාමංකඩ යනවා කියල? දැන් රෙදි ඇඳගෙනද අනුන්ගේ වැරදි හොයන්න යන්නේ? අපි මේ යට ඡන්දෙ දුන්නොත් දූෂිත දේවල් නොකරම ඉඳීවි ද? 77, 89 කාලේ වගේ? මම මේ දන්නේ නැති නිසා අහන්නේ. (අ)
රාජ්‍ය සම්පත් අයුතු ලෙස පාවිච්චි කිරීම මේ දෙගොල්ලටම පොදුය.බලය ඇති කාලේ අපිකොහොමද? බලය ලැබුනොත් අපි කොහොමද? බොරුව ඉදිරියේ ජනතාව මෙතරම් අසරණද? (අ)
වැරදි කරපු අය තව ඉන්නවා නම් පනින්න. අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු අන්තරාවල් නිවාරණයි තීන්දුයි! අත් දුටුයි! සත්තයි!!(අ)
කිරි අප්පට බල්ලෝ පැනපි....මේ පුවත මම දැක්කෙත් දැන්.. ඩුප්ලිකේට් එක මට කලින් වැට පැනල.. බන්දුල පෙරේරා ඔහොම තුට්ටු දෙකේ වාක්‍ය දාන්නේ නැහැ මහත්තුරුනේ..කියන දේ හරියට කියනවා..රාජ්‍ය දේපල පරිහරණය පිලිබදව අපකීර්තිමත් ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය දේපල අයාත ලෙස පරිහරණය පරික්ෂා කරන්න ගිහින් ඔයින් බේරිලා අවා මදැයි..මෙයාලට බලය තියෙද්දී වෙන කෙනෙක් ඔය ගමන ගියානම් නඩු දාන්න තියා ගිය එකාගේ මයිලක් හොයාගන්න ලැබෙන්නේ නැහැ..ඒ අතින් බැලුවම කට්ටිය සලකල තියෙනවා මදි..හොදටම මදි..(අ)
දුෂණය නැති කරන විදිය කාට හරි දැනගන්න ඕන නම් රවී කරැණානායකගෙන් අහන්න. දූෂණය නැති කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික උදාහරණ ඕන නම් එයා වෙළඳ ඇමති වෙලා හිටපු කාලය අධ්‍යයනය කරන්න. දුෂණයට එරෙහිවන දූෂිතයෝ කියල මේ පත්තර වාර්තාව නම් කරන්න ඕන. (ස)
77 ඉදල 94 වෙනකම් මම කොහෙද හිටියේ කියල මම කල්පනා කරන්නේ..මටම සැකයි මේ රටේද පිටරටකද කියල..මම මේ රටේ හිටියනම් මෙයාල ඔහොම ඇඟිලි පෙන්න පෙන්න යන්න ඕන ඇදුම් නැතුව..මොකද රාජ්‍ය දේපල අයතා පරිහරණයට කප් ගැහුවේ ඒ සම්ප්‍රදාය රටට හඳුන්වල දුන්නේ රාජ්‍ය බලය මැතිවරණවලදී භාවිතාකරන්නේ කොහොමද කියල රටට කියල දුන්නේ මේ අයම නිසා.විශේෂයෙන් ඔය තඩි බඩ තියෙන කෙනාවනම් එලවන්න ඕන හොඳ කුරුදු පොල්ලක් අරගෙන...කට්ටිය හරියට සලකල නැහැ.ඒකයි හිතට දුක.... (ස)
මේක ඔප්පු කරන්න මොනම විදියක සාක්ෂියක්වත් නැද්ද? (නි)
අපි ඔය වගේ වැඩක් කරානම් අවුරුදු පහකටවත් හිරේ.(හේ)
