එච්.අයි.වී ඒඩ්ස් (රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ) රෝගයේ බරපතලකම ගැන මාධ්‍ය මඟින් නිරතුරුවම දැනුවත්වීම් සිදුකළද 2016 මුල් කාර්තු තුනේ දී ආසාදිත වුවන් 193 දෙනෙක් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ප්‍රතිකාර සඳහා පැමිණ ඇතැයි වාර්තාවේ.
පළමු කාර්තුවෙදී එචී.අයි.වී ආසාධිතයන් 68 දෙනෙක් ද දෙවන කාර්තුවේ දී 59 දෙනෙක් සහ තෙවැනි කාර්තුවේ දී රෝගීන් 66 දෙනෙක් වශයෙන් සොයාගෙන ඇත.
1986 වසරේ දී පළමු එච්.අයි.වී.ඒඩ්ස් අසාධිත රෝගියා හමු වීමෙන් පසු 2016 වසර වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 4200ක පිරිසක් රෝග වාහකයන් ලෙස සමාජයේ සැරිසරන බවද සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.
වාර්ෂිකව තමාට එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට ලක්ෂ දහයක් දෙනා රුධිර පරීක්ෂාවට ලක්වන බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන්මම කිව්වා, මේ උවදුරත් එක්ක යහපාලනය ගාවාගන්න නම් එපා කියලා. නව පාලනයෙන් නිදහස ලබාදුන්නේ සමලිංගික හෝ අයථා ලිංගික සම්බන්ධතාවයන් වැඩිදියුණු කරන්න නොවෙයි කියලා පොඩි ළමයෙක් වුණත් දන්නවනේ. (නි)
ගණිකා වෘත්තිය නීතිගත කළා නම් ඔය ප්රශ්නය ටිකක් විසඳෙනවා (නි)
දීපා, අපේ ලංකාව ප්‍රසිද්ධ නීතියෙන් තහනම් කරන දේවල් කඩකරලයි. බටහිරයන් හිතන්නේ ලංකාව දෙවියන් විසින් මැවූ ප්‍රථම මිනිසා වූ ආදම් සහ ඔහුගේ සහකාරිය වන ඒව වාසය කළ උද්‍යානය කියා. ලංකාවේ මිනිස්සු ඉතින් ඒ දෙන්නගෙන් පැවත එන අයනේ. (නි)