අගලවත්තේදී සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුට ප්‍රසිද්ධියේ පහරදුන්නැයි සැකපිට පොලිසිය සොයමින් සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගනු ලැබීය.
කොළඹ කොටුවේ අපරාධ කොට්ඨාශ මූලස්ථානය ඉදිරිපිටදී ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ඇප , සිද්දිය සමතයට ඕනනම් වන්දියක් දෙන්න සුදානම් වරද පිළිගනී ..නීතිය ඔච්චරයි ,ගහපු එකා දිනුම් ප්‍රචාරය නොමිලේ.හෙටත් මන්ත්‍රී . යහපාලනයට මග (අ)
සරත් පියසේන, ඔබතුමා මොන දේශපාලන මතයක් දරනවද මම දන්නෙ නෑ. නමුත් හිතල බලන්න ඉස්සර ප්‍රසිද්ධියේ මනුෂ්‍ය ඝාතන කරල මට මතක නෑ කියල බේරිල ඉන්නව, මිනිස්සු ගස් බැන්ද මිනිස්සුන්ට කිසිම නඩුවක් නෑ. නමුත් අද ඇත්තටම වෙනසක් වෙලා. ඡන්දෙ ප්‍රතිපල අනිත් පැත්ත වුනා නම් මේ වගේ ගොඩක් දේවල් මේ වෙනකොට සිද්ධ වෙලා ඇති කිසිම කෙනෙක් හඳුනා ගන්නෙවත් නැතිව. ඇත්තටම වෙනසක් වෙලා. මේ වගේ පක්ෂ බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙන එක යහපාලනයක් නෙවෙයිද. (අ)
ධනුෂ්ක නියම කතාව. මේ අය ඔහොම නෙමෙයි කොහොම කිව්වත් රට යන අත ගැන අපිට සතුටුයි (නදී)
කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවනේ? (නි)
අතීතය මතක් කරලා බලන්නකෝ.ගොඩක් දේවල් මතක් වේවි (දිල්)
මේ මනුස්සයාගේ මුහුණේ නම් කිසිම මිනිස් ස්වරූපයක් ගෑවිලාවත් නැහැ. බාහිර පෙනුමෙන් ඇතුලාන්තය කිව හැකියි. මෙවැනි මිනිසුන්ගේ තනතුරු වහාම අවලංගු කල යුතුයි නැවත කිසිදාක ඡන්දයකට පෙනී සිටීමට නොහැකි අයුරින්. (නදී)
හොදයි දනුෂ්ක, ඔබලා බලය දුන්නේ යහ පාලයකට නේද? අයි මේ. . මම කියන්නේ නැහැ මීට කලින් සිදුවූ සිද්ධීන් හරි කියලා. ඒ සිදුවූ සිද්ධීන් වැරදි නිසානේ කොයි කව්රුත් මේ විධියට ජන්දේ දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට. ඉතින් ඒ ඇයි ? මෙයිට වැඩිය දේවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කළා. ඔහු ම්ලේච්ඡ සහ තිරිසන් විධියට මනුස්සයකුට පහර දෙන්නේ. එ්ක හරි කියලද ඔබ සාධාරණීය කරන්න හදන්නේ? එජාපයේ අයට අසාධාරණක් වුනා ඒ කාලයේ කියල දැන් දඩුවම් කලයුතුයි කියල සිවිල් ජනතාව නීතිය අතට ගැනීම හරිද? නිකන් මෝඩ කතා නොකිය ඉන්න. මේ කොමන්ට්ස් දමනකොට හරි විධියකට සාධාරණ විධියකට හා තර්කානුකූලව අදහස් පලකලොත් අනෙකුත් පාඨකයනටද යහපතක් වනබව නම් මට හැගේ. (නදී)
දනුෂ්ක කියන කතාව ඇත්ත. අනිත් පැත්ත බලයට අාවනම් දැන් හුග දෙනෙක් ජම්පර් අදිනවා. සරත් ඔයාට මතකද සරත් ෆොන්සේකට වෙච්ච දෙය (නදී)
අපි බලමු තනතුරු අත්හිටුවල විනය පරීක්ෂනයක් කරයි ද කියලා? (ර)
මේ වගේ අය දේශපාලනයෙන් අයින් කළ යුතුමයි (නදී)
කෙළින්ම හිරගෙදරට යැවිය යුතුයි (නි)