බන්දුල පෙරේරා 2014-10-27 05:43:00 මගේ අදහසක් නෙමෙයි..බන්දුල පෙරේරා ඔහොම තුට්ටු දෙකේ අදහස් දාන්නේ නැහැ..මම කඩේ යනවා තමයි..මගේ දුප්පත් පන් මල්ලත් අරගෙන..කට්ටිය ලොකු ලොකු බැග් අරන් සුපර් මාර්කෙට් යන ගමන් බන්දුල පෙරේරා කඩේ යන එක ගැන හොයනවා..ජනාධිපති තුමාට කඩේ ගියාට මට පවු නැහැ..මේ රටේ මිනිස්සුන්ගේ මර බිය ඉවත් කරලා අපේ දරුවන්ට හෙටක් කියල දෙයක් ගැන හිතන්න අවස්තාව උදා කරලා දුන්නේ එතුමා..අඩු පාඩු තිබුනත් මම එතුමාට පුළුවන් තාක් කල් කඩේ යනවා..නැතුව ප්‍රභාකරන්ගේ කකුල් ලග දන ගහල ජාතියේ ගෞරවය බල්ලට දාල සාමය ඉල්ලපු .ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු,අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කියපු අපේ දරුවන්ට හෙටක් දකින්න තියෙන අවස්තාව පැහැර ගන්න හදපු ඒ වෙනුවෙන් කල හැකි සැම දේම කල ඔය හොර අලි රෑනට කඩේ යන්නද මට කට්ටිය කියන්නේ..මගේ බල්ලවත් උන්ටනම් කඩේ යන්නේ නැහැ.. (ස)
සමහර අයගේ අදහස් යන්නේ කොහෙද මල්ලේ පොල්ය .කඩේ යනකොට එහෙම තමයි. (ස)
අපේ මන්ත්‍රීතුමාලට ජයවේවා! (නි)
ඔව් සෑම්..! මාද එය එක වනින්ම දැක්කා ..එත් කියාගන්නේ කොහොමද කියල සිතුවේ ඔබ හරියට ම මා ලිය යුතු දේ සටහන්කර ඇත..! බුද්ධිමතා එහි තේරුම හරියටම දැනගෙන ඒ සංඥා කලත් වම් පස ඉන්න එයා හරි සංඥාව මොකක්ද, කොයිවිදියද, කියලා නොතේරුම් කමට කළා කියලයි මටනම් හැඟෙන්නේ,..? බටහිර රටකනම් එහි තේරුම..විශාල ප්‍රතිරූපයක් මවා පායි, පරුෂ වචනයකට සමානයි...? සාමාන්යෙන් උගත් මිනික්සෙක් මෙවැනි දේ කීමේදී,නොදන්නාදේ සනිටුහන් කරන්න යාමේදී එහි තේරුම වත් දැනගෙන සිටිය යුතුයි ...? හරක් වගේ වැඩ නොකර ...? (ස)
සෑම් ..! ඔබේ තර්කය මා එක හෙලාම පිලිගන්නවා..මෙතන ඉන්න ඒ සෑම් මහතා සටහන් කල දේ පිලි නොගන්නා අය ..ඔබ විදේශයකනම් ජීවත් වෙන්නේ ඔබ ආශ්‍රය කරන හිතවතාට ඔය ආකාරයේ ..වම් පස පුද්ගලයා දක්වන හස්ත මුද්‍රාව සටහන් කරලා ඒ හිතවතාගෙන් හෝ බොස් ගෙන් සුහදව අහන්න එහි තරුම මොකද්ද කියල...! ඉන් පසුව ..සෑම් කියුවදේ හරිද වැරදිද කියල තේරුම් ගන්න ..ලංකාවේ ඉන්න අයට ගොඩාක් අමාරුයි යමක් වටහල දෙන්න ..උද්දච්චකම. ඇගට කඩන් පැනීමේ පුරුද්ද... හැමෝවම වෙලාගෙන ...? වරදක් පෙන්වා දෙන්න හරිම අමාරුයි....! ඒත් සියල්ල දත්, උත්තම පුරුෂ...වැඩනම් තුන්පනේ ...? (ස)
