‘එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රිලනිපය දිනවන්නට පක්ෂ නායකත්වයට හැකියාවක් තිබෙනවා. එහෙම නොවෙනවා නම් පාක්ෂිකයින්ගේ ඉල්ලීම පරිදි ශ්‍රිලනිසයේ මන්ත්‍රීවරුන් හැටියට අපට තිරණයක් ගන්නට සිදුවෙනවා‘ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද (21) පැවසීය.
එජපායේ ඔඩොක්කුවේ ඉදගෙන නම් ශ්‍රී ලනිස දිනවන්නට නොහැකි බවද බොරැල්ලේ ආචාර්ය ඇන් එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අයිතිය ගැන, බොදු අයිතිය ගැන හිතපු ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ ශ්‍රීලනිපය දැන් නැහැ. නමුත් විදේශීය පදයට, කොටි හිතවතුන්ගේ පදයට නටන්නේ නැති පාලනයක් තිබිය යුතුය. කළ වැරදි නිවැරදි කරගෙන , සුළු ජාතියක් බවට පත්වෙමින් සිටින සිංහලයාගේ අනාගතය රැකෙන පරිදි කටයුතු කිරීමට නායකයා පොළඹවාගෙන මැතිවරණයට ඉදිරිපත්වෙන්න. (නි)
අපිට අවශ්‍ය ශ්‍රී ලාංකික ජනතාව දිනවීමට මිස පක්ෂ දිනවීමට නොවේ. (නි)
නව ප්‍රබල දේශපාලන පක්ෂයක අවශ්‍යතාව දැන් නම් හොඳටම දැනෙනවා. (නි)
ජනතාව හරි තීන්දුව ලබා දෙයි.(හේ)
පක්ෂ දිනවන්න මිනිසුන්ට අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය වෙන්නේ රට සංවර්ධනය කිරීමයි (නි)
නිමල් ලාලිත, ඔයා රැවටිලා. සිංහලයා ගැන හරියට දැනගන්න ජාතිකමතය කියන්නේ මොකද්ද කියලා බලන්න.. (නි)
කතාව ඇත්ත (නි)
එනපොට හොඳ නැහැ. යහපාලනය අනතුරේ (නි)
ගම් මට්ටමේ අද ශ්‍රීලනිපයක් නෑ,ඒක දැන් බෝඩ් එකක් විතරයි,පක්ෂේ සාමාන්‍ය සාමාජිකයන් ඔක්කොම කලකිරිලා ඉන්නේ,ඡන්දයක් තිබ්බොත් ඔය පක්ෂේ නායකයන්ට රෙදි ඇදගෙන යන්න බැරි වෙයි.(හේ)
දේශපාලන පක්ෂවල මන්ත්‍රී හා මැති ඇමති වරුන්ගේ ඔඩොක්කුවල හුරතල් වෙන මෝඩ ජනතාවක් හා ආගමික නායකයින් සිටිනතාක් කල් මේ රට ගොඩ ගන්න බැහැ. දේශපාලන උම්මන්තකයින් සිටින රටක් මේක. මොකා ආවත් ඔච්චර තමයි.(හේ)
අපි යහපාලනයට විරුද්ධයි. මේ පාර ඡන්දේ දෙන්නේ ටීඑන්ඒ එකට (නි)
ශ්‍රී ල.නි.ප.ය. දිනවීමට නොව මාතෘ භූමිය බේරාගැනීමට නව බලවේගයක් ගොඩනැගිය යුතුයි. එසේම දේශද්‍රෝහී කණ්ඩායම් සමග අත්වැල් බැඳගත් කිසිවෙක් එයට එක්කර නොගත යුතුයි. (නි)
මට නම් කිසිම දේශපාලකයෙක් ලංකාව ගැන හිතලා කටයුතු කරනවා පෙනෙන්නේ නැහැ. ඔක්කොම හිතන්නේ තමන් ගැන විතරයි. අපිත් ඔවුන්ට අත්පුඩි ගහ ගහා ජීවත්වෙනවා. සිරි ලංකාව තමයි මේක... (නි)
යහපාලනයට තාම කඩේ යන අය කියන්න අද රටේ ආර්ථිකය එදාට වඩා හොඳද? ඩොලර් එක දැන් කීයද? රටේ විදේශ සංචිතය, කොටස් වෙළඳපොල කඩා වැටිලා නැද්ද? වාහන ගණන් ගියේ නැද්ද? අද රටේ ජනතාව කාලා බීල සතුටින් ඉන්නවද? (නි)
ඔඩොක්කුවේ ?. එජාප ඔඩොක්කුවේ වත් අලියා පිට උඩින් ගියත් හිටපු දේශපාලුවෝ ඉන්නකම් ශ්‍රීලනිපය දිනවන්න බැරි බව ඉර හඳ පායනවා වගේ සහතිකයි. එතකන් ජනතාව විසින් බලයට පත්කර තිබෙන වර්තමාන රජයට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න....කුහකයන් නොවී !!!!! (අ)
දිනවන්න ඕනේ එක එකා ගසා කන්න පාවිච්චිකරන පක්ෂ නෙවේ. ජනතාවයි. ජනතාව මේ අයගේ අරමුණ ගැන තේරුම්ගන්න (අ)
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා. ඔන්න කෙළින්ම කිවුවා (නි)
ශ්‍රීලංකා එකට විරුද්ධව වැඩකරලා යූඑන්පීය දිනවපු අයට පුළුවන්ද දැන් ආයෙත් මේ පැත්ත දිනවන්න වැඩකරන්න? (නි)
යහපාලනයට කඩේ යන අයගේ අදහස් ටිකක් ලියන්නකෝ මොනවාහරි. ආසයි කියවන්න. (නි)
දැන් ඔය යහපාලනයට කඩේ යන්නේ නැති අයට ඡන්දෙ දාන්න පක්ෂයක් තියෙනවද? (නි)
හොඳ වැදගත් අය ඉදිරිපත් කිරීමෙන් පක්ෂයට අනාගතයක් තිබෙනවා. (නි)
දැන්නම් පක්ෂය පිරිසිදු කරගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා (නි)