(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම මෙම කමිටුවට පැවරෙන ප්‍රධාන රාජකාරියක් වේ. ඊට අමතරව පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද මෙම කමිටුව හරහා සිදු කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මෙහයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන,සිරිකොත විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් මහත්වරුන් පත් කර තිබේ.
මේ කමිටුව හා එක්ව වැඩ කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.
මැතිවරණ මෙහෙයුම් කටයුතු කිරීමට ස්ථානයක් තෝරා ගන්නා ලෙස උපදෙස් දී ඇති ජනපති මැතිවරණ මෙහෙයුම් කටයුතු කළමනාකරණය ගැන සැලසුමක් දෙන ලෙස ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ඡන්ද 100ක් නැහැ ආසනයක... මොන මැතිවරණද? මෙදා කවුරු ආවත් අබ සරණයි. වරෙල්ලකෝ මෙහෙයුම් කමිටු හදාගෙන...
වැඩක් නෑ.ලෝකයේ ඉන්න දක්ෂම කෙනා පත්කළත් මිනිස්සු unp එකට ඡන්දෙ දෙන්නේ නෑ...
මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් ඡන්දෙ නැතිවුණු කෙනෙක් දාන සෙල්ලම්. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලත් හිතෙනවා...
මොන කොමිටි දැම්මත් ඔක්කොම ගෝ හෝම් තමයි...!
කකුල් කැඩුණු වයෝවෘද්ධ අශ්වයින් වෙනුවෙන් ඔට්ටු අල්ලන්නේ කවුද?
එතකොට සාගලට ගෙදර දොරේ වැඩකටයුතු විතරද?
මෙහෙම හරි ආරංචියක් ලැබුණු එක ඉඩෝරයට වැටුණු වැහි පොදක් කියලා අපේක්ෂාවෙන් බලා ඉඳිමු. හැබැයි ඉතින් ජනාධිපතිවරණය තියෙන්නේ මේ මෙහෙයුම සාර්ථක වුණොත් විතරයි....
අපිත් මේ දත කට මැදගෙන බලන් ඉන්නේ ඔයාලා එනකන් තමයි... !
පව්, ජනාධිපති නීතීඥතුමා... නිකන් නම සවුත්තු කරගන්න හදන්නේ..? ඡන්දෙ පැරදුණාම කුණු නාමේ අහගන්නත් වෙනවා...!