77 සිට 94 වෙනතුරු අපිට රාජ්‍ය දේපළ භාවිතා කරන්න කට්ටියක් ඉගැන්නුවා. අපි දැන් ඒක 10 ගුණයක් වැඩි කරලා කරගෙන යනවා. මෙතන කෑගහන කට්ටිය පුළුවන් නම් නවත්වලා පෙන්නන්න. (නි)
කව්ද එහම බැහැ කියන්නේ. ඒවා ඔට්ටු නැහැ දැන්. අපේ සන්ධානයේ කාර්යාලයක් ඕනෑම තැනක අරින්න පුළුවන්. ඒවගේම නීතියෙන් තුන් වෙනි පාර ඉල්ලන්න පුළුවන් හෝ බැරි හෝ අපේ ජනාදිපතිතුමා ඉල්ලිය යුතුයි. ජය වේවා (බ)
බන්දුල පෙරේරා, කවුරු මොනවා කිවුවත් ඔබගේ එඩිතර ප්‍රකාශ වලට අපි හරිම කැමතියි. මේගොල්ලන්ගේ කටවල් වැහෙන්න හැම රාජ්‍ය ආයතනයකම කාර්යාලයක් ආරම්භ කරන්න. ඔබටත් සන්ධානයටත් ජය හා සතුට! (නි)
ඉන්දික හරි. එයාලා ඉන්නකොට කරපුවා, කියපුවා පළදීලා නිසා තමයි තාමත් විරුද්ධ පක්ෂය වෙලා ඉන්නේ (නි)
මේ ගොල්ලෝ තමයි කිව්වේ කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියලා. කළ දේවල් තාමත් මතකයි අපිට (නි)
මොන පක්ෂය ආවත් ඔච්චරම තමයි. අපිට ආදරේටනේ ඔය. (නි)
"පුළුවන් හෝ බැරි හෝ අපේ ජනාධිපතිතුමා ඉල්ලිය යුතුයි." කිවුවට බැරිනම් ඒත් ජනාධිපතිතුමා ඉල්ලිය යුතුයි කියන එක අනෙක් අයට කරන අසාධාරනයක් නේද? (නි)
ආණ්ඩුව හත්පොලේ ගගත්ත.පව් අනේ.පල්ලම් බහිනවා වගේ.(බ)
ඔය පරණ තැටිය නවත්වා ගන්න ලංකා තිලක්. අසවල් රාජ්‍ය සමයෙහි පටන් මේ දේවල් සිද්ධ වුණා...ඒවා හරි නැති නිසානේ දැන් ඉන්න කට්ටියව පත්කරගත්තේ. පේන හැටියට කවුරුත් බලයට එන්නේ බඩවල් වඩාගන්න තමයි. වැරැද්දක් තියෙනවා නම් පිළිගන්නවා මිසක් ඊට කලින් බලයේ හිටි අයත් කළා කියන දේ අපිට අදාළ නැහැ. (නි)
අජිත්ට පුළුවන්නේ ඉතින් හැම කාර්යාලයකම කාර්යාල සහායක වෙන්න (නි)
මේවා කියවන අපිට තමා පිස්සු (බ)
කවුරුත් එකයි. ඌරෝ කැකුණ තලාවි.හබන් කුකුළෝ මඟුල් කාවි. අනේ..... ! අපිට තිබෙන ආදරයේ තරම! (නි)
මම හිතන්නේ ඔවුන් නිර්දෝශී ඇති (නි)
මෙයාලා මේ ඇඟිලි දෙකක් උඩට පෙන්නගෙන කොහෙද මේ යන්නේ? (නි)
අනේ අපේ පොලිසිය ගැන මට හරි දුකයි. (බ)
ආණ්ඩුව හැම දාම කරේ ජනතාව මුලා කරමින් නිතිය අතට ගැනීමයි. (බ)
බන්දුලට මාර අමාරුවක් තියෙන්නේ සන්දානේ ගැන. ප්‍රස්නයක් නේ අපිට. නමුත් රාජ්ජය දේපොළ කාටවත් අනවසරයෙන් පාවිච්චිකරන්න බෑ. පිස්සු තියෙනවනම් කාටහරි මනෝ වයිද්දවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න. (බ)
