(අංජුල මහික වීරරත්න)
මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතනවල ආයතන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව මේ වන විට වැඩිම මන්ත්‍රී පිරිසක් නියෝජනය කිරීමෙි අවස්ථාව එක්සත් ජාතික පක්ෂයට හිමිවී තිබෙි.
මේ වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල දෙවැනි ස්ථානයට මන්ත්‍රීධුර හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
පළාත් පාලන මන්ත්‍රීවරුන් පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයට තිබූ බලය අඩු වී ගියද මෙි වන විට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1500 කට ආසන්න ගණනක් නැවත එක්සත් ජාතික පක්ෂය නියොජනය කරතියි ද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
පැවැති මැතිවරණවලදී සමගි ජන බලවේගයට සහය දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරියේදී යළිත් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතව සිටින බව කී රංගෙ බණ්ඩාර මහතා තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කෙරුණු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට සුදුස්සන් නම් කිරීමේ කටයුතු ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇතැයි එජාප මහලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අය එජාපයේ ඉන්නේ ඊළඟට ඡන්දෙ එනකං විතරයි. මන්ත්‍රීකම රැකගන්න යොදපු උප්පරවැට්ටියක්...
ගෙම්බන්ට නැවත නැවත අවස්ථාව දෙන එකනේ වෙන්නේ... ඡන්දය දුන් පාක්ෂිකයා තවදුරටත් පක්ෂයෙන් ඈත්වෙන එකයි වෙන්නේ. ගිය අය පන්නාදැමිය යුතුයි. ඇයි තව තරුණ සාමාජිකයින් නැද්ද පක්ෂයේ?
ඊළඟ ඡන්දය එනකොට බලාගන්න පුළුවන් ඔවුන් සේරම කොහෙද ඉන්නේ කියලා. දැන් රනිල් ආවෙන් පසුව පාර්ලිමේන්තුවත් තර වෙලානේ. ඊළඟට ඔහු අගමැති. ඔහොම ගියොත් ජනාධිපති.