
(අංජුල මහික වීරරත්න)
රටෙි මූල්‍ය අර්බුද විසඳා ගැනීමට වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නැයි එජාප නායකයා පැවසූ විට මරාගෙන මැරෙන්නට හැදූ අය දැන් කියන්නේ මොකක්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය.
පහුවෙලා හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නට මුදල් ඇමතිවරයා ගත් තීරණය නිවැරදි බවද එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කළේය.
"අපි කියන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මේ ඩොලර් අර්බුදය විසදා ගන්න කියලයි.
මහ බැංකුවට ඩොලර් නෑ. බොරුවට ඩොලරය හිරකරගෙන ඉන්නේ නැතුව කලු කඩේ ගානම බැංකු හරහා දුන්නා නම් විදෙස් ශ්‍රමිකයන් බැංකුවලට මුදල් එවයි. එහෙම කළොත් මහ බැංකුවේ මුදල් සංචිත ඉහළ යනවා යනුවෙන් ද කොළඹ පැවැති තරුණ හමුවකදී විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි. හක්ක පුපුරලා බොක්ක පිට පැනලා, කුජීතවෙලා යනකම් ඉන්න වෙනවා.
මේ යුද්ධය දිනන්න බැහැ. ප්රභාකරන්ට උතුරේ පාලනය දෙමු කිව්වා.. ගොයියා අයි.එම්.එෆ් යමුයි කියන කොට පැනලා දෙන මිනිහා කවුද? ඔය ගොල්ලෝම මිසක්. කව්රු කිව්වත් ඒවායේ ආදීනව හිතන්න ඕනේ. ඡන්දේ ළංවෙන කොට කියයි රට තවත් ණය කළා කියලා. අයි.එම්.එෆ් යන එක අපේ පළවෙනි විසඳුම නොවෙයි. ඒක තමයි අන්තිම විසඳුම... ප්රභාකරන්ට උතුරේ පාලනය දීම ඔයගොල්ලන් යුද්ධය නිමා කරන පළවෙනි විසඳුම කරගත්තා... එකට ජනතාව ඉඩ දුන්නා නම් අද කොහොමද?