අපි ලංකාදීප පුවත්පතේ පිටරට පටක සන්සදය වෙනුවෙන් ඉල්ලනවා, බන්දුල පෙරේරා වගේ අයගේ ප‍්‍රතිචාර පලනොකරන ලෙසට. (බ)
බන්දුල පෙරේරා වගේ මිනිස්සු ඉන්න නිසා මේ ආණ්ඩුව හත් පොලේ ගාගෙන , අනිත් අයගෙත් ගානවා. (බ)
රජයේ දේපල පැත්තකින් තියන්න. සමහර ප්‍රධාන දේවාල වල පින් පෙට්ටියට සල්ලි දාන්නත් දෙපාරක් හිතන්න වෙනවා. ඒවා දෙවියන්ගේ කටයුතු වලට යෙදවෙනවාද කියලා දෙවියන්ම තමයි දන්නේ. (නි)
ලොකුම විහිලුව කියන්නේ දුෂණ වංචා හොයන්න රවින්ද්‍රන් කරුනනායගම් ගිය එක. අනේ අම්මප..(බ)
ශ්‍රීලනිප වෘත්තීය සමිතියෙන් බදු ඉල්ලුවා කියන්නේ බදු ගත්තා කියන එකම තමයි. හැබැයි වෙන වෘත්තීය සමිතිවලට එහෙම මේ සමීකරණය අදාළ නැහැ ඔන්න. (බ)
ඉහල සිට දෙවන පින්තුරේ ජයග්‍රහණය සංකේතවත් කරමින් වික්ටරි සයින් එක ලෙසට දබරැඟිල්ල සහ මැදගිල්ල ඔසවා පෙන්වන අය තුන්දෙනාගෙන් දකුණු පැත්තේ ඉන්න දෙන්නා නියම සඥාව පෙන්වන අතර වම්පස ඉන්න එක්කෙනා සංකේතවත් කරන්නේ කුනුහරුපයක්. ප්‍රසිද්ධියේ මහජනයාසහ මාධ්‍ය ඉදිරියේ කතා කිරීම පමණක් නොව හස්ත මුද්‍රා ගැනත් සැලකිලිමත් වීම වැදගත්. බටහිර රටක ඔය විදියට ඇඟිලි දෙක පෙන්නුවානම් මහජන සේවයෙන් ඉල්ලා අස්වෙන්න තරම් බරපතල දෙයක් තමා ඒ සංකේතවත් කරන්නේ.(බ)
හොඳ වැඩේ
දැන් මෙතන ප්‍රශ්නය රාජ්‍ය දේපොළ වල අනිසි භාවිතයය පිළිබඳවයි. එහෙම නැතුව සමහරු කියන විදියට 94 ට කලින් කළ දේවල්වත්,මේවා හොයන පුද්ගලයන්ගේ පැටිකිරිය හොයන එකවත් නොවෙයි. කලින් චෝදනා වලට ලක්වූ පුද්ගලයන්ට දැන් වෙන වැරදි වලට එරෙහිව කතා කරන්න අයිතියක් තිබෙනවා. මොකද ඔවුන් මහජන නියෝජිතයන් ලෙස මෙරටේ මහජනතාව විසින් පත්කර තිබෙන නිසා. (නි)
කඩේ යන්න වුනත් පත් කරගන්න ඕන මොකක් හරි කොලිටියක් ඇති මිනිහෙක්. මුළු ලංකාවේම පත්තර කියවන මිනිස්සුන්ගේ පොදු විකටයා වුන කෙනෙක්ව ඒකටත් පත් කරගෙන තියෙන්නේ. (බ)
ජනප්‍රිය වෙන්න ක්‍රම හොයනවා මේ ගොල්ලෝ , ඔය ඇඟිලි දෙක පෙන්නා සේමදම දිනුම පෙන්නා පෙන්නා ඉන්න වේවි , ඔය බංකොලොත් ක්‍රමය අත අරින්නේ නෙතිනම් (බ)
2 පින්තුරේ වම්ම් කෙලවරේ ඉන්න හාදය ඇගිලි 2න් පෙන්නන එක කුණු හරුපයක් මම ඉන්න රටේ නම්. නොදන්න දේවල් නොකර හිටියනම් හොදයි (බ)
බන්දුල ගේ බඩේ අමාරුවට බෙහෙත් නැහැ (බ)
බන්දුල පෙරේරා හිතාගෙන ඉන්නේ ජනාධිපති කියන්නේ ඒකාධිපතියෙක් කියලද?රජයේ දේපල පක්ෂයේ වැඩවලට යොදාගන්න පුලුවන්ද, තමන් ජනාධිපති උනා කියල. ඕවා ඔබ වගේ හොරිකඩ , හෙන්චයියල නීතිය අතට අරන් කරන ඔල මොට්ටල වැඩ. ඕව ජනාධිපතිතුමා දන්නවද කියල හිතන්නත් බැහැ. මොකද එතුමත් නීතිය හොඳට දන්නා නීතිවේදියෙක්. ඒක නිසා මහින්ද ජනාධිපතිතුමා ඒවගේ වැඩ කරන්න තරම් මෝඩයෙක් නොවෙයි කියල මට හිතෙනවා. (ස)
සැම්. ඔයාට හතලිස් අඳිරියද? (අ)
දුරදිග නොසිතන වැඩවල ප්‍රථිඵල තමා ඔය. (අ)
ආණ්ඩුවට හා බන්දුලට පමණයි දුෂනය සධාරණය කරන්න පුළුවන්. මගේ ජිවිතේ අවුරුදු 43 කදී දැකපු දුෂිතම කාලයයි මේ දකින්නේ (අ)
හරි හෝ වැරදි හෝ හැම දේටම එහෙයි කියමින් ඉන්න පුළුවන් කඩේ යන මිනිස්සුන්ටම තමයි. අපි නම් මධ්‍යස්ත මිනිස්ස්සු හැටියට මොන පක්ෂෙන් වැරද්දක් කලත් එ්ක වැරද්දක් හැටියට කියන්න බය නැහැ. හරියට පොරොන්දු වූ පරිදි රටට වැඩ කලේ නැති නම් ගිය පාර දුන්නා කියලා හරි මගේ හත් මුතු පරම්පරාවම අසවල් පක්ෂයේ කියලා හරි මම නම් ඡන්දෙ දෙන්නේ නැහැ. (ස)
පියුමි, මට හතලිස් ඇඳිරිය හැදිලා දැන් වසර දහයකටත් වැඩියි. නමුත් තාමත් හොඳට ඇස් පේනවා. මේ වගේ තමන්ගේ නොදන්නා කම ලෝකයාටම පෙන්වන මෝඩ කොමෙන්ට් එකක් දාන්න කලින් මම කියපු පින්තුරේ දිහා ඇස් පිහදාලා බැලුවානම් ඔයාටත් තේරේවි. අත්ල පිටතට හරවා දබරැඟිල්ල සහ මැද ඇඟිල්ල වී අකුරක් ලෙස පෙන්වීම වික්ටරි සයින් වන අතර අත්ල තමා දෙසට හරවා එම ඇඟිලි දෙක ඔසවා පෙන්වීම කුනුහරුපයක්. ඒක මොකක්ද කියලා මට පත්තරෙන් කියන්න බැහැ. අනුන්ගේ ඇස් පෙනීම ගැන හොයා බලනවාට වඩා තමාගේ දැනුම ගැන සොයාබලන්න. (බ)
බන්දුල කියන මනුස්සය මේ කියල තියෙන දෙයන් පේනවා මේ රටේ අනීතිය සිදුකරට කමක් න කියල.මේ මනුස්සය අපරාද පනත යටතේ ඇත අඩංගුවට ගන්න ඕන හරිනම්.. උපරිම දඬුවම් දෙන්න ඕන...මේ වගේ තිරිසන් විදිහට හිතන පදද මිනිස්සු තම මේ රට කන්නේ...වෙන රටක උනානම් මෙයට නඩු දල...මෙයට බත් පැකට් අකක් අරක්කු බාගයක් ඇහෙම දීල ඇති සඳන පෙළපාලියකදී.. ඔය කියවන්නේ...මානසික ලෙඩෙක්....(බ)
සෑම් මහත්තයෝ ..ඔය කියන ඈගිලි දෙකෙන් පෙන්නන්නේ සිංහල වී අකුර..එකෙන් කියන්න හදන්නේ ජනතාවට විහිලු සපයන්නෝ කියල..අර ආටක නාටක ඒකෙ නළුවෝ ටික මතක් වෙන්නේ නැද්ද බලන්නකෝ මෙයාල දිහා බැලුවාම.. (ස)
යු එන් පිය සෑම අසුචිවලවල් හාරා ගඳද කියා බැලීම තමයි පුරුද්ද. ආරේ ගුණ නැරේ කිව්වලු (බ)
වැඩක් ඇති දෙයක් කරන්න .මෝඩ වැඩ කරන්න එපා. (ස)
මෙතන අඟිලි ගැන ප්‍රශ්නයක් නෑ ඇඟිල්ල දික් වෙලා තියෙන්නෙ ආණ් ඩුවට මෙහෙම ගියොත් අපි ලෝකෙන්ම කොන් වෙනවා ඒකාන්තයි (බ)
බන්දුල පෙරේරා මහතා ඔබ දන්නවනේ බල්ලෝ උඩබිරැවට කඳු පාත්වෙන්නේ නැහැ කියලා, ඔබගේ කොමෙන්ට්ස් වලට බොහෝ අය කැමතියි. ඔබට ජය අපට සතුට . ජයවේවා ,සන්දානේ රජයටත් ජයවේවා (අ)
ආණ්ඩුවේ වැරදි හොයනවට දුක අයත් ඉන්නවා වගේ (දිල්)
සැම මහත්තය මෙතන ගැටලුව හස්ත මුද්‍රාව නෙවේ. ආණ්ඩුව කරපු තකතීරු වැඩේ, මෙහෙම පක්ෂ ග්‍රාහී වෙන්න එපා, භාරත ලක්ෂ්මන් , හසිත මඩවල එහෙමත් අන්තිමට වන්දි ගෙව්වා. අවනීතිය කාටත් භයානකයි, අද මට හෙට ඔයාට, ඔයා විධායකය නොවෙන තාක් කල් ඔයාටත් අවනීතිය බලපානව. (බ)
ආණ්ඩුවට හොඳ කනේ පාරක්. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මුළු රටම එයාලට ලියලා දීලා වගේ. ඔය පෙන්නේ නැද්ද බන්දුලගේ කොමෙන්ට්. ආණ්ඩුව ගෙදර ගිය දවසක බන්දුල වගේ අයට මොනවා වෙයිද? (බ)
බන්දුල පෙරෙරේ යනු ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාස කරන මහත්මයෙක් හැටියට මම දකිනවා මොකද ශ්‍රීලංකා වාසීන් වන අපි 1988 ,1989 ,1990, යන කාල වක වානුවෙහි ජේ වී පි මිනීමරුවන්ට බියෙන් තැතිගෙන හිටිය. අවුරුදු 30 ට වැඩි කාලයක් මිනීමරු එල් ටි ටි එකට මර බියෙන් හිටිය. අති ගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැති තුමාට පින් සිද්ද වෙන්න දැන් නිදහසේ ඉන්නවා. ඉතින් බන්දුල පෙරේරා මහතා වැනි බුද්දිමත් උදවිය උස්සහ කරන්නේ අපි ලබා ගත් නිදහස රැක ගන්න. එයට අපිද පුළුවන් ආකාරයකින් දායක වීම අපේ යුතු කම. (ස)
94 ට කලින් මෙහෙම වුනා කියලා සියලුම වැරදි සාදාරනය කරන්න පුලුවන්ද ?. එතකොට අනාගත එක්සත් ජාතික පක්ෂ රජයකින් කිව්වොත් සන්ධාන කාලෙත් මේවා වුනා කියලා ඒක හරිද ?. මෝඩ මිනිසුනේ ඕනෑම කෙනෙකුට කඩේ යන්න. එත් රට නිවැරදි මගට ගන්න හදන හතුරෙකුටවත් විරුද්ද වෙන්න එපා. එකෙන් විනාශ වෙන්නේ අපේ රටේ දරුවන්ගේත් මතු පරපුරෙත් අනාගතයයි. (ස)
සෑම් මහත්තයෝ එහෙම කුනුහරුපයක් වෙන්නේ ඇඟිලි දෙකක් නෙවෙයි ඇඟිලි එකක් ඉස්සුවොත් තමයි ඔයාට 40 නෙවෙයි 60 වුනත් සද්ද නැතුව ඉන්න. අනික බන්දුල කියන කෙනා කවදාවත් හැදෙන්නේ නැහැ.ඒ කඩේ යෑම නැවත වන්නේ කවදා හරි ......... වුනාම. (අ)
ඉතා හොඳයි ඔහොම යමු (බ)
ඔන්න උගතුන්ගේ වැඩ. (ර)
කාලෝචිත සංකේතය අපට පෙන්වන්නේ එක මහත්තයෙක් විතරයි. ඔව්..එහෙම තමයි කරන්න ඕනෑ මේ වැඩේ කරපු මිනිසුන්ට. (ස)
බන්දුල මහත්තයෝ ජනාධිපති යුද්දේ ඉවරකලා තමයි. එත් එහෙම කළා කියල ඕන දෙයක් කරනකල් කටවහගෙන ඉන්න ඕනද? ඔයාගේ පන්මල්ලට මොනාහරි වැටෙයි කඩේ යන නිසා එත් අනෙක් මිනිස්සු ? හරි දේට හරි කියල වැරදි දේට එරෙහි වෙන්න නැත්නම් ඔයාට කවදාහරි පන් මල්ලත් නැතිවෙයි . (ස)
මන්ත්‍රීවරයකුට රජයේ දේපළ පරීක්ෂා කිරීමට නීතියෙන් අවසර තිබෙන බව නොදන්නා මොඩය කවුද? (බ)
බන්දුලගේ ආදායම මාර්ගය වැරදි දේටත් එහෙයි කියමින් කඩේ යාම වෙන්න ඇති. ඒත් අපේ තාම ලජ්ජා නහරය කපලා නැහැ. (අ)
බන්දුල පෙරේරා මහතාව මානසික දොස්තර කෙනකුට පෙන්නා ප්‍රතිකාර කල යුතුය.(අ)
ජය වේවා! (නි)
මහත්වරුනි; බන්දුල පෙරේරා මහාතා ගැන අපි ආඩම්බර වෙමු. ඔහුගේ අදහස් වැරදි හෝ නිවැරදි වුණත් බොහෝ අයගේ අදහස් ප්‍රකාශ වන්නේ ඔහු නිසාය. යමක් පිළිබද එක්පැත්තකට පමණක් කරුණු තිබීමෙන් වඩාත් නිවැරදි දේ අවබෝධ වන්නේ නැත. සමහර විට ඔහු වැරදි දෙයක් ප්‍රකාශ කරන්නේ නිවැරදි තැනට අපිව ගෙනයාමට වෙන්නට පුළුවන.බන්දුල පෙරේරා මැති තුමාට ජයවේවා! (අ)
බය වෙන්න එපා හසිත මහත්තයෝ..මෙයාලගේ රජයක් ආවම ඕක මුලින්ම කපල දායි එහෙම එකක් තිබුනද කියලවත් හොයාගන්න බැරි වෙන්න..එතකන් ඔයාගේ ඔය නහරේ ප්‍රවේශම් කරලා තියාගන්න.. (ස)
මනමේන්ද්‍ර මහත්තය තාම ඉන්නේ නැට්ට නොකකපු සනුහරෙනේ. 88-89 වෙච්ච දේවල් නිවැරදිව දකින්නේ කොහොමද අද වෙනදේ සාධාරණව නොදකිනකොට පාට කන්නාඩි අයින් කරලා එකාලෙයි මේ කාලෙයි හරියට දකින්න. ඔයවගේ බොලද කතා කියල දැන් සමාජය රවට්ටන්න බෑ. (ස)
ආණ්ඩුව ලගදීම ඉල්ලගෙන කනවා !! (බ)
සෑම්, ඔබගේ කතාව හරියටම හරි, ඕක නොම්මර එකේ කුණුහරුප හස්ත සන්යාවක්, ඔය ලකුණ ඔස්ට්‍රලියාවේ ප්‍රසිද්දියේ කරොත් මොනවා වේවිද දන්නේ නැහැ. ලංකාවේ නම් වැරද්දක් නැහැ වගෙයි කට්ටියගේ අදහස් වලින් පෙන්නේ. (බ)
UNP එකේ ඔය ගිය මන්ත්‍රීවරුන්ගේ පාලන කාලේ අපරාද දුෂණ මුකුත් නැතිව ඇති...අනේ....මගේ කට....(අ)